Sunday, December 16, 2012

ලේන්සුව




එදා ඔබේ ලේන්සුව..

මට දුන්නේ හොඳ වෙලාවට

නැත්නම් අද........


ඔබ විදින වදන් හීසර වැදී


හිතම පුපුරා දෑසින් ගලන

උණු ලේ කඳුළු කැටි

පිසදා ගන්නට

රෙදි පාංකඩයක්වත් 

මගේ ළඟ නෑ...

මං දැන් තනිවෙලා

ලේන්සුව ගුලි වෙලා

40 comments:

  1. අනේ ම්න්ද,,, හරිම අමුතු හෑඟිඉමක් ඇති උනා, සමීප බවක් දෑනුනා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අයියේ.....සමීපයි නේන්නම් දැන් අපි....

      Delete
  2. ලේන්සුවට වෙච්ච දෙයක්.

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ප්‍රසා අයියේ ලේන්සුවට වෙච්ච දෙයක් අම්මපා...

      Delete
  3. හ්ම් ...ලේන්සු දෙන්න හොඳ නෑ කියන්නේ ඕක තමයි ..මල්ලිලා කවදාවත් ගෑල්ල්මයට ලේන්සු දෙන්නත් එපා එයා දුන්නොත් ගන්නත් එපා ..ගනිල්ලා අඬන්න ඕනි උන්
    :D

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත කතාවක්ද අක්කේ.....ඕවා බොරු වෙන්න ඇති නේද?

      Delete
    2. ඕක ඉතිං කතාවට කියන දෙයක් තමා ..ඒ උනාට අහල බලන්නකෝ ලේන්සු දීපු ගොඩක් අයට ඔය වැඩේ වෙලා තියනවා හැබැයි

      Delete
    3. ඒකත් ඇත්ත තමා අක්කියෝ.....කොහොමද අර හොයපු Course එක හම්බ උනාද?

      Delete
  4. ලස්සනයි. අඩන්න ඕනෙ නම් තමයි ඉතින් ලේන්සුවක් ගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. චාන්දී අක්කියෝ ලේන්සු ගත්තම ඇත්තටම අඬන්න වෙනවද?

      Delete
  5. ශික් .... කලින්ම එයාගෙ එක ඉල්ල ගන්න බැරි උනානේ... :/

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ ඒ?දාලා යනකල්ද බලං ඉන්නේ?

      Delete
  6. ලස්සන නිසදෙසක් දසුන්...... මමත් අහලා තියනවා ලේන්සු ගන්න හොදනැහැ කියලා

    ReplyDelete
    Replies
    1. තැන්කූ ලහිරු යාලු....ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට....

      Delete
  7. මං නම් ලේන්සු පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි... ප්‍රධානම දේ ලේන්සු නැතිවීම... මමත් දීල තියෙනවා උපන් දින වලට ලේන්සු.. ඒත් තරහ වෙලා නම් නෑ කවුරුත්...

    අඬන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න පුළුවන් නෙ ලේන්සුව නැතුව උන්නම...

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් ඇත්ත තමා නේද අනූ අක්කියෝ.....

      Delete
  8. මම නම් හරි බයයි ලේන්සු දෙන්න .ඒ කථාව ඇත්ත මන්දා මගේ හොඳම මිතුරියක් මට නැති උනා ලේන්සුවක් දුන්නා.එක නිසාද මන්දා.

    ReplyDelete
    Replies
    1. තාමත් යාලුවා තරහයිද අක්කියෝ....ලේන්සු කතාවනම් මම විශ්වාස කරන්නේ නෑ...ඒකත් නිකන් ඔය ලෝක විනාස කතාව වගේ

      Delete
  9. ලස්සන කවිය..! ලේන්සු සින්දු පෝලිමක් මතක් වීගෙන වීගෙන වීගෙන...... එනවා නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඒ ටිකත් දාන්නකෝ කොමෙන්ටුවකින්ම..

      Delete
  10. සෙට් වෙන ලේන්සු පොඩ්ඩ. තවත් ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ ඒකනම් තේරුනේ නෑ යාලු...ආදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට

      Delete
  11. ඔන්න ඕක මට දීපන් බන්.. හොඳටම හෙම්බිරිස්සාව.. හොටු පිහිදාන්න (දිව දොට්ට)

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් දෙන්නද මේකෙන්...මගේ කඳුළු පිහදාන්න එකක් නෑනේ මට නැත්නම්...

      Delete
  12. සැලෙන්න එපා බන්
    ඒ වගේම ආයේ කාගේවත් ලේන්සු ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. නිශාන් අයියේ....ආයෙත් ගන්නෙම නෑමයි....ඔයත් ගන්නේ නැද්ද...?අරගෙනත් නැද්ද...?

      Delete
  13. ලේන්සු ගන්නම එපා බං.. ගත්තොත් ලෙඩේ.. අනික අනුන්ගේ ඒවයේ වෛරස් තිනවා..

    අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිලි ගන්නවා දිනේෂ් අයියේ මේ පැත්තට...

      වයිරස් කතාවත් ඇත්ත තමා....

      Delete
  14. ම්.... එක අතකින් හොද වෙලාවට ලේන්සුවක් අරගෙන තිබුණෙ. නැත්නම් මෙහෙම නිර්මාණයක් බිහි නොවෙන්නත් ඉඩ තිබුණානෙ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ සජා අක්කියෝ.....නිර්මාණය හොඳයි කිවිවාට...
      (ඔන්න ඉතින් දැන් මම පොඩ්ඩක් උඩින්ලු ඉන්නේ)

      Delete
  15. උඩු තොල නොසෙල්වා, ඇස් දෙක තද කරන් ඉන්න බලාපන්. බැරිම උනොත් කාට හරි කියල ඇගිල්ලෙන් අන්න ගනින්, :පී අම්මප කලින්ම ලේන්සුව දෙන්න ඇත්තෙ ඕක නිසාම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ එක නිසා වෙන්න ඇති...ඔයාගේ අදහස් ටිකත් මරු..ලියමුකො කවියක්....

      Delete
  16. හ්ම්.....................................................................................................................................................................................

    ReplyDelete
    Replies
    1. ඇයි තරුවෝ.....හුම්....කියන්නේ ඇයි...

      Delete
  17. Replies
    1. වෙලාවකට නෙවෙයි එදිරියෝ මටනම් හිතෙන්නේ හැමදාමත් තනිකම වටිනවා වගේ

      Delete
  18. නැවතත් ලේන්සුවක් සමග තනි නොවන්නට පතමි..
    කදුලකින් තොර ආදරයක් නැති බව අපි, ඔබද දනිමු.

    ReplyDelete
    Replies
    1. අනිවා...කඳුළු නැත්නම් ආදරේ රහක් නෑ නේද යාලු....ස්තූතියි අදහසට යාලු...ආයෙත් එන්න....

      Delete
  19. Replies
    1. ස්තූතියි අයියේ,,,,,,,,,,

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps