Tuesday, January 15, 2013

මම ආදරය කළා වැඩිද?



තොල කට වේලිලා
ඉන්න මොහොතේ
ඔබ ඉල්ලුවේ
වතුර පොදක් විතරමයි


මෝසම් වරුසා වැහැලා
වැව් අමුණු දෝර ගලා
යන මොහොතේ
තොල කට තෙමුව වතුරට
කෙල පිඬක් ඔබ ගැසුවේ
සැමටම පෙනෙන්නටය

මට හිතුනේ
"මම ආදරය කළා වැඩිද මන්දා"
කියලා විතරමයි

57 comments:

  1. ආදරයත් එක්ක බැඳිලා තියන දෙයක් තමයි කඳුල. කදුලින් ආදරය වත් ආදරෙන් කඳුලවත් වෙන් කරන්න අමාරුයි. තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් අදරවන්තයෙකුගේ හදවත කොච්චර විශාලද කියල මේ කවි පෙලෙන් ලස්සනට ලියල තියනවා. උමා මේක හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කල්පනා සහෝදරියේ......ගොඩාක් වටිනවා ඔයාලගේ කොමෙන්ට් මට

      Delete
  2. පද පේළි ටිකක් වුනත් හරි ගැඹුරු තේරුමක් තියනවා නොවැ මලයා... ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ශම්මි අක්කියෝ........

      Delete
  3. සරළයි කියලා හිතුනට ලොකු තේරුමක් තියෙනවා පද ටිකේ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ලිහිණි අක්කියෝ......පට්ට සතුටක් දැනෙන්නේ කොමෙන්ට් එකක් දැක්කම...

      Delete
  4. වැඩීද කොහෙද තමයි ...........( හත් වලාමේ ඇයි බං මේ සයිට් එක ලෝඩ් වෙන්න මෙච්චර වෙලා යන්නේ )

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු ගොඩාක් වෙලා යනවද අයියේ...මම මුකුත් දාලා නෑනේ අයියේ ඉතිං...ඇයි කියලා බලන්නම්කෝ මම....ඔයාටත් ගොඩාක් ස්තූතියි අයියේ...

      Delete
  5. සිරා කවි ටික.. යටි පෙළත් මරු.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ අදහසට....


      ඒත්...මොකක්ද යටි පෙළ....?

      Delete
  6. මෝසමේ පිටාර යන
    වතුරට..
    තොලකට තෙමන්න බෑ යාළු..
    තෙමුවට ..
    වැඩකුත් නෑ.!

    වේලිච්චි තොල කට
    තෙමිච්චි දිය ඩිංග
    ඒ ජීවිතයට වටීවි දවසක
    පිටාර සැඩ පහරට
    හෙම්බත් වුන දාට

    එදාට රස මතක් වෙයි..
    තෙමිච්ච තොල කට..
    දුක් වේවි කෙල පිඩට ..
    හැපේවි ඉබේම..
    බෙරිකරන් බෝම..
    ඒ තෙමිච්චි තොල කට.

    ReplyDelete
    Replies
    1. අනිවා හූනා යාලුවේ.....ඔයාගේ අදහස සහතික ඇත්ත...

      //.......දුක් වේවි කෙල පිඩට ..
      හැපේවි ඉබේම..
      බෙරිකරන් බෝම..
      ඒ තෙමිච්චි තොල කට........//

      ස්තූතියි අදහසට යාලුවේ

      Delete
  7. ලවු කොහෙද ඊට එහා පැත්තේ ඉලවුවකි...
    කට කහනවට නෙමේ බොලං පේමතී ජායතී සෝකෝ කිවුවේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්......තරියා අයියාටත් හිතෙන දේවල් අම්මපා....

      Delete
  8. විදින්න බලාගෙන ආදරේ කරාට.. වැඩියෙන්ම කරන්නේ විදවන එක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බණ්ඩා අයියේ....ඒත් විඳවන්නේ නැතුවත් ආදරේ සතුටක් නෑ නේද....?

      ස්තූතියි අයියේ...

      Delete
  9. කෙටි උනත් හොඳ තේරුමක් ගන්න විදියට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ....
      ඒක නෙවෙයි 27 යනවද ගම්5....?

      Delete
  10. ආදරය.. ආදරය.. ආදරය..
    උපන්දා සිට මැරෙන තෙක් සැම
    සොයන්නා වූ
    දෙයකි සැම දෙන...

    එසේ සේවුවද
    සොයන අයවත්
    නොම දනීමය
    කිමද මේ දෙය.......

    නොදත් කමටම
    බොහෝ විට අප
    වෙනත් දෙයකට
    රැවටිලා ඇත.............

    ලැබුන විටදීත්
    අපට මේ දෙය
    බැහැර කරතිය
    නොදත් කටම.......

    එසේ කරමින්
    නැවත නැවතත්
    නොදත් කටම සොයන්නේමය
    ආදරය.. ආදරය.. ආදරය..

    ReplyDelete
    Replies
    1. ආදරය නෙවෙයි කෑදරය....
      ඉතිං මේ කවිය දාන්නකෝ පොස්ට් එකක යාලු....පට්ටයිනේ

      Delete
  11. හොඳ කවියක් මල්ලි !
    ආදරයයි කඳුලයි අතරේ -අමුතු පෙමක් ඇත මගේ මිතුරේ ! කියනවනේ .......
    :)

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමා අක්කියෝ.....කඳුලක් නැත්නම් එතන එළකිරි ආදරයක් නෑ අප්පා...නේද?

      ස්තූතියි අක්කියෝ ඔයාටත්

      Delete
  12. උමා දැන් එන්න එන්න ම කවියෙන් පෝෂිත වෙනවා...නියමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නලින් අයියේ ඔයාටත්...සතුටුයි මේ වගේ කොමෙන්ට් දකිද්දී ගොඩාක් අයියේ....

      Delete
  13. ආදරයයි කඳුලයි කියන්නේ තදින් එකට බැඳිච්ච දෙකක්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා නාඩියෝ....
      ඒ කතාව සහතිකම ඇත්ත...
      ඔයාටත් ගොඩාක් ස්තූතියි කොමෙන්ටුවට යාලුවේ....

      Delete
  14. මං හිතුවේ කෙල්ලෙක් ගැනදෝ කියලා. .

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං දැන් හිතං ඉන්නේ කෙල්ලෙක් ගැන නෙවෙයි කියලද......?

      Delete
  15. අනේ..
    "ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිදුන දා කුමකට කදුළු සලනු සකී
    ආල වඩන යන තේරුම බෝසත් කම සකී" කියලා සින්දුවකත් කියනවානෙ.ප්‍රශ්නයක් නෑ මලේ ඔයා එයාට ඉල්ලපු දේ දුන්නා නේ. :)

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ඇති අක්කියෝ...මම ඉල්ලපු දේ දුන්නනේ...දැන් කොහොමත් එකයි ඉතිං...නැද්ද?

      Delete
  16. මගේ අහිංසක අතීතය මතක් වුනා බන්.. මම උඹ වගේ වැඩියෙන් ආදරේ කරලා හිත රිද්දගත්ත එකෙක්...අද නම් ඒ අතීතය අමතක කරලා සතුටින් ඉන්න එකෙක්... ඒක තමා වෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමා සිරා අයියේ....මේ පොස්ට් එකටත් හිත රිදුනානම් සමා වෙන්ඩ ඕනා....මට දැනුන දේ විතරයි අයියේ ලිවුවේ....සමා වෙන්ඩ ඕන...

      Delete
  17. මං කරපු ආදරේ තේරුණා මදිද ? , කියලයි අහන්න ඕන

    ReplyDelete
    Replies
    1. මම කරපු ආදරේ තේරුනා මදිද...?

      හ්ම්...එකත් නරක නෑ නේද අයියේ...ලියමුකො ඉතිං අයියේ එකක්....

      Delete
  18. Replies
    1. චික් අප්පා....ගයනි අක්කා වගේ කෙල්ලෙක් හම්බ උනානම් ආදරේ දැනෙන්න තිබ්බා නේද...?(සමාවෙන්න ඕනා වැරදියි නම්...අදහස වැරදියට තේරුම් ගන්න එපා අක්කියෝ....)

      Delete
  19. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කිව්වෙ ඕකයි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔවු හෙන්රි අයියේ....ඕවා කට කහනවට කියපු කථා නෙවෙයි තමා නේද?

      Delete
  20. ඕනෑවට වඩා කෝකත් හොඳ නෑ. කතාව මෙහෙම නම් ආදරේ කලා වැඩි තමා. සමහර අයට කෝකත් විස වෙන වෙලාවල් තියෙනව මල්ලි.

    ReplyDelete
    Replies
    1. හ්ම් එකත් ඇත්ත තමා අක්කියෝ...වෙලාවකට ආදරේ කලත් වැරදියි...නැතත් වැරදියි තමා...

      Delete
  21. so touching creation dasun malli. kp t up:)

    ReplyDelete
  22. ප්‍රේමතී ජායතී සෝකෝ කිව්වේ ඕක තමයි මලයෝ......

    ReplyDelete
    Replies
    1. කවුද සමනලී අක්කියෝ එහෙම කියලා තියෙන්නේ......

      ස්තූතියි අක්කියෝ අදහසට

      Delete
  23. ඕනවට වඩා ආදරේ කරාමත් අගයක් නෑ මචන්
    කෙල්ලන්ට කොල්ලෙක්ගේ හිත තේරුන් ගන්න බෑ මචන්

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්තම කතාව ඒකනම් යාලු...එපා වෙනවා නේද?

      ස්තූතියි යාලු අදහසට ඔයාටත්

      Delete
  24. මොකෝ බොල පෙන්නවත් නැත්තෙ? :O

    ReplyDelete
    Replies
    1. අනේ සමී අයියේ....මේ දවස් ටිකේම එන්න උනේ නෑ...සමාවෙන්ඩ ඕනා අයියේ....

      Delete

  25. Invitation - inglês
    I'm Brazilian.
    Spent reading here, and visit his blog.
    I also have one, only much simpler.
    I'm inviting you to visit me, and if possible follow together for them and with them. I always liked to write, expose and share my ideas with people, regardless of class Social, Religious Creed, the Sexual Orientation, or, of Ethnicity.
    To me, what will interest is our exchange of ideas, and, thoughts.
    I'm there in my space Simpleton, waiting for you.
    And I'm already following your blog.
    Strength, Peace, Friendship and Happiness
    For you, a hug from Brazil.
    www.josemariacosta.com

    ReplyDelete
  26. Replies
    1. නෑ නෑ සිරා නෙවෙයි....උමා මම

      Delete
  27. මට නාරද දිසාසේකරගෙ මේ සින්දුව මතක් වුණා,
    ..මේ භවයෙදි යළි දියදායේ..
    එකතු නොවුන ඇත අප ආයේ..
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වූයේ?

    එහෙමද දන්නෑ නේ මේකත්.දිය පොදක් බලාපොරොත්තු වෙන කොට මහ වතුර ගගක් ලැබුණාම ටිකක් අප්සට් නේද?ඕන මදෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනෙ..))

    ReplyDelete
    Replies
    1. හ්ම් මේකත් එහෙම එකක් තමා වර්ෂා.....ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට

      Delete
  28. දැනෙන්නම ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. තැන්කු පොඩ්ඩෝ.....සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  29. සැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද ?

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps