Wednesday, October 17, 2012

පෙම් හසුන


අද උමා කියන්න යන්නේ ටිකක් රසවත් සිද්ධියක් ගැන.මේක සත්‍ය සිදුවීමක්.බලන්නකෝ ටිකක් හොඳයිද කියලා.
එක්තරා විද්‍යාලයක සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පතිවරයා නිදහල් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි.කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කර ඇත. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යයා විදුහල්පති කාර්‍යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යයා නැවත පැමිණියේ සිනා මුසු මුහුණිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිෂ්‍යයා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ධ ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර.පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යයා ගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සියල්ලක්ම පාහේ විද්‍යාලයීය පරිශ්‍රයේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්ධිය සැබෑ සිද්ධියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලයීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත..
.
.
.අනේ අපි ඉස්කෝලේ යද්දිත් මේ වගේ ගුරු පියවරු හිටියනම් මල හත්තිලවූවේ අපිත් මේ වෙද්දී ජනප්‍රිය ගීත රචකයෝනේ...නැද්ද මං අහන්නේ.....
.
.
.
.
අහන්නකො මෙන්න ඒ සින්දුව
.
.

16 comments:

  1. අන්න දුරදක්නා ගුරුපියවරු. සින්දුව මරු නේ.. ඒ ශිෂ්‍යයා ටත් හොඳ හැකියාවක් තියනවා නේද..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා.....අපිටත් ඒ වගේ ගුරුවරු හිටියානම්...අපි අද මෙහෙමද ඉන්නේ නැද්ද?

      Delete
  2. ඒකනම් ඇත්ත මචෝ... ගොඩක් අය හැකියාවන් දිහා නෙවෙයිනේ බලන්නේ... වැරදි දිහා විතරයි... ඉතින් කවදාවත් ඒ ලමයිගෙන් ලෝකෙට හොදක් වෙන්නේ නැ එතකොට... හොඳ දේ දකිනවනම් ලෝකෙටත් හොඳ දේ ලැබෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවා අලුත් මල්ලියෝ කතාව සහතික ඇත්ත...මොකක් කරන්න ගියත් හොයන්නෙම වරද්දක්ම තමා...ඕක තමා හැටි ඉතින්.කොහේ දියුණු වෙන්නද?

      Delete
  3. මචන් වීඩියෝ ඒක මේකේ එම්බෙඩ් කරලා දාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. හරි නිශාන් මම දාන්නම්..තැන්කු ආවට..ආයෙත් එනවනේ නේද?

      Delete
  4. Replies
    1. එකනේ අක්කියෝ....වෙලා තියෙන්නේ අශෝක විද්‍යාලයේ

      Delete
  5. මේ වගේ ගුරු වරුත් ඉන්නවා අතරින් පතර.. වැඩි හරියක් ඉන්නේ බැරි එකා තලන පෙලන පුළුවන් එකාගේ පිහිටෙන් යැපෙන අය.. අපේ කාලෙත් හිටියා..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත සරත් අයියේ....අපිටත් එහෙම ගුරෙක් හිටියනම් නේද?

      Delete
  6. මමත් ඔය ගීතය ගැන මගේ හැඟිම් ප්‍රකාශ කරා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්.....මම බැලුවා......ගොඩාක්....ස්තූතියි මේ පැත්තේ ආවට යාළු..............

      Delete
  7. හොඳ වෙලාවට මම ගියේ ස්කෝලෙ ඔහොම සර් ල හිටියෙ නෑ.. හිටියනම් ඉතින් අද වෙද්දි සිංදු ඇහිල්ලත් එපා වෙනවා... :D

    ReplyDelete
    Replies
    1. ඇයි පෙට්ටියෝ ඒ.....ඇත්තට මලයෝ ලියපන්කො බං සින්දුවක්

      Delete
  8. මේ සිඳුව ගැන මත ගොඩක් තියෙනව නේද ?

    මට අහන්න ලැබුනු හැටියට, මීට කලින් මේක වෙබ් සයිට් කීපයක පල වෙලා තියෙනව. එතනින් දැකපු කෙනෙක් අරන් වෙනස්කම් කරල සිංඳුවක් හැදුව කියල කීප තැනකම තිබ්බ

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps