Friday, August 10, 2012

සැරයටියෙන් අපි(Wijaya kumathunga & Latha Walpola)

සැරයටියෙන් අපි(Wijaya kumathunga & Latha Walpola)

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ


මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එළඹෙන දා
කුළුඳුල් නැකතින් හමුවන පැතුමන්
පතනෙමි සසරෙන් නික්මෙන දා

සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පේමය සිතා
ඔබ නික්මුව මේ සංසාරේ
උපදින බව මතු සංසාරේ

ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොවැ අප හමුවුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිවම එද්දිය හමු වුයේ

මින්පසු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙන සේ
ඉන්නෙමි පසුපස සංසාරේ
උපදින උව මතු සංසාරේ

සැරයටියෙන් අපි..........//

7 comments:

  1. මේක නම් මම් ආසම සින්දුවක්

    ReplyDelete
    Replies
    1. එකනේ අයියේ මම ලිවුවේ....අයෙත් එන්න....

      Delete
  2. ඉස්සර මට ලැබුන ලව් ලේටර් එකකත් තිබ්බා. ඔව්වත් ලියලා කියලා අන්තිමට කෙලියා

    ReplyDelete
    Replies
    1. ලවු කරද්දී ඉතිං කියන්නේ නැති දෙයක් නෑනේ අයියේ...ඉර දෙන්නම් හඳ දෙන්නම්...මල සමයං නේද...? ඒවා වැඩක් නෑ..ආයෙත් එනවනේ?

      Delete
  3. අපි කිව්වෙ එකට යමු කියලා නෙවෙයි, එක හමාරට යමු කියලා. අපිට ඉස්කෝලෙ ඇරුනෙ එක හමාරට :)

    ReplyDelete
  4. අන්න බොරුවක් කිවුවා නේද?අයියලා යන කාලේ ඉස්කෝලේ ඇරුනේ 2 ට නේද?........

    ReplyDelete
  5. මේකේ පොඩි අඩුවක් තියනවා බන්

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps