Thursday, August 9, 2012

ආලෙන් වෙලා ගන්න(Athula & Samitha)









ආලෙන් වෙලා ගන්න කෝලම් කළා 
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා 
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා 
ඔබ සායම් මකාලන්න වෑයම් කළා 





මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා

ඔබ කළා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා පෙම් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා


පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ


ආලෙන් වෙලා ගන්න......



9 comments:

  1. මම කැමති අලුත් සින්දු අතලොස්ස අතරින් එකක් තමා මේක.

    ReplyDelete
    Replies
    1. මමත් ආසම සින්දුවක් මේක...ආයෙත් එන්න අයියේ

      Delete
  2. මාත් ආසම song 1ක් තමයි මේක.....ලස්සන meaning 1ක් තියෙන..හදවතට දැනෙන song 1ක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්ක්ස් මගේ යාලුවා ආවට...ආයෙත් එන්න.

      Delete
  3. සමහරක් විට අතූල , සමිතා කියන කියන අන්තිම එක වෙයි මේක.

    සින්දු විතරක් නෙමෙයි , ඒ සින්දු ගැන හිතෙන දේ , සමීපවෙන විදිහ,

    වෙන දේවල් ගැන උනත් ලියුවානං හොදයි.

    ( සොරි, අදහසක් පමණයි)

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරි අයියේ...මම දැන් සින්දු විතරක් නැතුව එක එක වැඩ කෑලිත් දාන්න කල්පනා කළා...ආයෙත් එන්න අයියේ

      Delete
  4. අර ෆොටෝ එකේ ඉන්න ගෑණු ළමයගේ කකූලේ තූවාලය ලස්සනයි නේ.

    බොබ් මාලේගේ ෆොටෝ එක මේකට ගැලපෙන් නෑ නෑ වගේ නගේ.

    ReplyDelete
    Replies
    1. නගේ නෙමෙයි මලේ

      Delete
    2. බොබා ගේ ෆොටෝ එක දැම්මේ නිකමට....හරි නෑ වගේද?අයින් කරන්නම් අයියේ..තැන්ක්ස් මට මේවා කියලා දෙනවට

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps