Thursday, December 20, 2012

පිරිමින්ගේ අයිතිවාසිකම්



මේක මම කියන්න හිතුවේ මම මගේ ඇස් දෙකෙන් දැකපු දෙයක් නිසා... 

මේක දැක්කම මට ගොඩාක් දුක හිතුනා.
ඒ කතාව පස්සේ දවසක කියන්නම්... අදට හිතන්න මේක ගැන.... 
මේක කියන්නේ කාන්තාවන්ට රිදෙන්නනම් නෙවෙයි...කාන්තාව කියන්නේ ගොඩාක් වටිනා කෙනෙක්... සමාජ මතය ගැන පොඩි අදහසක් විතරයි...



 බැරි වෙලාවත් අපි දවසක් ඇඳපු ෂර්ට් එකක් හරි ටී-ෂර්ට් එකක් හරි කෙල්ලෙක් ඇන්දොත් 
 අනිත් දවසේ එක ඇඳලා ඉවරයි... (අයියෝ ඕක කෙල්ලෝ අඳින එකක්නේ....) 
ඔහොම කියනවා 10 දෙනෙක් වත්...බොරුද?


 තව එකක්.. බස් එකකදී කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ කකුලක් පෑගුනොත් 
ඒ කොල්ලා කොච්චර අහිංසක කොල්ලෙක් වුනත් මොකෝ වෙන්නේ කන්න වෙනවා නේද ඇටි හැලෙන්න?
බැරි වෙලාවත් කෙල්ලෙක් හිතලම කොල්ලෙක්ගේ කකුල පැගුවොත් ඒ කෙල්ල කොච්චර වල් උනත් කියන්නේ මොකක්ද
ආහ් ඒකිට වැරදිලා පෑගෙන්න ඇති ඕක හිතන්න දෙයක් නෑනේ.. 

 තවත් එකක් කොල්ලෙක් බැරි වෙලා කෙල්ලන්ගේ ටොයිලට් එකකට ගියොත්(මම කියන්නේ හිතන්න කියලා විතරයි,යන්න එහෙම එපා.හොඳේ...)...එකේ මොකෙක්වත් හිටියේ නැතත් ඒක ඇතුලේ වටේ පිටේ ඉන්න උන්ගෙන් හොඳට කාලා ඌට දවස් 3 ක් වත් හිරේ ලගින්න වෙනවා.. 
ඒත් කෙල්ලෙක් කොල්ලෝ පිරිච්ච එකකට දැන දැනම ගියත් කවුරුත් වචනයක්වත් කියයිද
කියයි ආහ් වැරදිලා වෙන්න ඇති කියලා...නේද

ඇයි මෙහෙම වෙන්නේ....කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු පිරිමින්ට දැන් මොකෝ වෙලා තියෙන්නේ..?
දැන් කවුද පිරිමින්ගේ අයිතිවාසිකම් ඉල්ලන්නේ.....


පොඩ්ඩක් මේකත් බලන්න...
video


67 comments:

  1. මගේ විරුද්ධාත්වය+++++++++
    මගේ කකුලක් බසයක් තුල කොල්ලෙක් ට පැඟුණි.ඒයා සොරි කිව්වෙමි.මම ඕකේ කිවේමි.විඩියෝ එක ප්ලේ නොවෙමි.

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ ඔයාලට නෙවෙයිනේ කිවුවේ....විරුද්ධ වෙන්න එපා ඉතින්....මට හිතෙන සමාජ මතය ගැන විතරයි මම කිවුවේ.....
      කාන්තාවන්ට ගැරහීමක් නැත.....

      Delete
    2. //ඒයා සොරි කිව්වෙමි.මම ඕකේ කිවේමි.//
      එයා හිනා උනෙමි,මෙයාද හිනා උනෙමි
      නම්බරය දුන්නෙමි,කෝල් කෙලෙමි
      +++++++++++++++++++++++++++++++++++

      හික්ස්

      Delete
    3. කාටද යසිත් අයියේ කෝල් කලේ....?

      Delete
  2. හ්ම්ම්... මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ ඒ......ඔයත් විරුද්ධයිද මේකට.....?

      Delete
  3. පටං ගම්මුකො පිරිමිංගෙ අයිතිවාසිකම් ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. හා....ඒත් කාගෙන්ද ඉල්ලන්නේ.....?
      දෙයිද ඉල්ලුවාම?

      Delete


  4. මාත් එනවා මගේ අයිති වසිකම් ඉල්ලන්න...
    හොද තැනකින් පටන්ගමු...
    විමල් (වීරවශ සහෝදරයා) අයියගෙන් අහුවනම් කියයි හොද තැනක්

    අදයි මේ පැත්තට අවේ.....

    ReplyDelete
    Replies
    1. *වීරවශ=වීරවංශ*

      Delete
    2. අයියෝ ඔය ගෝතවන්ශගෙන් මොනවා අහනවද ඉසුරි...ඇයි ඔයාට මොනවද ඉල්ලන්න තියෙන අයිතිවාසිකම්....?

      Delete
    3. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete
  5. හ්ම්..හ්ම්ම්.. ඔහොම ඒවත් වෙනවා තමයි.. වීඩියෝ එකේ මරු සීන් එකක් වෙන්නේ නේ..?

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකේ කොල්ලා තමයි මරු නේද?නියම සීන් ඒක තමා...ස්තූතියි අයියේ අදහස් දැක්වුවාට.....

      Delete
  6. video එකනම් එළ.. අර කාන්තා අයිතීන් ඉල්ලපු යටම වැඩේ බාරදෙන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අමිල අයියේ...උන් දැන් සුව නින්දේ,,,,,,

      Delete
  7. වැරදීමක් උනොත් නම් හෝ ඉහත වීඩියෝවේ වන් අවස්ථාවලදීනම් ඒගැනත් හිතලා තමයි ප්‍රතිචාර දක්වන්න ඕන. සමහරු ඔය තත්වයම තමන්ගේ වාසියට යොදාගෙන හිතාමතාම වැරදි කරනවනේ. වඩා හොඳ අවස්ථාවට මුහුණ දෙන අයම සාධාරණ ලෙස හිතීම.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අයියේ...හිතාමතාම වැරදි කරන අය ඉන්නවනේ....අන්න ඒකයි සීන් එක,......

      Delete
  8. මිනිහෙක් ගෑණුන්ගේ ටොයිලට් එකකට රිංගලා හුජ්ජා අතකුත් ගහලා කලිසම හද හදා එලියට එනකොටම ගෑනියෙක් ඇතුලට රිංගලා ජුන්ඩා දැකලා හූවකුත් තියලා කිව්වලු මේක කාන්තාවන්ට පමණයි ඕයි කියලා. අරුත් ජුන්ඩා පෙන්නලා කිව්වලු, මේකත් කාන්තවන්ට පමණයි ඔයි කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් පට්ට අයියේ......අයියෝ ඒකත් කතාවක් කරලා දාන්න.....
      (18+) කියලා අනිවා දාන්න...

      Delete
    2. උඹ තමා දවසකටවත් කමෙන්ට්කාරයා

      Delete
    3. @ ලක්මාල් කන්දෙවිදානෙ

      කාටද අයියේ දවසකටවත් කමෙන්ට් කාරයා කිවුවේ....?

      Delete
    4. @ සමී

      තැන්කූ සමී අයියේ....

      Delete
  9. මේක ලිහිණි අක්කට පෙන්නන්න ඕන...... වීඩියෝ බැලිය නොහැක... සොරිය..:)

    ReplyDelete
    Replies
    1. ඇයි යාන්ත්‍රිකයෝ වීඩියෝ එක බලන්න බැරි ප්ලේ වෙන්නේ නැද්ද?.....

      Delete
    2. ඇයි ලිහිණි අක්කට කියන්නේ.....?

      Delete
    3. ලිහිණිට කියන්නෙද?? :D

      හා බ්ලොග වහන්න ලෑස්ති වෙලා හිටු මේව දාල :P

      Delete
    4. අප්පට උඩු එහෙමනම් කියන්න එපා එයාට.....

      Delete
  10. වීඩියෝව නම් මරු මලේ. හිතන්න යමක් යොමුකලා. අදයි මෙහෙ අවේ, අපහු එන්නම්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අයියේ....නැවතත් එන්න.......හිතුවද ඉතින්....

      Delete
  11. :D වීඩියෝ එක එල ආහ් !!!

    ReplyDelete
    Replies
    1. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා රවීන්....ඉල්ලන්න එන්නේ නැද්ද අපේ අයිතිවාසිකම්.....?

      Delete
    2. හඃ හා...
      අයිතිවාසිකම් ඉල්ලන්න කලින් බන් මම මගේ යුතුකමවත් කරලා ඉන්න ඕන නේ... ඒවා නොකරන මට මේ ගැන කතා කරන්න බෑ...:D
      අහා, කියන්න බැරි වුනා නේ , fb එකේ 100 වැනි ලයික් එක දැම්මේ මම ආ !!

      Delete
    3. හත්තිලවුවයි...මෙන්න යකෝ අයිතිවාසිකම් ඉල්ලන්න ආපු ඒක මිත්තරෙක් යනවා අපිව අතරමග දාලා...අනේ යන්ට එපා අයියා....

      Delete
  12. අහ් මෙයත් බලංගොඩ මානවයෙක් නේ ?:)
    .............................
    මේකත් ඉතිං සාපේක්ෂ දෙයක් තමයි ..දෙපාර්ශවයටම අදාලයි :)

    ReplyDelete
    Replies
    1. අනිවා දෙපාර්ශවයටම අදාලයි තමා....(ඒත් ඇයි මෙයත් බලන්ගොඩ මානවයෙක් නේ කිවුවේ....)

      Delete
  13. ඔව් පටන් ගම්මු. අර රජයේ සේවකයෝ ටික වගේ කොටුව ස්ටේශම ඉස්සරහා බෝඩ් කෑලි ටිකක් අල්ලගෙන ඉම්මු. කවුද එන්නේ? නැත්තම් අර විමල් විරව#ශ වගේ අපිත් නොකා නොබී ඉමු. නැත්හ්ටම් දෝශාභියෝගයක් ගේමු.

    ReplyDelete
    Replies
    1. නෑ අපි නොකා බිබී ඉමු...නොකා නොබී ඉඳලා මැරෙනවට වඩා හොඳයි අයිතිවාසිකම් නැතුව අමාරුවෙන් හරි ඉන්න එක...නැද්ද?

      Delete
  14. ඕවා ඔහොම තමා බං. හැබැයි පිරිමි අපි ඕවාගෙන් සැලෙන්න නරකයි.සෙකන්ඩ් වෙන්න හොද නෑ. මං නම් එහෙමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඉශාන් අයියේ....අපි සැලෙන්න හොඳ නෑ...ඒත් අපිට පාඩුවේ ඉන්නත් බෑනේ මේවා බලාගෙන....

      Delete
  15. සැලෙන්ඩර් වෙන්න නරකයි .......... ඩී

    ReplyDelete
    Replies
    1. ඇත්ත...සැලෙන්ඩර් වෙන්න නරකයි...දිගටම ගහන්න ඕන ගේම...නැද්ද?ස්තූතියි අදහසට දිනේල්ක අයියේ...

      Delete
  16. ළිහිණි තාම මේ පැත්තෙ ඇවිත් නෑ වගේ. දැක්කනම් අයිතිවාසිකම බලාගන්න තිබුණා :D

    අපිමයි පුතා වරද්ද ගත්තේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපිම තමා වරද්ද ගත්තේ...දැන් එක හදන්න බැරි තරමට කෙල වෙලා...
      අනේ මට කියන්න ලිහිණි කතාව මොකක්ද....බ්ලොග් ලියන්නියක්ද?එතුමියගේ ලින්කුව දෙන්න මට....

      Delete
    2. අනේ පවු ඒ අක්කා වැලි වලට කැමති නෑලු.....
      (බොරුවට කිවුවේ...යකෝ විලි ලැජ්ජාවේ බෑ බැන්නොත් එහෙම)
      නේද?

      Delete
    3. *වැලි නෙවෙයි... වළි

      Delete
  17. මේක හරියි කියන්නත් බැ. වැරදියි කියන්නත් බැ. මොකද ඕක කරන කෙනාගෙන් කෙනාට වෙනස්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සමනලී අක්කේ...මම කියන්නේ අද කාලේ සමාජ මතය ගැන පුංචි අදහසක් දීමක් විතරයි...කාන්තාවන්ට ගැරහීමක් නැත....

      ස්තූතියි අක්කියෝ කොමෙන්ටුවට....ආයෙත් එන්න

      Delete
  18. මේ මේක බලන්ඩ ආපු ගමන් උඩට එන මගුල අයින් කරහං . මළවාතයක් ඒක

    ReplyDelete
    Replies
    1. අයියේ එක අයින් කරන්න මටත් ඕන...එක දාපු තැන මතක නෑනේ මට.....ස්තූතියි ආවට අයියේ....

      Delete
  19. කතා කරහං මලේ .. ආයෙ අපි නැතුව අපේ අයිතිවාසිකං ලබාගන්ඩ වෙන කවුද ඉන්නෙ :D

    ReplyDelete
    Replies
    1. එකනේ සමී අයියේ අපේ අයිතිවාසිකම් අපි ඉල්ලන්නේ නැතුව කවුද ඉල්ලන්නේ....?

      Delete
  20. සම්පූර්ණ ඇත්ත කතාව බන් අපිට තමා හැමදේම.වීඩියෝ එකේ කොල්ලා නම් එලම වැඩේ කරේ.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ උනත් හැම කොල්ල ගැනම වැරදියට හිතන එක වැරදියි නේද අයියේ.......?

      Delete
  21. මේක system එකේම අව්ලක්නේ බං..
    මං නං ඉවසනවා..උබට මේ මාතෘකාව ඇහැ ගැහිච්ච එක නං හොදයි.

    ReplyDelete
    Replies
    1. ඉවසනවා කියලා කොයිතරම්නම් ඉවසන්නද අයියේ....ඇහැට දැක දැකත් බලන් ඉන්න බෑනේ ඒකයි දැම්මේ...

      Delete
  22. දසුන් මලේ මෙහෙම දෙයක් තියෙනවා. ඔය කියල තියෙන හැම දේම ඇත්ත උනත් ඔය දේවල් ප්‍රසිද්දියේ කතා කරන්න ගියොත් වෙන්නේ අපේ රෙදි ගැලවෙන්න බැනුම් අහගන්න වෙන එක.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අයියේ....ඒත් ඉතින් කටවල් පියාගෙන ඉන්නත් බෑනේ මේවා බල බලා....නේද?ස්තූතියි කෝරලේ මහත්තයෝ ආවට මේ පැත්තට

      Delete
  23. මටත් ඔය ටිකම හිතිලා තියෙනවා. සමහර දේ අත්විඳලත් තියෙනවා. තර්ක කරන්න ඉස්සර අපි පරාදයි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපිමයි අයියේ අපේ තැන නැති කරගත්තේ...හැබැයි මමනම් මරාගෙන කෑවත් කෑ ගහනවා...නෑදෑයෝ මට මුකුත් කියන්න එන්නේ නෑ..දන්නවා මම කොහොම හරි කෑ ගහලා දිනනවා කියලා.....

      Delete
  24. නියමයි මචෝ කතා කරපන්...අපිටත් අයිතිවාසිකම් කියලා දෙයක් ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සුරංග අයියේ අපිටත් ඇති තමා එහෙම ජාතිමමත් මේ ඒවා හොයනවා එකෙක් අතේවත් නෑනේ.........

      Delete
  25. "පුරුශ අයිතිවාසිකම් සු‍රැකීමේ දෙපාර්තුමේන්තුව"

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාත් දැන් ඒ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරියෙක් තමා හරිද?

      Delete
  26. අනේ මන්දා ඉතින් ඔවා නම් මුකුත් කියනවාට වඩා නොකියා ඉන්න එක හොඳයි

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps