Sunday, October 28, 2012

පෙම් හසුන 2

අනේ මන්දා..වෙනස් විදිහේ දෙයක් ලියන්න ගියපු උමාට...ආයෙත් ඒ වෙනස වෙනස් කරන්න වෙලා...මතකයිනේ උමා මීට කලින් පොස්ට් එකේ දාපු කතාව...මතක නැද්ද?.....
.
.
මෙතනින් බලන්නකෝ..

මේ කතාවේ කතා නායකයා උනේ...අශෝක විද්‍යාලයේ පුංචි මල්ලි කෙනෙක්...ඒ කතාව දැනගද්දීනම්
එයාගේ නම දැනගෙන හිටියේ නෑ..ඒත් දැන්නම් දන්නවා..එයා තමයි කොළඹ අශෝක විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි නෑ නම ඕන නෑ......
.
.
මේ ඉන්නේ එයා තමා..
.
.
.
.
.
.
.
.
හික් හික්.....ඒක අයින් කළා.......

මේවා දාලා තිබ්බා...මම ඒවා අයින් කළා.......මොකද ඒවා එයාගේ පෞද්ගලිකත්වයට හරි නෑනේ..
නේද?


මෙයා ලියපු සින්දුව තමා තීක්ෂණ අනුරාධගේ මං ආසයි හිනාවෙන්න
කියන සින්දුව..ඒ අපි හිතපු විදිහනේ...
ඒත් මේක ඇත්තටම ලියලා තියෙන්නේ මෙයා නෙවෙයි....තාම හරියටම ලියපු කෙනාව නම් හොයාගෙන නෑ...නමුත් මේක මීට අවුරුදු 6 කට විතර කලින් ඉඳන් තිබ්බ එකක්...මේ සින්දුව පුංචි පූස් පැටියෙක් ඉන්න චායාරූපයක පසුබිමේ ලියලා 2006 වසරේ ඉඳන් face book,E mail  හරහා පැතිරුණ එකක්...

මෙයා කරලා තියෙන්නේ පුංචි වෙනස් කිරීමක් විතරයි....
.
.
.මේ තියෙන්නේ ඒ පරණ පින්තූරය

මෙයා මේ සින්දුව වෙන කෙනෙක්ගේ කිවුවනම් මෙයාට එදා අර ප්‍රින්සිපල් ගෙන් ලැබෙන්නේ මේ වගේ දඬුවමක් නෙවෙයි කියලා දැනුන මෙය බොරුවට තමා මේක මෙයා ලියපු එකක් කියලා තියෙන්නේ...ඒත් දැන්.....මෙයා මුළු රටේම බොරු කාරයෙක් වෙලා....


මේ මල්ලිට අර එයාගේ  ආදරවන්තිය සින්දුවක් ලියලා ජනප්‍රිය උනාට පස්සෙනම් කැමති වෙන්නත් ඇති...ඒත් දැන්.....සමහර විට එයා නැතුවත් ඇති දැන්.....ඒවා වැඩක් නෑ අපිට...

මේ කතාව කිවුවේ අර මල්ලිට නිග්‍රහ කරන්න නෙවෙයි...
බොරුවට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ කියන්න.

එහෙම නේද මගේ යාලුවනේ.............?

ආයෙත් කියනවා මම මේ කතාවෙන් අදහස් කලේ මේ මල්ලියාට නිග්‍රහ කරන්නනම් නෙවෙයි....බොරු කියද්දී මේකත් හිතන්න කියන එකයි මට කියන්න ඕන වුනේ....



15 comments:

  1. කතාවේ ඇත්ත නැත්ත මං දන්නේ නැ.මේක ඇත්තනං මලයට තිබුණා ඒක ප්‍රසිද්ධියේ කියන්න. මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරද කියන දීපිකාගේ සිංදුවටත් ඔය ගැටලුව ආවා.ඒත් නුවන් ලියනගේ ප්‍රසිද්ධියේ පිළිගත්තා මුල් පද අනුන්ගේ අග පද එයා ගේ කියලා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අනිවා නලින් අයියේ....එක තමා මමත් කියන්න ට්‍රයි කලේ...ස්තූතියි ආවට උමාව බලලා යන්න

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇයි යාලු හ්ම් කිවුවේ.........

      Delete
    2. සචිත් ඔයාගේ වසන්තයට ආරාධනාවක් බ්ලොග්එකේ ලියන්නන් වාලේ කියලා පොස්ට් එකක් තිබ්බා නේද?මාරයි කොල්ලා......

      Delete
  3. නලින් අයියා කිව්වා වගේ කොල්ලා ඇත්ත මොකක්ද කියල පැහැදිලි කළා නම් වැඩේ ඉවරයි.

    ReplyDelete
    Replies
    1. එයාට හිතෙන්න ඇති ඒ වෙලාවේ එහෙම කිවුවනම් වෙන දඬුවමක් විඳින්න වෙයි කියලා....එයා ඒ වෙලාවේ ඒ බොරුව කිවුව නිසා තමා මේ...බොරු කියන්නේ නැතුව ඇත්තම කිවුවනම් මේ මුකුත් නෑනේ...

      Delete
  4. ekanam aththa uma aiye...boruwa thama minissunwa nathi karanne....

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත ඇනෝ මල්ලියෝ...

      Delete
  5. දෙයක් හරියටම දන්නේ නැතුව මොකුත් කියන්න බැහැ යාලු..අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත...මේකත් මම මේ ජංජාලයේ සැරි සරද්දී අහු උන එකක්...බලපු නැති අය ඉන්නවනේ එකයි දැම්මේ....

      Delete
  6. අපෝ මමනම් සිංදු ලියන් නෑ. ( උමා වගේ කොල්ලන්ව විස්වාස කරන්න බැහැනේ)

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ ඒ....මම මොකක් කලාටද?

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps