Saturday, September 8, 2012

ප්‍රේත ආත්මය



හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ගෙන්වන ලද ප්‍රේත ආත්මයක් වීඩියෝවට නගා ඇත. මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි.


කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවෙත් කෙරෙහි අවධානය යොමුකොට ඇත.


එම ප්‍රේතිය පියවි ඇසට පෙනෙන හා නොපෙනෙන ආකාරයට ගෙන්වාගත හැකි අතර කුමාරසිරි මහතා විසින් ප්‍රේතිය පියවි ඇසට පෙනෙන ආකාරයෙන් ගෙන්වා ගෙන ඇත.

කැමරාවේ පටිගත වූ දර්ශන වලට අනුව මේ ආත්මය පුර්ණ මිනිස් රුවකට සමානය. නිර්වස්ත්‍ර දේහය හුණු ගෑ ලෙසකින් දිස් වෙයි. පපු ප්‍රදේශය කාන්තාවකගේ හැඩයකින් යුක්ත වන අතර බිම දක්වා වැදුණු කොණ්ඩය අතින් ගෙන ඔඩොක්කුවේ තබාගෙන දොලපිදේනිය දෙස බලාගෙන භාවනා කරන අයුරු දැකගත හැකිය.


කුමාරසිරි මහතා විසින් එම ප්‍රේතිය දින දෙකක් බන්ධනය කරගෙන සියලු විස්තර අසාගෙන ඇත. ප්‍රේතයෙක් බන්ධනය කිරීමෙන් බොහෝ දේ කළහැකි බව පැවසේ.


වර්තමනයේ සිටින ඇතැම් වෙදදුරන්ට රෝගියෙකු හෝ කිසියම් පුද්ගලයෙකු පැමිණි විට ඔහු පිලිබඳ සියලු විස්තර දිවසින් මෙන් කීමට හැකිවන්නේ බන්ධනය කරගත් ප්‍රේතයන් විසින් ඒවා බන්ධනය කල පුද්ගලයාට මුමුනණ බැවින්යැයි පොත්පත්වල සඳහන් වේ.


*කර්ණමුන්ඩිය වීඩියෝ ගතවූ ආකාරය පහතින් බලන්න*



මෙය  සත්‍යයක්ද?...පුංචි කමෙන්ටුවක් දාලා යන්න මගේ යාලුවනේ

9 comments:

  1. අමනුෂ්‍යයින් ගෙ ශරීර සියුම් කියලයි කියන්නේ. ඒක නිසා අපේ ඇහට පේන්නෙ නෑ. ඒ අයට පොලව, ගස් ගල්, වායුගෝලය බිත්ති වගේ ඕන එකක් හරහා යන්න පුළුවන්.ආලෝකය වීදුරුවක් හරහා යනවා වගේ. සමහර වෙලාවට ඒ අය සියුම් ශරීරය දැඩි බවට පත් කර ගන්නවා ලු. එහෙම වෙලාවට සාමාන්‍ය කෙනෙකුට දකින්න පුළුවන්. එහෙම අවස්ථා විරලයි. රහතන් වහන්සේලාට නැත්නම් මාර්ගඵල ලබපු අයට නම් ඕන වෙලාවක පේනව කියලයි කියන්නේ.

    යන්ත්‍ර මන්ත්‍ර දන්න අයටත් එහෙම හැකියාවක් ඇති. මම අහලා තියන විදිහට නම් එවැනි අමනුෂ්‍ය කොට්ඨාශ බන්ධනය කිරීම පාපයක්. ඒ අයට පින් අනුමෝදන් කිරීමයි කරන්න ඕනි.

    … හොඳ ලිපියක් මල්ලි.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු මගේ අයියේ.....පිස්සු හැදෙයි කිවුවලු...කොහෙන්ද මේවා ඉගෙන ගත්තේ?

      Delete
  2. මම නං දන්නේ නෑ පුතේ මේවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි රජතුමනි අපේ පැත්තට ඇවිත් දුක සැපවත් බලලා යන්න ආවට....ආයෙත් එන්න...මම මොනවා හරි කෑමක් හදලා දෙන්නම්කො

      Delete
  3. පෙරේත කතාවේ ඇත්ත නැත්ත කොහොම වෙතත් අර දේවාලේ මාන හොඳට ගරනවා ඇති අපේ මෝඩ වහන්සේලාගේ සල්ලි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියේ...අපේ මෝඩයොත් යනවා ඉතින් උඩ තියාගෙන,,නේද?.......තැන්කූ අයියේ ආවට...ආයෙත් එන්න

      Delete
  4. Replies
    1. මොකේද අක්කියෝ වරදක් නැත්තේ...?පොස්ට් එකේද?නැත්නම් ප්‍රේතියද?

      Delete
  5. බොරුත් නෙමේ ඇත්තත් නෙමේ 50 50 :p

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps