Sunday, June 9, 2013

උදවුවක් ඕනෑ කර තිබේ



අද මම මගේ යාලුවන්ගෙන් පුංචි උදවුවක් ඉල්ලනවා...මේක පුංචි නෑ යාලුවනේ මට මෙන්න මේ වචන හැදෙන්න හේතු සහ ඒවගේ තේරුම පොඩ්ඩක් කියන්න...දාන්න ඒවායේ විතරක් උනත් කමක් නෑ..මේ වචන අර සන්ධිද මොනවද කියන්නේ අන්න එහෙම තමා මට කරලා ඕන...එහෙමම පුලුවන්නම් ලොකු දෙයක්..



1.ප්‍රවෘත්ති
2.විවාහය
3.කලපුව
4.ක්‍රීඩාව
5.ළමයා


හෝව් හෝව්......තාම ඉවර නෑ...


තවත් දෙයක් ඕනා...

ඉර පායනවා 
හඳ පායනවා 

කියන වචන දෙකේ පායනවා කියන එකේ තේරුම් දෙකක් තියෙනවා නේද?පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ එහෙම වෙන්නේ කොහොමද කියලා....


සමා වෙන්න ඕනා කරදරයක්නම්...එහෙම හිතෙනවනම් අර අටමා අයියා කියනවා වගේ තිතක් වගේ දෙයක් තියාලා යන්න..මට දැනගන්න පුළුවන්නේ මට වඩා වැඩ තියෙන මිනිස්සු ඉන්නවා කියලා.මොකද මට හිතෙන්නේමමට තරම් කාටවත් වැඩ නෑ කියලා...අනේ මන්දා අනිත් අයටත් එහෙම හිතෙනවද?


මගේ ඔලුව මේ දවස් වල පොඩ්ඩක්....නෑ නෑ පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් අවුල් වගේ එකටත් පොඩි විසඳුමක් දෙන්නකෝ...විභාග 2 ක් අත උඩ තියාගෙන ඉන්නේ...ඒ වුනාට පට්ට කම්මැලියි නේ අප්පා.......



එහෙනම් උත්තර 
පහලට ගිහින් ලියලා එනවද?

34 comments:

  1. මේකටනං උදව් කරන්ඩ බැ මහ ජරා වැඩක්

    ReplyDelete
    Replies
    1. ඇයි අටමා අයියේ මහා ජරා වැඩක් කිවුවේ........?

      Delete
  2. ඈ ..............................හිටුකෝ බලන්න

    ReplyDelete
    Replies
    1. ඉර පායනවා
      හඳ පායනවා// ඇයි කුකුල්ලු ...!උනුත් පායනවනේ :D

      Delete
    2. ඈ....බලපි කෝ එහෙනම්....

      Delete
    3. ඇයි ඔයත් පායනවා කියන්නේ ඔය හිටපු ගමන්.............

      Delete
  3. ඉර පායනව, හඳ පායනව කිව්වම එකම තේරුම එන්නෙ. මං හිතන්නෙ වැස්ස පායනව කිව්වොත් නම් වෙනස්.

    අහ් තිත් දෙකයි. අපි බිසී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශ් අයියේ..........

      Delete
    2. මටත් හිතෙන්නේ දේශ් කිව්ව දේම තමා.... ඉර හද පායනවා කියන එකේ වෙනසක් නෑ.

      Delete
    3. හ්ම් හ්ම්....එක අතකින් ඒ කතාවත් ඇත්ත.....

      Delete
  4. මේව අහන්න ඕන මහාචාර්ය කෙනෙක්ගෙන්නෙ.

    පායනව කියන්නෙනං මතුවෙලා එනව කියන තේරුමෙන් වෙන්න ඕන. එතකොට කුකුළ්ලු පායනව කියන එකටත් ඒක හරියනව.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත කතාව නේද?...හ්ම් හ්ම් ස්තූතියි අයියටත්.....

      Delete
  5. මේකට නම් උදව් කරන්න බෑ උමා. මොකටද නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගන්නේ?
    හැබැයි ඔතන පායනවා කියන එකේ මට නම් වෙනසක් පේන්නේ නෑ.

    නමුත් ඉර/හඳ පායනවා
    වැස්ස පායනවා
    නම් එකිනෙකට වෙනස්.

    අව්ව පායනවා/වැස්ස පායනවත් එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. අයියේ අවුව පායනවා කියන්නේ නැති වෙනවා කියන එක නේද?..........

      Delete
  6. .... ............................................... :D

    ReplyDelete
    Replies
    1. හි හි....ස්තූතියි අයියේ.............

      Delete
  7. අනේ අපිත් අසරණයෝ නොවැ

    ReplyDelete
  8. අනේ මන්දා උමා.

    ReplyDelete
    Replies
    1. අනේ මමත් දන්නේ නෑනේ.......

      Delete
  9. මේ ප්‍රශ්නය වර්ෂාට යොමු කරලා බලන්න. මට නං සිංහල අරහං :)

    ReplyDelete
    Replies
    1. වර්ෂා කියන්නේ අර මැන්ටල් මර්ශා අක්කාද?..........

      Delete
  10. මල්ලියේ ඔය වචන ගැන වර්ගපුර්නිකාව ලියපු මීවන පලානේ ජයරත්නගෙන් ඇහුවොත් නරකද? ඔක්කොම වචන ටික රාවණාගේ කියලා උඹට පෙන්නලා දෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ ලින්ක් එක දෙන්නකෝ අයියේ.......

      Delete
  11. මෙම ප්‍රශ්න වලට උත්තර වර්ගපුර්ණිකාව පරිශිලනය කොට තමාටම ඉගෙන ගැනීමට හැකියි..

    ReplyDelete
    Replies
    1. හත්තිලවුවයි....ඒකෙ තේරුමත් එවනවද? අයියේ........

      Delete
  12. උසස් පෙළ සිංහල ගුරු භවතෙකුගෙන් අහලා බලන්න...මම නම් නොදනී.

    ReplyDelete
  13. හොයන්න ට්‍රයි ‍කළා මලේ...උත්සාහය අසාර්ථක වුණෘ..
    ළමයා කියන වචනෙ හැදිලා තියෙන්නෙ ළමා + ආ කියන වචන එකතු වෙලා. ආගම සන්ධිය තමයි මේකට බලපාලා තියෙන්නෙ..අනික්වා නම් දන්නෙ නෑ...:(

    ReplyDelete
    Replies
    1. එක වචනයක් හරි දැනගත්ත ලොකු දෙයක් මතං...ස්තූතියි ඈ....

      Delete
  14. මාර ප්‍රශ්න නේ අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. අයියෝ......දන්නේ නැද්ද චාන්දී අක්කේ..........?

      Delete
  15. අවිවාහක කියන්නෙ නං සරළ සන්ධියක්

    අවි+වාහක කියන එකෙන් හැදෙන්නෙ. මොකද අවිවාහක පිරිමි ඕනෙ කරන ආයුධ මෙවළම් එහෙම අරගෙන නෙ හැම තැනම යන්නෙ. මොන වෙලාවෙ ප්‍රහාරයක් එල්ල කරන්න චාන්ස් එක ලැබෙයිද කියලා දන් නෑනෙ.

    උඹ දීලා තියෙන වචන නං දන් නෑ බං.

    ReplyDelete
    Replies
    1. දන්නා දෙකින් හරි කරපු උදවුවට ගොඩාක් ස්තූතියි ඩ්‍රැකී අයියේ

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps