Wednesday, November 7, 2012

මගේ හැටි


ü සුවඳ මලකි එක බඹරෙකි
    ඒ බඹරා මමයි

  උස් ගස් ගල් ලොකු නෑ මට
   ඕන කෙනෙක් එකයි....


ü යන එනකොට මග තොටේදී
    කෙල්ලෝ නැමිලා බලයි
    සොරි නංගියේ මේ අයියට
    ඔයාල පොඩි වැඩියි....

ü ස්තා උනත් මල් නෑ ළඟ
    අත මගේ පිරිසිදුයි
    ගල් ගුලි බාබුල් නැති මට
    කවුරුත් ආදරෙයි....

ü කොකු නැත ගැහුවොත් ගහනව
    දැන් මම හෙන සැරයි
    ඇයි චණ්ඩිද වරෙන් යකෝ
    කඩුව මගේ ලඟයි....

ü පොඩි පොඩි වැඩ මගෙ ළඟ නැත
    ලොකු සීන්ම තමයි
    හෙන එකමයි අල්ලන්නේ
    ඔවු ඒ මගේ හැටියි....

ü   ඕන දුකක් කියපන් මට
මම උඹ ළඟ තමයි
බැරිනම් උඹ නිකන් ඉඳින්
ඕන එකෙක් එකයි....

49 comments:

  1. හොල්මන් වුණා බං එකපාරටම. සිරා පාරක් මචං.
    // සොරි නංගියේ මේ අයියට
    ඔයාල පොඩි වැඩියි.//
    ඇත්තටමද? බොරුනං හොරෙන් කියහං...හි..හි..
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි කිවුවේ නලින් අයියේ...ඇයි සැකයිද...(එක ඇහුවේ හොරෙන් කාටවත් එහෙම ඇහුව කියන්න එහෙම එපා හරිද?)

      Delete
  2. කරකවලා ඇතැරි වගේනේ.

    ReplyDelete
    Replies
    1. http://manasindiviyata.blogspot.com/

      Delete
    2. හි හි......අපි කොහොමත් කරකවලා අතාරිනවා ඔය කෙල්ලන්ව...ඒත් ඉතින් කෙල්ලෝ නැතුවත් බැනේ..නැද්ද?

      Delete
  3. හෑ..!!!!!
    මරු මරු..:)

    ReplyDelete
    Replies
    1. ඇයි හෑ.... කිවුවේ චන්දන අයියේ......?ස්තූතියි ආවට

      Delete
  4. Replies
    1. තැන්කූ ඇනෝ සහෝදරයෝ...

      Delete
  5. නියමයි. මෙහෙමත් පොරක්.

    ReplyDelete
  6. මම ආපු දවසෙම ඉස්සෙල්ලම ඇහුවෙ පොර ටෝක් එකක්නෙ. බයේ බෑ.:O

    මේ... චමී ෆෝ යූ යාලුවෙක්ද? ඌත් ගිටාර් ගහනවා, සින්දු කියනවා, බ්ලොග් ලියනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. dude යාලුවේ කොහොමද ඉතින් ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට...හැමදාම එනවා නේද?

      Delete
    2. එනවා උමා. ඔන්න මම මගෙ බ්ලොග් රෝල් දෙකක එල්ලුවා මිස් නොවෙන්නම.


      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  7. very interesting. අලුත්ම තාලෙ කවියක්. හරි චන්ඩියෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ යාළු...අපිනම් ඉතින් පට්ට අහිංසකයි.....තැන්කූ යාළුවේ

      Delete
  8. හප්පේ...හරි චන්ඩි නේ මෙයා....නියම කවි රටාව හලෝ...හොඳයි ඇ ..
    :D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අපිනම් හරිම අහිංසකයි රෙහෝ......තැන්කූ මේ පැත්තට ආවට...

      Delete
  9. ගැහුවොත් ගහනව
    දැන් මම හෙන සැරයි
    ඇයි චණ්ඩිද වරෙන් යකෝ
    කඩුව මගේ ලඟයි....
    බලහංකො බුදුහාමුදුරවො ළඟ තියාගෙන කෙලගන්න තකා කරනවා..
    යාන්ත්‍රික සිතිවිල්ල කියවන්න ඕන හරිද?..

    ReplyDelete
    Replies
    1. කවිය ලස්සනයි කියන්න අමතක වුණානේ...

      Delete
    2. අනිවා කියවනවා යාළු..කොහොමද ඉතින්.....?තැන්කූ ඔයාටත් ආවට

      Delete
    3. ඔන්න දැන් බුදු හාමුදුරුවෝ අයින් කළා....දැන් අවුලක් නෑනේ එහෙම කිවුවට නේද?යාන්ත්‍රිකයෝ......

      Delete
  10. // සොරි නංගියේ මේ අයියට ඔයාල පොඩි වැඩියි.// අප්පේ මේ මොකද මේ. මට හිතන්න බැහැ අදහ ගන්න බැහැ. කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඇයි කෝරලේ මහත්තයෝ අදහා ගන්න බැරි?තැන්කූ මේ පැත්තට ආවට කෝරලේ මහත්තයෝ...

      Delete
  11. //දැන් මම හෙන සැරයි//
    මෙයා ආපු ගමන්ම බය කරනවනෙ ;) දිගටම ලියන්න මල්ලී....
    ජය!

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තම chams අක්කියෝ...නැත්නම් මේ ලංකාවේ ජීවත් වෙන්න බෑ...(joke එකක් කලේ හරිද?හැමදාම එන්න ඕන හරී...........?)

      Delete
  12. //දැන් මම හෙන සැරයි//

    හහ්..... අපි නම් බය නැතෝ.....

    ReplyDelete
    Replies
    1. ඒවානම් කොහෙද?බයවෙන්න ඕන හරිද?(අනේ බය වෙන්නකෝ අප්පා....)

      Delete
  13. පට්ට කවි ටික මචෝ...දිගටම ලියපන්..ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චානක....

      Delete
  14. කෝ අනේ ඔයා ලියන්නේ නැද්ද?
    :/

    ReplyDelete
    Replies
    1. අක්කියෝ කොමෙන්ට් 50ක් වත් එනකන් ඉන්නවා කියලා හිටියේ....අහිංසක අපිට කොමෙන්ට් නෑ අප්පා...

      Delete
  15. කමෙන්ට් එයි බං ඉගිල්ලිලා ලියහං

    ReplyDelete
    Replies
    1. මග බලාගෙන ඉන්නවා එනකල්...කැටපෝල් එකකින් විදලා හරි ගන්න පුළුවන්නේ ළඟින්වත් යනවානම්....නැද්ද?

      Delete
  16. නියම කවි ටික මලේ.
    කොමෙන්ට් ගැන බලන්න එපා ලියහං.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රසා අයියේ.......

      Delete
  17. අඩෝ පට්ට අදහස උමා..... උස්සන්න හිතුනා.... හිකිස්ස්

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මතෝ.(අයියේ)...උස්සන්න...මගේ කියලා මුකුත් දාන්න ඕන නෑ...ඒත් මට එකේ ලින්ක් එක එවන්න...ආසයි කොමෙන්ට් බලන්න...ඔයාට විතරක් නෙවෙයි...කැමති ඕන කෙනෙක් ඉස්සුවට කිසිම අවුලක් නෑ....

      Delete
    2. නෑ නෑ උස්සන් නෑ. කොල්ලගෙ අදහස හොඳයි... මේ මට කාට්ත් රහසින් පනිවිඩයක් කොටහන්.....

      Delete
    3. පණිවිඩයක් කිවුවේ....?මට තේරුනේ නෑනේ...මචෝ....

      Delete
  18. එක පාරටම ගැස්සිලා ගියා. :O


    //ඕන දුකක් කියපන් මට
    මම උඹ ළඟ තමයි//
    මේ ටික දැක්කම තමයි ලේ ටිකක් ඉනුවේ.

    ඒක නෙවේ බන්. මොකද ඔය තැන්ක, දෙකක "නැත මට" කියල දාල තියෙන්නෙ???. විලිලැජ්ජාවෙ සන්තෝසෙටද???? :පී

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු දැන් දීපන්කො උත්තර...මම ගොළු වෙලා.....

      Delete
  19. ගේමකට යාමට පෙර පොර ටෝක් දිම නොකරන්න..
    එය කල යුත්තේ ආපසු එන ගමනේදීය....... :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව..මම ගේමකට නෙවෙයි කිවුවේ....ආතල් එකටනේ....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps