Tuesday, February 19, 2013

උපාසක අම්මා





කතරගමට දුන්නත්

පූජා වට්ටි දහසක්


සමනල ගිර වැන්දත් 

දහතුන් වතාවක්

ශ්‍රී මහා බෝධියට පිදුවත්

මල් වට්ටි දස දහසක්

උපාසක අම්මෙක් වෙයිද.....?
.
.
.
.
.

තිබෙන විට 
.
.
.
.
.
.
සිතේ එක කුණු බිඳක්

68 comments:

  1. Replies
    1. ස්තූතියි දේශකයා අයියේ.......

      Delete
  2. සරණ ගිය විට බුදු රජුන්
    සදහම් සහ මහ සඟුන්
    එපමණින් මැ ලැබෙයි
    උපාසක යන ගරු යෙදුම්

    ඇතිමුත් සිතේ කුණු
    බිඳක් නොව මහා ලොකු කඳු
    ඇතියෙන් තිසරණය ගරු
    උපාසක යැයි කිව යුතු.

    දුරුකළ කලට කුණු කඳු
    බිඳක් හෝ නැති ලෙසට සිත සැදු
    උපාසක නොව මින් මතු
    මහරහත් මය අති ගරු.





    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමා යාළු.....ස්තූතියි ඔයාගේ අදහසටත්...

      Delete
    2. මේ පද ටික මගේ උනත් අදහස මගේ නෙවේ උමා. ධර්මයට අනුව කෙනෙක් තෙරුවන් සරණ යාමෙන්ම උපාසකයෙක් වෙනවා. මේ තෙරුවන් සරණ ගිය උපාසක තෙමේ එම තෙරුවන් සරණ බිඳ නොගෙන තමන්ගේ හිතේ ඇති කෙලෙස් (කුණු) ක්‍රමයෙන් ඉවත් කරමින් අරහත්වය කරා ගමන් ගත යුතුයි. හිතේ කුණු බිඳක් නැති තත්වය තමයි අරහත්වය.

      සෝවහන් ආදී මාර්ග පල ලැබුවන් තුලත් හිතේ කෙලෙස් හෙවත් කුණු තියෙනවා.

      බොහෝ බෞද්ධයන් හට මේ ගැන හරි අවබෝධයක් නැහැ. පළමුව වටින්නේ තෙරුවන් සරණ රැක ගැනීමයි. හිතේ කුණු තිබු පලියට තෙරුවන් සරණ හෙවත් උපාසක භාවය නැතිවන්නේ නැති බව දැන් ඔබට පැහැදිලි ඇති.

      නමුත් කතරගමට පුජවට්ටියක් තැබුවොත් නම් තෙරුවන් සරණ හෙවත් උපසකත්වය නැති වෙනවා. මගේ පද පේලි ටිකේ ඒ ගැන නම් සඳහන් කලේ නැහැ. මක් නිසාද යත් තෙරුවන්ට අමතර තවත් සරණක් ගැන විශ්වාස කරන නිසා.

      තෙරුවන් සරණ අහිමි වීම ඉතාම බරපතල කාරණයක්. මේ ගැන උගත් ස්වාමින් වහන්සේ නමක් හමු වී කරුණු දැනගන්න. ඔයාගේ නිර්මාණය අගෙයි, නමුත් මල්ලි, ධර්මයට අදාල කරුණු ගැන ලියක, කියන විට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පටහැනිව යමක් කීම තුලින් අපි බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වෙනවා. ඒ තුලින් අපිට තෙරුවන් සරණ අහිමි වෙනවා මල්ලි.

      මේ කරුණු ආගමක්, දහමක් මට නැහැ කියලා මහා උජාරුවට කෑ ගහන අයට විහිළුවක් වෙන්න පුළුවන්, මේ කරුණු ටික ඉදිරිපත් කලේ ඔයාව දැනුවත් කිරීමට පමණයි. ඔයාට හිතෙනවනම් මේ කොමෙන්ට් එක අයින් කරන්න මල්ලි.




      Delete
    3. අනේ නෑ අයියේ මම කොමෙන්ට් අයින් කරන්නේ නෑ...අයියේ මම මේ කවිය ලිවුවේ උපාසක අම්මලාටම නෙවෙයි....මම මේ කතාව ලිවුවේ ගොඩාක් ලොකු අදහසක් හිතේ තියාගෙන..මේකෙන් උපාසක අම්මලා කියන පදය සමඟ සම්බන්ධ උන හැම පදයක්ම වෙනස් කරලා හිතන්න...හිතන්න කෙනෙක් ආදරය කරනවා කියලා කෙල්ලෙක්ට කෙල්ල වෙන කෙනෙක්ට ආදරය කරනවා...එහෙම වුනොත් ඒක පිවුතුරු ආදරයක් නෙවෙයි නේද අයියේ....අන්න ඒ වගේ අදහස් තමා මම මේකෙන් බලාපොරොත්තු උනේ....

      අයියේ ඔයාගේ මේ දැනුවත් කිරීම ගොඩාක් නිහතමානියි ගොඩාක් ස්තූතියි අයියේ ඔයාට....හැමදාමත් මේ වගේ අදහස් දෙන්න මට ඒක ගොඩාක් වටිනවා...

      Delete
  3. නිදි කිරන බන දෙසන තුරු
    වං හුං හොයයි කරු කුරු
    ඇද බාති බඩ පැලෙන තුරු
    අනේ මෙහෙමත් උපාසක හොරු

    ReplyDelete
    Replies
    1. නියම අදහස මාතලන් අයියේ.......ස්තූතියි අදහසට අයියේ.....

      Delete
  4. දැං උපාසක කියන එක නිකං වචනයක් විතරයි.

    කොච්චර පවු කරපු කෙනෙක් උනත් මැරුනම ගහන්නෙ උපාසක මහතාට/උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා කියලනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි අයියේ....කොච්චර පවු කලත් හැමෝම දවසක උපාසක කෙනෙක් වෙනවාමයි...නැද්ද....?

      Delete
  5. දැන් පන්සල් ගිහිල්ලා සිල් ගන්න අය කරන්නෙ අනුන්ගෙ ඇද හොයන එක, ඒ වගේ තමයි ඕකත් මලයා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මෙහෙමත් ලෝකයක් නේද අයියේ........?

      Delete
    2. තොට මං ගහනවා,, ආයේ එන්නෑ මේ පැත්තේ,, යකෝ... මල්ලියේ... මම කෙල්ලෙක්.. :/

      Delete
    3. @ ශම්මි
      අනේ අක්කියෝ...සමාවෙන්ඩ ඕන....හැමදාම මට වරදිනවානේ...අනේ අක්කියෝ එන්නේ නැතුව ඉන්න එපා ඉතිං ඇයි ඔයා ආස නැද්ද කොල්ලෙක් වගේ ඉන්න...පට්ට ආතල්නේ හලෝ

      Delete
    4. @ දේශකයා
      අනේ අයියේ මම නම බලලා හිතුවේ කොල්ලෙක් කියලා...ඔයාම කියන්නකෝ...කොච්චර කෙල්ලෝ කැමතිද කොල්ලෝ වෙන්න නේද?

      Delete
    5. @ Chinthaka Supun
      තිත් 2යි ඩී.....
      අයියෝ ඉතිං මම හිතලා කරපු දෙයක් නෙවෙයිනේ මේක...

      Delete
    6. @ ශම්මි
      //තොට මං ගහනවා,, ආයේ එන්නෑ මේ පැත්තේ,, යකෝ... මල්ලියේ... මම කෙල්ලෙක්.. ://

      ඔහොම කියනකොට මටත් හිතෙනවා ඔය කොල්ලෙක් කියලා ශම්මි.. හික් හික්... හික්...

      Delete
    7. මම ආසයි උප්පත්තියෙන් ලැබුනු ගෑනු කමට, කාන්තාවකට විතරයි පුළුවන් ලෝකේ පැවත්මයි විනාසයයි පාලනය කරන්න,, ඒ නිසා මම කැමති නෑ කොල්ලෙක් වෙන්න, උමා මේ අවසාන වතාවට කියන්නේ, ආයේ මට අයියා කීවොත් පාරකදී හරි දෙනවා එකක් :/

      Delete
    8. @ Ayilas A
      මටත් එහෙම හිතුනානේ අයියේ...ඒකයි මම එහෙම කිවුවේ...වැරදි නෑ නේද මම?

      Delete
    9. @ ශම්මි
      ඇයි කොල්ලෝ වන අපිට බැරිද ලෝකේ පැවැත්ම පාලනය කරන්න ශම්මි අයියේ....සමාවෙන්න අක්කියෝ.....

      Delete
  6. කිව යුතු වැඩි යමක්
    නැතිමුත් කිව හැකිය
    වරක් වැදි පමණකින්
    යයිද නිවනට යමෙක්

    ReplyDelete
    Replies
    1. නෑ නේන්නම්....වරක් වඳිනවා කියන්නේ අවුරුද්දක් නොවරදවා වැඳීම නේද නිර්මලා අක්කියෝ....?ආහ් කියන්න බැරි උනානේ...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ඔබතුමීවත්

      Delete
  7. අපිට මොටද අපි දසසිල් උපාසක
    ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට

    ReplyDelete
    Replies
    1. අම්මපා ඉබ්බාගේ අනිත් පිට කිවුවේ මොන පිටද අයියේ....?

      Delete
    2. ඇත්තටම උමා ඒ කතාව දෙන්නෙ නැද්ද? නැතිනම් මගේ කකුලෙන් අදිනවද?

      Delete
    3. අනේ මම නැගිටින කෙනෙක්ගේ කකුලෙන් අදින්නේ නෑ....අනිත් පිට කියන්නේ කට්ට පැත්තද නැත්නම් බඩ පැත්තද හෙන්රි අයියේ.............?

      Delete
  8. සිරාම ඇත්ත!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.............

      ඔයාටත් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  9. Replies
    1. තැන්කූ අයියේ.....කාලෙකින් නේද?

      Delete
  10. Replies
    1. ඔයාටත් ස්තූත්යි බිඟු අයියේ.....

      ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා...ආයෙත් එන්න මේ පැත්තේ.

      Delete
  11. සිතේ එක කුණු බිඳක්
    නැති උපාසක අම්මෙක්
    ඉන්නවඳ මේ ලොවේ
    පෘථග්ජන නොවන්නෙක් ??????

    ReplyDelete
    Replies
    1. කියන විදිහටනම් හැමෝම නියම උපාසක අම්මලා....ඒත්.......බලාගෙන යද්දී හැමෝම ඔහොම තමා අයියේ........

      Delete
  12. Replies
    1. මොන සහතිකද අක්කියෝ ඇත්ත කිවුවේ...ඇයි බොරු සහතිකත් තියෙනවද...?

      හි හි ජෝක් එකක් හොඳේ...ස්තූතියි අදහසට අක්කියෝ

      Delete
  13. ඔව් බන් වටේ ලෝකේ උන්ට බැන බැන ඕපාදුප හොය හොයා සමහරු පන්සල් ගිහින් උපාසක මහත් මහත්මියෝ වෙනවා.

    ReplyDelete
    Replies
    1. දුකයි නේද අයියේ එහෙම අය දැක්කම...ඒත්....බණ ගෙවල් වල ගිහින් 3 පාරක් විතර කන ඒකනම් එච්චර හරි නෑ නේද අයියේ...?

      Delete
    2. ඇඩෝව් මැරෙන්න හිතෙනවා බොල මේවා දැකලා :'(

      :D

      Delete
    3. 3 පාරක් කාපු කතාව මම යාලුවොත් එක්ක ඉද්දි උන්ටත් කිවුවා...ඒක පට්ට කතාව.....හි හි

      Delete
  14. නියම අදහස... ඇත්ත කතාව බොල..

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ....අදහසට...ආයෙත් එන්න මේ පැත්තේ

      Delete
  15. Replies
    1. බුදු අම්මේ තරුවාව දකින්න තියෙන අමාරුව.....මොනවද නැත්තේ තරුවා අයියේ......

      Delete
  16. Replies
    1. ඇයි සුදීක අයියේ,,,,,,,,,,?

      Delete
  17. Replies
    1. ස්තූතියි මල්ලියෝ..........දැන් එනවා අඩුයි නේද...?

      Delete
  18. කථාව සහසුද්දෙන් කෙටියෙං...

    ReplyDelete
    Replies
    1. හ්ම්....අනේ මන්දා අප්පා ඔවානම්...කාලෙකින් නේද මේ පැත්තේ ආවේ අයියේ......?

      Delete
  19. සචිත්ත පරියෝදපනං..!

    ReplyDelete
    Replies
    1. අනේ වර්ෂා අක්කියෝ...ඒකනම් තේරුනේ නෑ.....සමාවෙන්ඩ ඕනා...පන්සලනම් ගෙට අල්ලපු වත්තේ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ කිව්වේ සිතයි පිරිසිදු විය යුත්තෙ කියලා..))))

      මේ සියලු බුදුවරයන්ගේ අනුශාසනාවේ අන්තිම පදය.අර සබ්බ පාපස්ස අකරණං කියලා පටන් ගන්නෙ.දැන් මතක් වුණාද..?

      මං අක්කියෙක් වෙන්න බෑ...-2015 ඒ ලෙවල් කරන්නේ.වෙනත් විදියකින් කිව්වොත් ගිය අවුරුද්දෙ ඕ ලෙවල්..)))

      Delete
    4. මොකද වර්ෂා මචං මුලින් එක ඩිලීට් කලේ......?

      Delete
    5. හි හි......ඇයි වෙන්ඩ බැරි ඔය වෙලා තියෙන්නේ...මම මේ අවුරුද්දේ තමා ඕ ලෙවල් කරන්නේ....හූ හූ හූ................

      Delete
    6. මොනවාහ්...වෙන්ඩ බෑනේ.ඒක ඇත්තක් වුණත් ඔහේ ලියනවා වයසට වඩා බොහොම සැරයිනේ.....))))))

      මුලින් එක ඩිලීට් කළේ ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කියලා ලියවිච්ච හින්දා.එතකොට උඹ හිතාගනීවිනේ මං සැරයක් ෆේල් වෙලා කියලා...අන්න ඒ හින්දයි ඩිලීට් කෙරුවේ..:D

      සචිත්ත පරියෝදපනං තේරුණාද..?

      Delete
    7. ආහ් සචිත්ත පරියෝ දපනං එකනම් තේරුනා අක්කියෝ....වයසට වඩා සැරයි කියන්නේ ඒවා ගැලපෙන්නේ නැද්ද...?

      Delete
    8. නෑ නෑ වයසට වඩා මනුස්සයෙක් අදහස් අතින් වැඩිමහල් වෙන්න පුළුවන්නේ.ඔයාගෙ අදහස් හරි ක්‍රියේටිව් මල්ලෝ..මං කිව්වෙ මට ටිකක් හිතන්න අමාරු වුණා ඔයාගෙ වයසට ඔයා ලියන දේවල්.ඔය වයසෙ ගොඩක් අය ඔය තරම් දුර හිතන්නේ නැහැනේ.ඒකයි.දිගටම ලියන්න.ඉගෙනගන්න වැඩත් හොදින් කරගන්න.ජය වේවා!

      -මෙච්චර කල් බ්ලොගින්වලින් ගොඩක් ෆිට් එකේ හිටියෙ අය්යලා අක්කලානේ..නියමයි දැන් මට මල්ලියෙකුත් ඉන්නවා...)))))

      Delete
    9. හි හි...ඔන්න දැන් අපි ෆිට් ලු අක්කියෝ.......අලුතෙන් පොස්ට් එකක්වත් දාන්නේ නැද්ද අක්කියෝ.....?

      Delete
  20. කොයි තරම් පිං දහම් කලත් වැඩක් නෑ හිතේ කුණු තියාගෙන

    ReplyDelete
    Replies
    1. ඒක තමා අප්සරා අක්කියෝ......

      Delete
  21. ගොඩක් මිනිස්සු ආගම දහම අදහන්නේ රටට ලෝකෙට පේන්න.

    ReplyDelete
    Replies
    1. අම්මපා අයියේ එකත් ඇත්ත තමා....

      Delete
  22. හුගක් අයගේ සිල් තියෙන්නේ රෙද්දේ විතරයි...
    ඔන් ෂැගියාත් එහෙනම් දිගටම මේ පෙත්තෙන් ඇවිත් යනවා

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත යාලු...හොඳා හොඳා එන්ඩකෝ මේ පැත්තෙත් ඉතින්....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps