Tuesday, August 28, 2012

මන්ද බුද්ධික කවුද?


මේ කතාව ලියන්න හිතුවේ අද කාලෙට ගොඩාක් ගැලපෙනවා කියලා උමාට හිතුන නිසයි..

මේක මට ඇහුන කතාවක් අහලා නැති අයට දැන ගන්න ලියන්නම්.

දවසක් මන්ද බුද්ධික ළමයි අතරේ තරඟයකට  6 දෙනෙක් දුවන්න ඉදිරිපත් උනාලු.
6 දෙනාම වෙලාවට දුවන්න පටන් ගත්තලු.
දුවද්දී එක ළමයෙක් වැටුනලු....

මොකද වෙන්න ඇත්තේ අනිත් අය දුවන්න ඇති නේද?


නෑ ඒ සාමාන්‍ය මිනිස්සුනේ.

අනිත් 5 දෙනා අයෙත් හැරිලා ආවලු වැටුන කෙනා ලඟට.
ඇවිත් 6 දෙනාම අත් අල්ලගෙන දිවුවලු...
බලන හිටපු කිසිම කෙනෙක්ට අදහ ගන්න බැරි වුනාලු..
අන්තිමට තීරණය උනාලු 6 දෙනාටම රන් පදක්කම් ලබා දෙන්න.

පොඩ්ඩක් හිතන්න යාලුවනේ...කවුද මන්දබුද්ධික  අපිද එයාලද?

අපේ අය දුවද්දී මෙහෙම දෙයක් උනානම්...
ඌට මොනවා උනත් අපිට මොකෝ කියලා පන කඩාගෙන දුවනවා නේද රන් පදක්කම ගන්න?

මෙන්න යාලුවනේ මනුස්සකම...
ඇයි අපේ අනිත් අයටත් මේ මන්දබුද්ධික ළමයින්ට දැනුන ඒ මනුස්සකම දැනෙන්නේ නැත්තේ..?

මේක බලලා සමහර අය මට බනියි මට පිස්සුද කියාලා...

එත් මොලේ තියෙන මගේ යාලුවනේ..හිතන්න කවුද මන්ද බුද්ධික?

මේක මට ඇහුනේ ශ්‍රී f.m  එකෙන්.බස් එකක ගමනක් යද්දී තමයි..මම කල්පනා කළා ගොඩාක්.ඔයාලත් හිතන්නකෝ පොඩ්ඩක්

12 comments:

  1. අපි ඔහොම උනාට උන් එහෙම නෑ උමා

    ReplyDelete
    Replies
    1. ඔයාලනම් එහෙම නෑ අයියේ...මම කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන....

      Delete
  2. ඔන්න මමත් මේ පැත්තට ආවා... ලියන අකුරු පැහැදැලිව කියවන්න පුලුවන් වෙන්න ලියන්න... මේ පෝස්ටුවෙ සමහර තැන් කියවන්න අමාරුයි... ඉස්සරහට ඒ දේවල් හදාගන්න...

    අපි ගොඩාක් වෙලාවට මිනිස්සු මනින්නෙ පිටින් තියෙන පෙනුමට... කුඩ්ඩෙක්, ගංජා කාරයෙක් කියලා හිතන මිනිස්සු ළග දෙවියන් බදු ගතිගුණ තියෙන්නත් පුලුවන්... ඒ නිසා බාහිර පෙනුමෙන් මිනිසුන් මැනීම අසාර්ථක වෑයමක්...

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ ඔයා හරි...තැන්කූ අයියේ කිවුවට මොන වගේ තැන්ද කියවන්න අමාරු?අයෙත් එන්න අයියේ....

      Delete
    2. මන්ද බුද්ධික කවුද ?

      පේළියට යටින් තියෙන කොළ පැහැති අකුරු කොළ පැහැතිම පසුබිමේ කියවන්න අමාරුයි... පෝස්ටුවක් ලියනකොට වඩා ඉස්මතු කල යුතු තැන් සදහා පමණක් වර්ණ වෙනස් කර භාවිතා කලොත් හොද ප්‍ර‍තිඵල ලැබේවි.

      Delete
    3. තැන්කූ සිරෝ....ඔන්න හැදුවා..දැන් හරිද කියන්නකෝ

      Delete
  3. ආදර්ශමත් කතාවක්. හුඟක් දෙනෙක් ලඟ තියන්නේ මනුස්සකමින් තොර කෘතිම බුද්ධියක් නේ. අද කාලේ තියන ගොඩක් ප්‍රශ්ණ වලට මුල මිනිස්සු ලඟ මිනිසත් කමනැති වීම. බහුතරයක් දෙනා හඹා යන්නේ මූල්‍යමය වටිනාකම් පසුපස පමණයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව අයියේ....දැන් හැමෝම හොයන්නේ සල්ලි විතරයි...සල්ලි තමා ගොඩ දෙනෙක්ගේ ජීවිතේ...තැන්කූ ආවට අයියේ..අයෙත් එන්න

      Delete
  4. බුද්ධිය නැතිකම කියල අපි කියන්නේ අපි ජීවත්වෙන විදිහට ඉන්න බැරිකමටයි.. එහෙම බුද්ධිය නැහැයි කියන දරුවන් අතරේ විතරක් නෙවෙයි වැඩිහිටි මිනිසුන් අතරෙත් දේව ගති තියෙනවා. එක ඇත්ත කියල මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ....ආයෙත් එන්න...ඔයා මරුනේ...

      Delete
  5. Fine way of telling, and nice paragraph to obtain facts regarding my presentation topic, which i am going
    to present in college.

    Also visit my webpage :: hallux limitus

    ReplyDelete
  6. Generally I don't learn aricle on blogs, howevr I would like to say
    that this write-up very compelled me to check out annd do it!
    Youur writing taste has been surprised me. Thank you, quite great post.


    My site: internet issues today

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps