Monday, March 4, 2013

කොහොමද මේවා.....?

මෙයාව ගන්න මම ෆොටෝ 20 විතර ගන්න ඇති.පුදුම විසයක්‌ තිබ්බේ මේකට

මම පොඩ්ඩක් චායාරූප පිස්සුව තියෙන එකෙක්...මොකක් හරි ලස්සන දෙයක් වෙනස් විදිහට දැක්කොත් ඒක ක්‍ෂණිකව චායාරූපයකට ගන්නවා... නොකියා 1100 ෆෝන් එකේ කැමරා එකක් තිබ්බනම් ඒකෙන් හරි කමක් නෑ මටනම්....ඒ වගේ මම ගත්ත ටිකක් තියෙනවා මගේ බ්ලොග් මිතුරන්ටත් පොඩ්ඩක් පෙන්නලා සතුටු වෙන්න හිතුවා....හැබැයි මම වෘත්තීය චායාරූප ශිල්පියෙක් නොවන නිසා අඩුපාඩු ගැනනම් දන්නේ නෑ...දන්නා දෙයක් තියෙනවානම් මට කියලා දෙන්න..මම ආසයි කියලා දෙන අයට....

මේ ෆොටෝ පැහැදිලි මදිනම් ඒක උඩ ක්ලික් කරන්න....
අනේ මේ මලේ නමනම් දන්නේ නෑ දන්නවානම් කියන්න
අනේ මෙයාගේ කකුලක් නෑ.
අපේ ගේ ඉස්සරහ තියෙන ගස්ලබු ගහේ තමා මෙයා රෑ නිදාගෙන හිටියේ
මේක ගඳපාන මලක්...ලස්සනයි නේද?

අපිනම් මේවට කියන්නේ අඬනහිරියා මල් කියලා.
මේකනම් දාස්පෙතියා මලක් ගත්තේ රෑ 12 ට විතර.


මේ ටිකක් විතරයි තව තියෙනවා අඩුපාඩු කියන්නකෝ මුලින්ම.

අම්මට උඩු කියන්න අමතක උනානේ මේ කිසිම ෆොටෝ එකක දශමයක්වත් එඩිට් කිරීමක් කරලා නෑ..



60 comments:

  1. එහෙම ෆොටෝ අල්ලනකොට උඹ ලස්සනයි උමා.

    අර දහස් පෙතියා මලේ පෙති දහයද තියෙන්නෙ බං?

    මාත් ඔය මලම අරන් තියෙනවා දවාලක නුවරදි.

    ReplyDelete
    Replies
    1. අම්මේ දැන් හෙන්රි අයියලා දකින්න තියෙන අමාරුව...කාලෙකින් නේද අයියේ..........?

      Delete
    2. ඇයි බං උඹ එහෙම කියන්නෙ? ගිහිල්ලා බලාපං උඹේ කලින් පෝස්ට් දෙක. උඹටයි මතක නැත්තේ. :D

      හිවලොජික් කියන්නෙ හිවලාගේ ලොජික් එක.

      අනිත් කතාව ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට කිව්වේ ඉබ්බා ගිණි ගොඩට දැම්මාව ඌ ඇවිදගෙන අහකට යනවා බලා ඉන්න බැරි සිල් පවාරණය කරලා එන උපාසක කෙනෙක්. ඌ කකුල් උඩට හිටින්න ගිණිගොඩට දැම්මාම ඌට ඇවිදගෙන යන්න බෑනෙ.

      Delete
    3. අනේ සමාවෙන්ඩ ඕනා අයියේ...මට අමතක උනා....සමාව දෙනවා නේද අයියේ....මේ එක නෙවෙයි අයියේ අවුරුද්දට අපි බ්ලොග් කරන අය එකතු වෙන්නේ කොහෙටද?

      Delete
    4. හෙහ් හේ මමත් වැඩිය කල්පනාවක් තියෙන එකෙක් නෙවෙයි. :D

      ගෙට්‍ටුව නම් කොහෙද දන්නෙ නෑ බං. නමුත් ගිහිල්ලා එන්ජෝයි කරලා පින්තූර දාපල්ලා අපිටත් බලලා සතු‍ටු වෙන්න.

      මට නම් එන්න වෙන්නෙ නෑනෙ බං මේ නොරටක ඉන්න නිසා.

      Delete
    5. අයියෝ අපරාදේ ඔයා නොරටක හිටියට කමක් නෑ අයියේ...කොහොම හරි එන්න..මාර ආතල් එකක් ගමු.....

      Delete
  2. Replies
    1. ගොඩාක් ස්තූතියි යාලු...අඃ....සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...ආයෙත් එන්ඩ ඕනා

      Delete
  3. දාස්පෙතියා මලේ රැස් විහිදෙනවද මන්ද... අඬනහිරියා මල දැක්කෙ අදයි... උඩම කහ පාට මලත් ලස්සනයි... ලස්සනයි මල්ලි...

    ReplyDelete
    Replies
    1. නෑ අනූ අක්කියෝ...රෑ නේ ඒක ගත්තේ ෆ්ලෑෂ් එක වැදුනම පේන හැටි ඒ....ස්තූතියි අක්කියෝ ඔයාටත්....

      Delete
  4. හරිම ලස්සන පින්තූර ටිකක්.. දාස් පෙතියා මලේ අමුතුම පෙනුමක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩාක් ස්තූතියි චින්තක අයියේ..,,,,,,...ආයෙත් එන්න.......

      Delete
  5. පින්තූර ටික ලස්සනයි බං! මොකද්ද කැමරාව? පොඩ්ඩක් editing පාරකුත් දීලා ගත්තනම් තවත් හොඳයි!

    ReplyDelete
    Replies
    1. සැම්සුන් චෑම්ප් එකෙනුයි...සෝනි එරික්සන් k 800 එකෙනුයි ගත්ත ඒවා තමයි අයියේ මේ..

      Delete
  6. දෙවෙනි ෆොටෝ එකේ තියන මල් වර්ගය අපේ ගෙදර තිබුනා දැන් නෑ. අර කුරුල්ලා ඉන්න ෆොටෝ එක නියමයි. අනිත් ටිකත් ලස්සනයි.. (y)

    ReplyDelete
    Replies
    1. ඒ මලේ නම දන්නේ නැද්ද අයියේ......ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      Delete
    2. ඒ මලේ නම නොදනිමි මලේ

      Delete
    3. අයියෝ තාමත් මම හොයනවා මට හම්බ උනෙත් නෑනේ අයියේ.....

      Delete
  7. හොදය හොදයි කවුරු කවුරුත් දැන් ෆොටෝග්‍රැෆර්ලා වෙලානේ..))))
    උඩම ෆොටෝ එකේ ඉන්න එකා නියමයි..!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මමනම් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි...අක්කි කෙනෙක්ගේ බ්ලොගක එයා ගහපු ටිකක් දාලා තියෙනවා දැක්කම මටත් ආස හිතුනා...ඉතින් දැම්මා මමත්...

      මේ පැත්තටත් ආවට ගොඩාක් ස්තූතියි වර්ෂා....

      Delete
  8. ඔය ගඳ පාන මල් වලට අපේ පැත්තෙ කියන්නෙ " බාලොලියා " කියලා.දවල් ගත්ත පින්තූර වලට වඩා ලස්සනයි රෑ ගත්ත එක..

    ReplyDelete
    Replies
    1. එහෙමද ලිහිණි අක්කියෝ...එකත මාරු..බාලොලියා කියලා අහලා තිබ්බට දැනගෙන හිටියෙනම් නෑ...දැන් මම ඒකත් දන්නවා යේ..........

      Delete
  9. අඩේ හොදයි නෙව... ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.....ආයෙත් එන්ඩ ඕනා...හොඳද.?

      Delete
  10. ඔයා ගොඩක් අරන් තියෙන්නේ Macro Photography කියන කොටසට අයත් ෆොටෝ. මම ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම්.

    අර ගස්ලබු ඇත්තේ ඉන්න පොඩි කුරුල්ලා මමත් ගොඩක් අසා කරන කුරුල්ලෙක්. හරිම කඩිසර එකෙක්. මම ගත්ත ෆොටෝ කීපයක් තියෙනවා ඉදිරියේදී දාන්නම්.

    මගේ ඊළඟ පොස්ට් එකෙන් හොඳ ෆොටෝ එකක් ගන්නේ කොහොමද කියන දේ ගැන තමයි ලියන්න හිතා ගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. එක නම් අපට වැදගත් වෙවි.ෆොටෝ එක ගන්න විට සෙටින්ස් වල කරන වෙනස් කම්.ෆොටෝ එකක් ගත යුතු සයිසස් පිළිබඳව කියන්න.

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
    2. @ Ayilas නියමයි අයියේ...ඒක දැම්මාම මටත් ලින්කුව එවනවද...මටත් ආසයි පොඩ්ඩක් ඉගෙන ගන්න....

      ඔයාගේ කොමෙන්ටුවටත් ස්තූතියි අයියේ.....

      Delete
    3. @ Gayani අක්කියෝ මමත් ආසයි අප්පා ඉගෙන ගන්න....සයිට් එකක්වත් තියෙනවනම් මටත් කියන්ඩ ඈ.......

      Delete
    4. මගේ බ්ලොග් එකේ ඡායරුපකරණය ලේබලය යටතේ බලපන් මල්ලියේ.

      Delete
    5. එළකිරි අයියේ මම බලන්නම්...දැන් නම් පොඩි වාදක ඉන්නේ මම..රැට බලන්නම්...

      Delete
  11. උමා වගේම තමයි මමත්.පුදුම පිස්සුවක් තියෙන්නෙ ෆොා්ටෝ ගන්න.එයින් සිතත් සැනසේනවා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ..මටනම් පුදුම සතුටක් දැනෙන්නේ හිතන විදිහටම ෆොටෝ එකක් ගත්තම....ගෙදරට එන එන එකාට පෙන්නනවා මම...

      Delete
  12. මොකද කොල්ලො අර පෙති හැලිච්ච ගඳපාන මලක් දාල තියෙන්නෙ.
    ෆොටෝ ටිකනං ලස්සනයි. විශේෂයෙන්ම අර ගස්ලබු අත්තෙ කුරුල්ල ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. ඒ මලේ පෙති හැලිලා නෙවෙයි අයියේ....ඒකෙ හැටි ඒ......ඔය කුරුල්ලාව ගන්න ගිහින් අම්මගෙන් ගුටි කෑවේ නැතුව විතරයි අයියේ.....බනිනවා පලු යන්න අහිංසක සත්තුන්ට කරදර කරනවා කියලා.

      Delete
  13. පට්ටයි ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ....එහෙම කිවුවට ආයෙත් එන්ඩ ඕනා...හරිද........?

      Delete
  14. ලස්සනයි මල්ලෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ............

      Delete
  15. හික් හික් හික්.... මල්ලියා අඩුපාඩු එමටයි. හැබැයි ඔයාගේ නෙවෙයි, කැමරාවේ. හොඳ කැමරාවකින් ගත්තනම් ප්‍රෝෆෙශනල් කෙනෙක් ගත්ත කියල කියන්න පුළුවන් ලස්සන ඇහැක් ඔයාට තියෙනවා. keep it up

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.........ඒත් ඉතින් අපිට කොහෙද හොඳ කැමරා අයියේ....අහිංසක අපිට කොහෙද සල්ලි අප්පා......

      ස්තූතියි අයියේ කොමෙන්ටුවට....

      ආයෙත් එන්ඩ ඕනා...

      Delete
  16. දෙයක් සුන්දරව දකින්න ලස්සන ඇහැක් වගේම හොඳ හදවතක් ඕනෙ..:)
    ෆොටෝ ටික ලස්සනයි යාළු ගොඩක්..ඡායාරූපකරණය හැදෑරුවනම් ගොඩක් දුර යාවි කියලා හිතෙනවා.. ජය!

    ReplyDelete
    Replies
    1. රජාට අයියෙ කියලා තියෙනවා දැනුයි දැක්කෙ..ඒ කියන්නෙ ඔයා මට මල්ලි.. :D

      Delete
    2. මුලින්ම කියපු දේට ගොඩාක් ස්තූතියි අක්කියෝ....අනේ මටත් ආසයි පොඩ්ඩක් ඔය ගැන හදාරන්න..තැනක තියෙනවානම් කියන්නකෝ මට...

      Delete
    3. මං ඔයාට මල්ලිනම්...ඔයා මට අක්කා....එහෙමද?වැරදි නෑ නේද?කොහොමද මගේ සාමාන්‍ය දැනීම........?

      Delete
  17. ලස්සන ෆොටෝ කෑලි ටිකක්.. ඔය අඩනහිරියා කියන්නෙ කිණිහිරියා වලටම නේද?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කියෝ.,...අනේ මම කිනිහිරියා දන්නේ නෑනේ...

      Delete
  18. uma machan me 4tos tika nam mara lassanai macho.umbage supiri fotos ganna puluwan.thawath aran dapan machan.

    Samith nishan

    ReplyDelete
    Replies
    1. godak sthuthiyi nishan yaluwe thawa ewa thuyenawa ewath dannam...

      Delete
  19. සොබාදහමේ සුන්දරත්වය රස විඳින්න පුලුවන් කෙනා මානසිකවත් සමබර පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මම මානසිකව සමබර පුද්ගලයෙක්ද දුලන්ත අයියේ......?

      ඔයාවත් ආදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට...ආයෙත් එන්න ඕනා ඈ.....

      Delete
  20. පොටෝ කෑලි ටික ලස්සනයි මලයෝ...... තව ඒ ගැන ඉගෙන ගන්න. ඔයාට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් වේවි......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ...පට්ට ආඩම්බරයිලු දැන් ඔන්න මම...පොඩ්ඩක් උදින්ලු මම දැන් යන්නේ ඔන්න...




      අනේ විහිලුවට කිවුවේ.....

      Delete
  21. මම මේ පැත්තට ආව මුල්ම වතාව වාගේ..

    කාලාවන් තඅර ඡායාරූප කළාවත් එක්තරා සොදුරු ඉසව්ව්ක්. මේ හොබාදහමේ අපුරු චමත්කාරය පියවි ඇසට පෙනුනත් ඇතැම් විට එතරම් ලස්සන නෑ. ඒත් පිංතූරයකට එකතු වුණාම ලස්සනයි. අටෙයත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ කොමෙන්ටුවට....



      ආයෙත් එන්න ඕනා ඔන්න.?

      Delete
  22. සොඳුරු දසුන් එක් කලාට ස්තූතියි දසුන්. සොබා දහම අපූර්ව චමත්කරයක් දෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ චාන්දී අක්කියෝ.......මාර ආසාවක් තියෙන්නේ මටනම් ඒ වගේ අමුතු අමුතු ෆොටෝ ගන්න

      Delete
  23. මරු ෆොටෝ ටික...
    අර අහිංසක වන්දගෙ කකුල කැඩුවෙ මොකෝ බං ???

    ReplyDelete
    Replies
    1. අනේ මම කැඩුවේ නෑ යසිත් අයියේ...උගේ කකුල හූනෙක් කෑවා...

      Delete
  24. Replies
    1. තැන්කූ දුප්පත් වැසියෝ........ආයෙත් එන්ඩ ඕනා.....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps