Thursday, February 7, 2013

මිදී තිත්තයිද?



මිදී තිත්තයිද?


මට නං
බෑ කියන්න
මිදී තිත්තයි කියා  


කොහොම ඉන්නද
හැමදාම
මෙහෙම බොරු මවා

කිවුවාම
මට කියනවා
නියම
___________හිවලෙක්
ලු මම.

50 comments:

  1. මිදී තිත්තයි
    කියන්නෙපා
    ඇඹුල් මිදිත් තියෙනවානේ?
    කඩාගන්න බැරි ඒවාට
    උඹ කියපන්
    ඇඹුල් කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම් අද ඉඳං එහෙම කරමු නේද...ගොඩාක් ස්තූතියි යාලුවේ ආවට මේ පැත්තට...සමාවෙන්න ඕන උත්තර පහු උනාට..මට පොඩ්ඩක් ජංජාලය පැත්තේ එන්න වෙන්නේ අඩුවෙන්...

      Delete
  2. නියම හිවලෙක් තමා

    ReplyDelete
    Replies
    1. කවුද දේශ් මමද හිවලා...අනේ මෙන්න මූ මට හිවලා කියනවෝ........

      Delete
  3. අර කිව්වත් වගේ කියන්නකෝ ඇඹුල් කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම් මම එහෙම කියන්නම්කො....

      Delete
  4. නරින්ට නම් මිදි තිත්තයිලු අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. එතකොට මමද නරියා....?අනේ මුනුත් මට නම් කියනවා...

      Delete
  5. ඔව් ඔව් හිවල් නාම්බෙක් නේ... හුග දවසකින් අප්පා මේ පැත්තේ ආවේ.. තරහ වෙලාද මන්ද???

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ...මමත් කාලෙකින් ජංජාලය පැත්තේ අවේ නෑ කාලෙකින්...ස්තූතියි මේ පැත්තට ආවට අයියේ....

      Delete
    2. මම ඉතිං එදා ඇඑවේ නෑ.. සිරාවට මිදි තිත්තද බං...

      Delete
    3. අනේ මන්දා ඔය කියන්නේ යාපනේ ඒවා තිත්තයි කියලා

      Delete
  6. ඇත්තටම මිදි තිත්තයිද.

    ReplyDelete
    Replies
    1. මමත් අහන්නේ ඒක තමා අයියේ තිත්තයිද මිදී...?

      Delete
  7. නැතුව නැතුව හිවල් නරියෙක් ලු

    ReplyDelete
    Replies
    1. එහෙම ජාතියකුත් ඉන්නවද නලින් අයියේ....?

      Delete
  8. එහෙනම් ඇත්ත වෙන්න ඇති :)

    ReplyDelete
    Replies
    1. එතකොට මම හිවලා...?එහෙමද කියන්නේ....

      Delete
  9. ඕවට උඩ පැන පැන නොයිඳ කඩෙන් කාපං

    ReplyDelete
    Replies
    1. කෝ අප්පේ සල්ලි....අනික කොහෙද අප්පේ කඩවල් වල කෙල්ලෝ....?

      Delete
  10. හිවලොජික්!

    ReplyDelete
  11. අපිට කොයින්ද නරියෝ මිදී

    ReplyDelete
    Replies
    1. නරි ගැන මම කිවුවේ නැතෝ..මම කිවුවේ හිවල්ලු ගැන....

      Delete
  12. තිත්තයි තමා...

    ReplyDelete
  13. කඩා ගන්න බැරි උන දාට කාටත් මිදි තිත්ත වේ.....ලු ;)

    ReplyDelete
  14. හෙහ්... මිදිනම් මාරම තිත්තයි.. කතා කරලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. අම්මපා තිත්තයිද මිදී...?

      Delete
  15. මිදී තිත්ත නෑ බං. අර අධිපති කියපු කතාව තමා මටත් කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද කතාව ඉශාන් අයියේ....?

      Delete
  16. අපි මිදී තිත්තයි කිව්වට කාපු එකා දන්නවා අපි කියන්නේ බොරු කියල. සමහර මිදී වැල් හරි උසයි.. අපි කොටයි.. බොන්සායි මිදී වවමු.. :D

    ReplyDelete
    Replies
    1. හූ...හූ....මම මිදී පැළ කරන්නේ ලොකුම ලොකු වලක් කපලා ඒක ඇතුලේ....

      Delete
  17. කඩා ගන්න බැරි උනාම මිදි තිත්තයි කීවලු හිවලෙක්! කතාව පරණ උනාට අදටත් ගැලපේ උමා.

    ReplyDelete
    Replies
    1. ඔයත් මටද හිවලා කිවුවේ අක්කේ.....

      Delete
  18. උඹ කෑවෙ ලංකාවෙ මිදි වෙන්න ඇති...ඒකයි තිත්ත...ඊළග සැරේ සීනි මිටක් එක්ක කාපන්...

    ReplyDelete
    Replies
    1. හි හි...සිරා අයියටත් හිතෙන දේවල්.....එතකොට සීනිත් ලංකාවේ ඒවා උනොත්....?

      Delete
  19. Replies
    1. තිත්ත නෑ ඒවා ඇඹුලයි නේ.....

      Delete
  20. තිත්ත ඇති නේ .. න රි යා :D

    ReplyDelete
    Replies
    1. මැටි සුදු මහත්තයා...මම නෙවෙයි නරියා....සුදු මහත්තයා තමා නරියා

      Delete
  21. මිදි කොහෙද තිත්ත.නරි කියයිද ඇත්ත...

    ReplyDelete
  22. මිදි කන් නැතුව පල් කරලා පෙරලා බිව්වනං ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක කරන්නත් මිදී කඩාගන්න ඕනනේ....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps