Sunday, December 9, 2012

මගේ උපහාර



මේක දැකලා සමහරු මට පට්ට යන්න බනියි...කමක් නෑ බැනපුදෙන්...

කවුරු කොහොම කිවුවත් හැමෝම ආසයිනේ අපේ බ්ලොග් ඒක ජනප්‍රිය කරගන්න...
                                       නැද්ද ආ............

එක එක අය එක එක ඊවා කරනවා ඒකට......කාටවත් කරදරයක් නැත්නම් මොනවා කලත් අවුලක් නෑනේ නැද්ද....?
නවකයින් වන අපිත් ආසයි ටිකක් වැඩියෙන් අපේ බ්ලොග් එක පැත්තට ගෙන්න ගන්න...සමහර ප්‍රවීණයෝ ඉන්නවා ඒවාට එක එක කතා කියනවා...(සමහරු කිවුවම හැමෝම නෙවෙයි හොඳේ...)
තවත් ප්‍රවීණයෝ ඉන්නවා පට්ට ඈ.....
එයාලා කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කම සතුට කියා ගන්න බැරි තරම්....
එයාලා තමා අවංක,නවකයින්ට උදවු කරගෙන ලස්සනට තමන්ගේ ගමන යන අය.
(අන්න මිනිස්සු...)

එතුමන්ලාට මගේ උත්තමාචාරය...!





තවත් සමහරු ඉන්නවා තවත් කෙනෙක් ඉහලට යද්දී ඉන්නම බෑ...මොකක් හරි දෙයක් කරනවා...
එකක් ඇනෝ ලා විදිහට ඇවිත් පට්ට යන්න බනිනවා...
තවත් සමහරු මඩ ප්‍රචාරයන් ගහනවා..

මේවට සමහරු නම් මාත් එක්ක එකඟ වෙයි සමහරු මටත් බනියි...
මමනම් තාම පට්ටම නවකයෙක්....බ්ලොග් එකටම ඇවිත් ඇති ඕනනම් 1000ක් 

මොනවා උනත් කියන්න ඕන

මගේ බ්ලොග් එක මුලින්ම ෆලෝ කලේ අටම්පහුර
අටමා අයියා...(අයියේ ඔයා තමා මගේ අමතක නොවන බ්ලොග් ලියන කෙනා)

මගේ බ්ලොග් එකේ රජ්ජුරුවෝ තමා චන්දන අයියා..
මොකද මට හැමදේම කියලා දුන්නේ එයා තමා..
එයා මට කොයි තරම් හයියක් උනාද කිවුවොත් 
ටික කාලයක් මම කමෙන්ට් කරපුවාටත්  වඩා එයා දාපු කමෙන්ට් ගාන වැඩිය තිබ්බා..
(ඔයාටත් මගේ උපහාරය අයියේ)

මගේ බ්ලොග් එකට එන අය,කමෙන්ට් කරන අය තමා මගේ සතුට...
එයාලටත් මගේ උපහාරය...

මම බ්ලොග් ලෝකේ දකින වටිනාම කෙනා තමා...ප්‍රසන්න අයියා..

මෙයා තමා මම දකින තවත් එක චරිතයක්.
එයාගේ බ්ලොග් එක ගැනවත් ගානක් නැතුව එයා අනිත් අයගේ බ්ලොග් කියවනවා,කමෙන්ට් කරනවා..(ඔයානම් නියම මනුස්ස කම තියෙන කෙනෙක් අයියේ,කිසිම තැනක තවත් කෙනෙක්ට බනිනවා,මඩ ගහනවා දැකලා නෑ මමනම්)

ඔයාටත් මගේ උපහාරය අයියේ...

ඇනෝ සහෝදරවරු...

මෙන්න වටිනාම මාතෘකාව...

හැම ඇනොටම ස්තූති වෙනවා බ්ලොග් කියවලා කමෙන්ට් දානවට..
සමහර ඇනෝ ලා ඉන්නවා බනින්න තැනක් හොය හොයා ඉන්නේ 

තවත් සමහරු ඉන්නවා බ්ලොග් කරුවන්ට පට්ට හයියක් එයාලා..

අන්න ඒ ඇනෝලාටත් මගේ උපහාරය..

මගේ බ්ලොග් එක කියවන,නැති,තවත් කෙනෙක්ට නැගිටින්න උදවු කරන හැමෝටම ස්තූති කරන්න තමා මේ පොස්ට් එක ලිවුවේ....
මේ පොස්ට් එක ලියන්න තවත් හේතුවක් තියෙනවා..එක ප්‍රවීනයෙක් කියලා තිබ්බ කතාවකට තමා ලියන්න හිතුවේ...එක එයාගේ පැත්තෙන්නම් හරි..ඒත් නවකයින්ගේ පැත්තෙන්නම් ටිකක් වැරදියි වගේ...

කතාවනම් මොකක්ද කියන එක වැඩක් නෑ  දැන්...

මම   සිංහල බ්ලොග් වල දැකපු හොඳම වචන තියෙන පොස්ට් එක තමයි අටම්පහුරේ  

අර දං පඳුරු අතරේ වහං වෙමු මයේ දෙයියෝ කියන පොස්ට් ටික...


ඊට පස්සේ දැක්කේ  චන්දන අයියගේ 
නගා මැරූ අල කියන කියන පොස්ට් එක.


මාරයාගේ හෝරාව  බ්ලොග් එකේ 
නිල්ලග්ගම බෝධිඝරය...පාඩම් පොතට සීමා වූ අපේ උරුමය ..
මේකත් ඉතාම වටිනා කියන එකක්...

මම ගොඩාක් ආස කරන මාළු ගැන ලියන 
මාළු ටැංකිය  බ්ලොග් එකත් මටනම් ගොඩාක් වටිනවා..


ලංකාප්‍රියගේ සිතුවිලි   බ්ලොග් එකේ 

අදට වඩා හොඳ හෙට දවසක් උදෙසා  පොස්ට් එක සිංහල අපිට ගොඩාක් වටිනවා.


ලියන්නා  බ්ලොග් එකේ තිබ්බ 

අලුත් කාලේ අලුත් තාලේ ෆැෂන් කියන පොස්ට් එක අද කාලෙට ගොඩාක් දුරට ගැලපෙනවා...


මමනම් හිතන්නේ මෙයාලා නවකයන්ට ගොඩාක් ආදර්ශයන්......



හැමෝටම ජය වේවා එහෙනම්.......


මට අමතක වුන...මගහැරුණ වටිනා කියන බ්ලොග් වල ලින්ක් කොමෙන්ට් වලට දාන්න යාලුවනේ.....

60 comments:

  1. දැන්නම් බ්ලොගේ ටැබ් ටික නියමෙට වැඩ කරනවා.ඇහැටත් ප්‍රිය ගතියක් දැනෙනවා.උඩම පොටෝව තව පික්සල් 10ක් විතර අඩුකර බලන්න එවිට එය එළියට පනින එක හරියාවි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ...ඔයා ගැනත් දාන්න හිටියා අමතක වුනා...සමාව අයිදිමි....
      ඔයාටත් වෙච්ච දේකට තමා මේක ලිවුවේ....තැන්කූ අයියේ කිවුවට මම අඩු කරන්නම්....

      Delete
  2. දිගටම ලියමුකෝ එහෙනං... වෙලාවක් ලැබුනම අපිත් එනවා හොට දාලා යන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ රජෝ......ඔයාගේ එකෙත් හොඳ පෝස්ට් එකක් තිබ්බා...ඒක දැක්කේ මේක දැම්මට පස්සෙනේ අයියේ.....තැන්කූ ආවට අයියේ....

      Delete
  3. ලිපි දෙකක් අතර පරතරය අඩු වෙන විදිහට ලියන්න. නැත්තන් කට්ටියට බ්ලොග් එක අමතක වෙන්නත් පුළුවන්.. :) වැටි වැටි නෙව නැගිටින්නේ.. කමෙන්ට් ප්‍රමාණය ගැන හිතන්න ඕනේ නෑ එච්චර... තව ඉතින් හම්බ වෙච්චි වෙලාවක කතා කරන්න බැරියැ... මාව මතක් කලාට තැන්ක්යූ..!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ ඔයාටත්........ආයෙත් එහෙම වෙන්නේ නා...කොමෙන්ට් නැතත් පෝස්ට් එකක් දානවා...

      Delete
  4. වටිනාම කියන බ්ලොගක් උඹට මග ඇරිල නේන්නම් :P

    http://samigepunchilokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මගේ දෙ මට වටිනවනේ :)
      මමත් අලුත් උඹ වගේම. උදව් නැතුව මේ ගමන යන එක හරි අමාරු වැඩක්. ජයපතනව උඹට බ්ලොග් අවකාශයේ දිගුගමනකට සුභ පතන ගමන්ම :)

      Delete
    2. එකනේ...වටින කියන බ්ලොගක් නේන්නම්....ගොඩාක් ස්තුතියි අයියේ ආවට මේ පැත්තට....

      Delete
    3. අනිවා තමන්ගේ දේ තමන්ට වටිනවා අයියේ...

      Delete
  5. ජය වේවා.. ඉදිරියටම යන්න සුබ පතනවා මල්ලි. උඹ සිංඩියට දාන්න කියලා කියන කොට මම උඹව ඇඩ් කරගෙනයි හිටියේ. දිගටම ලියපන්. වැදගත් වටින යමක් ලීව්වොත් අනිවා අපි එනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ මුලින්ම...සින්ඩියට එකතු කර ගත්තට මාව...අනික අපි වගේ පුංචි එවුන්ට ඔයාලා කොමෙන්ට් එකක් දැම්මත් වටිනවා ගොඩාක්..

      Delete
  6. හොඳ පොස්ට් එකක් !මට නම් දැනට බ්ලොග් ප්‍රවීණයන්ගෙන් වරදක් වෙලා නැහැ !උදව් තමයි ලැබුනේ වචනෙකින් හරි !බ්ලොග් එකක් ලියද්දි ලැබෙන මල් වගේම ගල් ගැනත් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්න ඕන .ඔයාගේ බ්ලොග් එකේ ඔයාට කැමති විදිහට ඔයාගේ හැගීම් ලියන්න නිදහස තියනවා . තමන් කරන දේ හරියට කරන්න ,කාගෙවත් කතා ගැන එච්චර හිතන්න එපා,ඒ කතාවලින් ගන්න දෙයක් නැත්නම් මෙමරියෙන් ඩිලීට් කරලම දාන්න
    :)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත අක්කියෝ.......මටනම් කවුරුත් කියලා නෙවෙයි..මටත් හම්බ වුන හැමෝම උදවු කළා....සමහරු ඉන්නවානේ එයාලට වඩා ලොක්කෝ නෑ කියන අය...නේද?

      Delete
  7. මමත් බ්ලොගර් වලට උණුම උණුම උණූ.............. කිරි සප්පයෙක්... තාම සතියයි :D
    දිගටම ලියන්න මොරාල් එක ලැබේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කූ යසිත් අයියේ.....ඔයාටත් සුභ පතනවා ලොකු ගමනක් යන්න....ජය වේවා....!

      Delete
  8. තමන් කරන දේ හරියට, කාටවත් වැරැද්දක් වෙන්නෙ නැති විදිහට කරනවානම් එච්චරයිනෙ. ඊයෙට මගෙ බ්ලොග් එකට අවුරුද්දක් වෙනව. ඒ උනත් ඒකෙ පෝස්ට්ස් තියෙන්නෙ හරිම ටිකයි. ඒ ගැන දැන් මට ලොකු පසුතැවීමක් තියෙනව. ඉතින් මගේ අත්දැකීමෙන් ඔයාට කියන්නෙ ඒ විදිහෙ පසුතැවීමක් ඇතිවෙන්නෙ නැතිවෙන්න දිගටම ලියන්න කියලයි. වෙන දේවල් ගැන වැඩිය හිතන්න එපා. ඔයා කැමති විදිහට දිගටම ලියන්න මල්ලි..... අපි එනවනෙ කියවන්න :)
    හැමදෙයම සාර්ථකව කරගන්න මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ....ආ දැන් අපිට පාටි නැද්ද පොඩි එකාට අවුරුද්දක් වුනාම....අදම ඕන හරිද?

      Delete
  9. හ්ම්ම්ම්ම් හොඳයි හොඳයි දිගටම ලියන්න කෝ බලමු ඔයා මගේ කැමතිම බ්ලොග් ගොඩට එකතුවෙන්න තරම් හොඳ ලිපි ලියයිද කියලා. අලුත් කම පරණ කම වැදගත් නැහැ මනුස්සකමයි හැකියාවයි නිහතමානිකමයි තමයි වැදගත්ම. ජයවේවා. ඉඩහම්බවෙන හැම වෙලාවේම එන්නම් කෝ....

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අනේ කෝරලේ මහත්තයෝ ඔයාගේ බ්ලොග් එකත් මම ආස කරන තැනක්...අනේ අමතක වුනා මට...තව ටිකක් කල් ගිහින් ආයෙත් එකක් දානවනේ මම..

      Delete
  10. මං මුලින්ම බැලුවේ මේක මට මිස් වෙලාද කියලා. බලද්දී නෑ.කමෙන්ට් කවුන්ටර් එකේ මගේ නම තියෙනවා. :)
    ඒත් ෆලෝව් පාරක් දීලා නෑ. :0
    දැන් ඒකත් හරි. :)

    දිගටම ලියහන්. මාත් බ්ලොග් එක පටන්ගෙන මාස දෙකක් විතර යනකම් වැඩිය කව්රුවත් ආවේ නෑ.මටත් ඔය අවුල තිබුනා මුලින්.ඒත් ලියන එක දිගටම ලියාගෙන ගියා.කට්ටිය පුරුදු වෙද්දී ආවා.ඕවා ඔහොම තමා මචං. සැලෙන්න නරකයි..

    ReplyDelete
    Replies
    1. මමනම් අයියේ ඔයාගේ එකට එනවා ගොඩාක් වෙලාවට...ඔයත් ලිපි දාන විදිහ මරූ......තැන්කූ අයියේ....

      Delete
  11. මල්ලි හිට් ගානට නෙමේ ඔයා කරන වැඩේ හරියට කරන්න... හැමදේම එක පාරට බෑ බං.. වැටෙන්න එපා... සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ...ගොඩාක් ස්තූතියි...වැටෙන්නේ නම් නෑ අයියේ...ඒ වුනාට ටිකක් විතර දුක හිතෙනවා....

      Delete
  12. එල ඈ....සුබපැතුම් වේවා...

    ReplyDelete
    Replies
    1. අම්මේ තරුවෝ.....ඔයත් පට්ට ඈ....මම පට්ට ආසයි ඔයා ලියන විදිහට...

      Delete
  13. මුලින්ම සුබ පැතුම්! තව දිගු කලක් බ්ලොග් ලෝකය එළිය කරන්නට ලැබේවා!. කාටවත් කරදරයක් නැතිව තම හිතට එන සිතුවිළි අකුරු කරන එක නෙ අපි කරන්නෙ උමා. ඒක කරගෙන යත්දි නොසැලී ඉන්න එක තමයි වැද ගත් වෙන්නෙ , ඒ වගේම නින්දා ප්‍රශංසා එක වගේ බාරගන්නත් අපි පුරුදු වෙන්න ඕනෙ. මම නම් මේ කරන්නෙ සත්කාරයක් කියල හිතාගෙන තමයි ලියන්නෙ. ඒ නිසා කාගෙන් වත් කරදරයක් වෙලා නම් නෑ. එහෙම කරගෙන යන්න ඔයාට දිරිය ශක්තිය නිබඳවම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චාන්දී අක්කියෝ......ඔයාලා මෙහෙම කොමෙන්ට් එකක් දැම්මත් පට්ට සතුටක් අක්කියෝ........

      Delete
  14. මේ බ්ලොග් කෙරුවාවෙදි හැමෝගෙම සහයෝගයෙන් ඉදීරියට යන එක වටිනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ජෝන් ලොක්කෝ...කොමෙන්ට් එකක් දැම්ම එකත් වටිනවා ගොඩාක්..

      Delete
  15. ඉදිරියටම යන්න සුබපැතුම්. මටත් ඔය විදියටම උදව් කරපු අය ඉන්නවා. ඒ අයට ස්තුතියි කරලා මාත් අවුරුද්දේ ලිපිය දැම්මා. ඒක හොඳ වැඩක් :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ....උදවු කරපු හැමෝටම හැමදාමත් ගරු කරනවා...එයාලා නැත්නම් මම තාමත් මගනේ...නේද?

      Delete
  16. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යාමට සුබ පැතුම් දසුන් මල්ලියේ.

    තමංගෙ බ්ලොග් එකේ තමන්ට ඕන දෙයක් ලියන්න අයිතිය තියෙනව.
    අනෝල බැනල කොමෙන්ට් දැම්මොත් ඒව උපේක්ෂාවෙන් ඉවසා වදාරන එක තමයි තියෙන්නෙ. ඒගොල්ලංගෙත් ආසාවනෙ. :D

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු අයියේ...මටනම් තාම මගේ බ්ලොග් එකේදී ඇනෝ කෙනෙක්ගෙන් මුකුත් වුනේ නෑ....ඒ වුනාට වෙන දේවල් දැක්කම දුකේ බෑ අප්පා...කොහොමද ඉතින් බ්ලොග් එකේ වැඩ?

      Delete
  17. ඔයාටයි බ්ලොග් ලෝකෙ හැමෝටමයි සාර්ථකත්වයට සුබ පැතුම්...මමත් බ්ලොග් ලෝකෙට පය තිබ්බෙ ඊයෙ පෙරෙයිදා වගේ. වැඩි වැඩ දන්නෑ ඒ හන්දා තාම. පුලුවන් වෙලාවට කියවනවා හැමෝවම.. ජය වේවා.!!

    පුලුවන් නම් මේ පැත්තෙත් සවාරියක් දාලා එන්නකෝ..
    http://kalusudu-nimthera.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නියමයි අක්කියෝ...ජයවේවා....නියමෙට කරන්න...වැඩ කෑලි ඔය මම උපහාර දුන්න ඕනෑම කෙනෙක්ගෙන් ගන්න පුළුවන්...කොමෙන්ට් කරලා තියෙන අයගෙන් ගන්නත් පුළුවන්..එයාලා උදවු කරනවා අක්කියෝ...
      ]

      Delete
  18. මාත් තාම පටන් ගත්තා විතරයි බං , ඔහොම යං

    ReplyDelete
    Replies
    1. මොකෑ.....පටන් ගත්තා විතරයි....මෙන්න අටමාට කෙලපියෝ....බොරු කියනවෝ..........හි හි...මරු අයියේ මරු...දිගටම ලියන්න...]

      Delete
  19. එක එක මිනිස්සු එක එක විදියයි සහෝ උඹ හොඳයි කියන උන් මට හොඳ නැති වෙන්න පුළුවන් මම හොඳයි කියන මිනිස්සු උඹට හොඳ නැති වෙන්න පුළුවන්.මොනවා වුනත් අතහිත දීපු මිනිස්සුන්ව අමතක නොකරපු එක නම් වැදගත්.

    ජයම පතනවා මචන් දිගටම කරගෙන පලයන්.

    ReplyDelete
    Replies
    1. ජයවේවා අයියේ.....ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට.....ඔයත් දිගටම කරගෙන යන්න....අපි එනවා කියවන්න අනිවා....

      Delete
  20. බ්ලොග් ලොවේ නම ‍රැඳවීමට හැකි යමක් කිරීමට හැකිවේවායි සුභ පැතුම් දසුන්. මම මේ දවස් වල වැඩිය බ්ලොග් පැත්තෙ යැවෙන්නෙ නැත්තෙ වැඩ අධික කාලයක් ලබා ඇති නිසායි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තැන්කු dude අයියේ...ගොඩාක් ස්තුතියි ඔයාටත්....ඔයාටත් එසේම වේවා...!

      Delete
    2. අදමයි මේ පැත්තට ගොඩ උනේ .. පෝස්ට් එක කියෙව්වහම මාව බ්ලොග් ලෝකෙට බෙල්ලෙන් ඇදලා ගත්ත dude (henryblogwalker) මතක් උනා. ඒ නිසාම මගෙ කොමෙන්ට් එකත් මෙතනටම දාන්නම්. මගෙ බ්ලොග් එකට 'ගාමිණීගෙ විජිතය' කියලා නම දාලා ගුරුහරු කම් දීලා පදිංචි කර ගත්ත හෙන්රියාට මගෙ උපහාරය මෙතනම සටහන් කරනවා.

      බ්ලොග් ලෝකයේ සියලුම ප්‍රවීණයන් මුල ඉඳලම මටත් උදව් කළා බොක්කෙන්ම. සේරටම මගේ ගෞරවය ..!

      උමාටත් දිගු ගමනකට ආසිරි ...!

      Delete
    3. තැන්කූ අයියේ ආවට....dude කියන්නෙත් පට්ට පොරක් තමා.....

      Delete
  21. මමත් ඔයාට සුභ පතනවා දසුන්... ලස්සන ලස්සන දේවල් ගොඩාරියක් ඉස්සරහට ලියන්න පුළුවන් වෙන්න කියල... පටන් ගන්න කාලේ මගේ අත්දැකීම් ගැන අවුරුද්දෙ ඇනිවසරි පෝස්ට් එකේදිම ලියන්නයි ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ අනුවෝ.........ඔයාටත් සුභ පතනවා මම ගොඩාක් සාර්ථකව බ්ලොග් එක ලියන්න ලැබෙන්න කියලා

      Delete
  22. අද තමයි මේ බ්ලොගේ ඇහැ ගැටුනෙ... ලියාගෙන යමු.. :)

    ReplyDelete
    Replies
    1. ඉතිං අවුලක් උනේ නැද්ද ඇහැට.....තැන්කූ සහෝදරයෝ....

      Delete
  23. ඔන්න අපිත් මේ පැත්තට ආවා. දිගටමත් එනවා... අපි වගේ පිස්සු පොරවල් මේ පැත්තේ කැරකුනා කියලා ගණන් නොගෙන දිගටම ලියන්න හොඳේ... :-P

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ.....දිගටම එන්නකෝ එහෙනම්.....

      Delete
  24. ඔයා පෙන්නලා තිබුන පාර දිගේ ආවේ මලයා. කමෙන්ට්..................?????? අනේ මන්දා...!! මම නම් ඒ ගැන ගොඩාක් වද වෙන්නේ නෑ. හැමෝම උනන්දුවෙන් කියවන වැදගත් මාතෘකා ගැන ලිවුවොත් ගොඩාක් කට්ටිය එයි කියවන්න. වැඩේ කියන්නේ ඔය වගේ ඒවා ලියන්න සරාට නම් තේරෙන්නේ නැති එකයි. ඒ නිසා වෙන්න ඇති සරාගේ ලෝකේ කියවන්න ටික දෙනෙක් එන්නේ. ඕන එකක් කියලා සරා නම් එයාලා ටිකදෙනා වෙනුවෙන් ලියනවා.ඔයාට පුළුවන් උනන්දුවෙන් උත්සාහයෙන් හොඳට ලියන්න.එතකොට ගොඩක් අය ඒවි කියවන්න.මම නම් ලිස්ට් එකක් හදාගෙන නෑ. මගේ ලිපිවල කොමෙන්ට් දිගේ ගෙහුං තමයි මම අනික් අයගේ ලිපි ගොඩාක් වෙලාවට කියවන්නේ. ඔයාගේ ලිපි කියවන්න මම එන්නම්කෝ අද ඉඳන්.ලියන්න...ඔයටත් බ්ලොග් ලෝකේ දැවැන්තයෙක් වෙන්න පුළුවන් වෙයි ජයවේවා........!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සරා අයියේ....තැන්කූ අදහස් දැක්වුවාට...

      Delete
  25. උදවු කරපු අයව අගයපු එක ගැන ගොඩක් සතු‍ටුයි. මේ බ්ලොග් එකේ ලොකු වෙනසක් කරාද ?

    මට ලොකු වෙනසක් තෙරෙනව

    ReplyDelete
    Replies
    1. ලොකු වෙනසක් නෙවෙයි අයියේ...ටිකක් අර ප්‍රවීණයෝ කියපු දේවල් අහලා වෙනස් කළා...දැන් ඉක්මනට ලෝඩ් එහෙම වෙනවද අයියේ....?

      Delete
    2. ඇයි මේ එක පාරටම අයියෙ කීව්වේ

      Delete
    3. අනේ සමාවෙන්ඩ ඕන මලයෝ....මේ කොමෙන්ටුව බලන දවස් වල මම ඔයා මල්ලි කෙනෙක් කියලා දන්නේ නෑ මලයෝ......

      Delete
  26. ඔව් ඔව් . ඒ උනාට මට අමුත්තක් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැනෙන අමුත්ත හොඳ එකක්ද....නැත්නම් වැඩක් නෑ වගේ අමුත්තක්ද?

      Delete
  27. හොඳ බ්ලොග් වල ලින්ක් ඔනේ කිව්වා !!!! මගේ එකත් දාන්නද ..... තිත් දෙකයි ඩී ....දිග ගමනකට සුභ පතනවා මචෝ .....
    මටත් අද තමයි මේ බ්ලොග සෙට් උනේ ... (උඹ මගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ටුවේන් )
    හොඳ වචන සෙට් එකක් තියෙනවා ..... ඒක නැති කරගන්න එපා ... එක එකාට බයෙන් ලියපුවා පබ්ලික් නොකර ඉන්නත් එපා ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේල්ක මේ පැත්තට ආවට......දිගු ගමනක් යන්න ඔබටත් සුභ පැතුම්.....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps