Wednesday, December 25, 2013

හිතට ආපු ඒවා


ආදරෙන් මේ අත් දෙකෙන් නුබ 
හින්ද තැනු ලොව ඉස්තරම් 
පුංචි වෙනසක් හිතට දැනිලද 
ඈත් වුනෙ මගෙ රත්තරන් 

පාරවද්දිත් පපු කිනිත්තම 
නොබිඳි සෙනෙහස ඇත්තනම් 
එන්න දවසක පාර අහගෙන 
දෑස් පියවිලි තෙත් කරන්

Sunday, December 22, 2013

නැවත පැමිණීම


ලොවම නිදි ඇති මේ රැයේ..
නිහඬ සිතුවිලි ඇත ලයේ..
කවි බඳින හිමිදිරි පැයේ..
ඔබ කොහෙද සැඟඋනෙ ප්‍රියේ....?

පෙර දිනෙක එලෙසින් කියා මම
දුක් උනේ නුඹ ගැන සිතා
නුඹ ම දුවවිත් නැවත මා ළඟ
එහෙත් මා නිහඬයි මෙදා..

සැමදා මගේ සිත ඔබ ළඟ තිබු හින්දා
වෙනකෙකු කරා නොගියෙමි මම හිත බන්දා
සැමදා මගේමයි කියූ නුඹ ගිය හන්දා
විශ්වාසයක් දැන් කොතැනද ගමි රන්දා.....?

බ්ලොග් යාලුවනේ මම අද අසරණ වීලා
කියලා දෙන්න යන්නද නැවතත් කියලා
සැමදා ලඟින් ඔබලා මට සිටි හන්දා
ඔබලගේ වදන මට වටිනව මටත් වඩා...

Saturday, September 28, 2013

සෙනෙහස


පෙරදා බැඳි සෙනෙහස අඩු වී ඇති ගානයි
වරදක් හොයමින් මා දෙස බලමින් මානයි
කියනා වදනින් ඉඳහිට හදවත පෑරෙයි
තරහක් නෑ හැර යන එක  ඔබහට බාරයි..

Monday, July 15, 2013

මිරිඟුවකි නුඹ


සිහින මල් පුබුදිනා
හද ගැබ තුලට
දෙවිරුවකි නුඹ
හදවිලේ හිඳ සිනාසෙන....

මගේ මරණය



මා මිය ගිය දිනෙක ඔන්න.
මා බලන්න එපා එන්න.
මා වෙනුවෙන් නොහෙලූ කඳුළු
එපා බිඳක්වත් හෙලන්න.

Sunday, June 16, 2013

කිව්වොත් රීලෝඩ් තෑගී


ඔන්න මේ කථා පොඩ්ඩනම් මට කිවුවේ අයියා කෙනෙක්....මමනම් ඇහුවේ එදාමයි අහලා ඇති අයත් ඇති ඉතිං.....

ඒකට කමක් නෑ අහලා නැති අයට කියමුකෝ බලන්න....ඔන්න දවසක් තරඟයක් තිබුණලු ලොකුම කම්මැලියා හොයන...



(අපි නැති කාලෙක වෙන්න ඇති...නේද?නැත්නම් ඉතිං අපිත් දන්නවනේ.)

Sunday, June 9, 2013

උදවුවක් ඕනෑ කර තිබේ



අද මම මගේ යාලුවන්ගෙන් පුංචි උදවුවක් ඉල්ලනවා...මේක පුංචි නෑ යාලුවනේ මට මෙන්න මේ වචන හැදෙන්න හේතු සහ ඒවගේ තේරුම පොඩ්ඩක් කියන්න...දාන්න ඒවායේ විතරක් උනත් කමක් නෑ..මේ වචන අර සන්ධිද මොනවද කියන්නේ අන්න එහෙම තමා මට කරලා ඕන...එහෙමම පුලුවන්නම් ලොකු දෙයක්..

Sunday, May 19, 2013

ආයෙත් ආවා...(බඩුවක් ගෙනාවා)

කාලෙකට පස්සේ ඔන්න .........උමා (දසුන්)......... ආයෙත් බ්ලොග් කෙරුවාවට බහින්න කල්පනා කළා...මම පොඩි පොඩි Course  ටිකක් කරන නිසා මේ දවස් වල කාලය වැඩිපුරම යොදවන්නේ ඒවාට..අනේ සමා වෙන්න ඕනා යාලුවනේ ඔයාලගේ බ්ලොග් කියවන්න හැම වෙලාවෙම බැරි වෙනවාට...හැබැයි තව ටික දවසකින් පස්සේ ආයෙත් අර ඉස්සර වගේම කියවනවා හරිද....?


හරි හරි ඒක වැඩක් නෑ දැන් බහිමුකො කතාවට..



අද මම හොයාගෙන ආවේ පොඩි වෙබ් අඩවි කිහිපයක්...හැබැයි පොඩි කියලා නෑ මේවගේ වැඩනම්....



ඔන්න බලන්නකෝ...

Thursday, March 28, 2013

නැවතත් වඩින්න බුදු සමිඳේ





 

සියලුම ලෝ සතන් හට සුව සෙත             පෑදු
නිවනට යන මග වටහා ගත්                     සාදු
දුදනන් හට පවා නිවනට මග                    පෑදු
නැවතත් වඩිනු මැන මෙලොවට    බුදු සාදු

Tuesday, February 19, 2013

Thursday, February 7, 2013

මිදී තිත්තයිද?



මිදී තිත්තයිද?


මට නං
බෑ කියන්න
මිදී තිත්තයි කියා  

Tuesday, January 15, 2013

මම ආදරය කළා වැඩිද?



තොල කට වේලිලා
ඉන්න මොහොතේ
ඔබ ඉල්ලුවේ
වතුර පොදක් විතරමයි

Thursday, January 10, 2013

රිසානා ඔබට නිවන් සුව


මුලින්ම රිසානා නෆික්ට අපේ සිංහල බෞද්ධ ආගමේ විදිහට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේක කිසිම කෙනෙක්ට ගහන මඩක් නම් නෙවෙයි...මඩක් වගේ පෙන්න පුළුවන්.

අරං *කේ තියා ගැනීම



මම හිතේ ,බොක්කේ ,තව තව තැන්වල තිබ්බ ඔක්කොම කේන්තිය ඇඟිලි වලට අරං ලිවුවා රිසානා නෆීක් ගැන පොස්ට් එකක්.මටම පුදුමයි එච්චර ලොකු එකක් මම ලිවුවේ කොහොමද කියලා.

Tuesday, January 1, 2013

2013 නව වසර

අපිට අලුත් අවුරුද්දට පාටි දෙන්නේ කවුද?

දුක් කරදර නැති වේවා
ලෙඩ දුක් බිය දුරු වේවා
නව පැතුමන් ඇති වේවා
ඒ පැතුමන් ඉටු වේවා

සතුරන් ඇති නොම වේවා
මිතුරන් තව වැඩි වේවා
සුව සහනය වැඩි වේවා
නිරෝගී සුව වැඩි වේවා

සිංහල බ්ලොග් වැඩි වේවා
                                   ඇනෝ කොමෙන්ට් අඩු වේවා(නරක ඒවා විතරයි)
සිතිවිලි තව වැඩි වේවා
                                     ඒ සිතිවිලි ලියැවෙවා(බ්ලොග් පෝස්ට් විදිහට)

දිරිය සිත් තුල අඩු නොවේවා
කඳුල නෙත් අග නොම රැඳේවා
සිනහවෙන් නීති මුව පිරේවා
නව වසර වාසනා වේවා

ලැබුවාවූ මේ නව වසර සැමට සාමය සතුට රජයන, වාසනාවන්ත, සුභම සුභ නව වසරක් වේවා....!
ඇනෝ සහෝදරවරුන්ගේ සිතුවිලි පැහැපත් වේවා..!කරුණාව සිත් තුල පැතිරේවා....!

                                                                                                                          ............උමා(දසුන්)...........

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps