Monday, July 15, 2013

මගේ මරණය



මා මිය ගිය දිනෙක ඔන්න.
මා බලන්න එපා එන්න.
මා වෙනුවෙන් නොහෙලූ කඳුළු
එපා බිඳක්වත් හෙලන්න.


දෑස තදින් පියවුනාට.
දෙකොපුල් සීතල උනාට.
අවංක මගේ පෙම සිහිකර.
එක හදකට පෙම් කරන්න.

නෙත් දහසක් බලා හිඳියි.
මගේ යහගුණ ගැනත් කියයි.
දිනයක් වත පෙම් කලෙ නම්
පස් දාන්න ඇවිත් යන්න.

සොහොනෙන් නුඹ පිටවන විට.
මගේ ගතට එයි තනිකම.
නුඹේ සිතට දැනෙන සතුට.
ඇති මට මගේ දුක දරන්න


36 comments:

  1. කලින් දැකලා තියෙනව වගේ හුරුවක් තියෙනවා !!! එත් මතක නෑ ..
    මටත් මරණේ ගැන කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි බං

    ReplyDelete
    Replies
    1. මැරිලාවත් යනවනම් එකක් නේද දිනෙල්ක අයියේ.......?

      Delete
    2. මැරිලා ඉපදිලා අපහු ඉස්කෝලේ ගිහින් 5 හේ ශිෂ්‍යත්වේ, A/L එහෙම අපහු කරනකොට කොහොමද සැප?

      Delete
    3. එහෙමවත් ඕන නෑ Ayilas අයියේ.....

      Delete
  2. දවස් හතක්වත් අදින්න තියෙන එකේ මොකද එන්න එපා කියන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් අනිත් අය දවස් 20 ක් විතර අදියිනේ අයියේ....ඔයාලා එනවා නේද?

      අනිවා එන්න ඕන හරිද?

      Delete
  3. මේ මොකැයි මැරෙන්න ට්‍රයි කරන්නේ ...ජීවත්වෙන්න ට්‍රයි කරපිය ! කවියනං හොඳට පද බැඳලා තියනවා ,තේරුම තමයි අකමැති

    ReplyDelete
    Replies
    1. මොකක් උනත් මැරෙන එක සැපයි කියන්නේ ඔය....

      Delete
  4. උඹට කියවන්න දෙන්න හිතෙනවා බං, නකුල මාතා කතා වස්තුව.. අයිලාෂ් අයියේ.. අන්න ඒක මූට කියල දෙන්න.. දුක නිවෙන්න

    ReplyDelete
    Replies
    1. දේශකයා අයියේ...දවසත් කියන්නම්කො.....ඔයාලවත් එන්නකෝ අන්තිමට බලලාවත් යන්න......

      Delete
  5. මගේ මරණය කියල නම ගහගත්ත නොමැරෙන එකෙකුත් ඉන්නවා බං..

    ReplyDelete
    Replies
    1. කවුද දේශකයා අයියේ ඒ.......?

      අනේ මමනම් නොමැරෙන එකෙක් වෙන්න එපා...හෙට උනත් කමක් නෑ මැරෙනවනම් මම සතුටින් බාර ගන්නවා

      Delete
    2. කවුද අයියේ ඒ?මම පොඩ්ඩක් ගිහින් බැලුවා.....

      Delete
  6. මරණය ගැන හිතනවෙලාවේ අනාගතේ ගැන හිතපං බං කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. අයියෝ අනාගතේ ගැන හිතලා වැඩක නෑ නලින් අයියේ........

      Delete
  7. මැරෙන එකත් පණයන කේස් එකක් අප්පා...

    ReplyDelete
    Replies
    1. මටත් ඕන ඔය දෙකෙන් එකක් ඉක්මනට වෙන්නම තමා අක්කියෝ.......

      Delete
  8. //මා මිය ගිය දිනෙක ඔන්න...මා බලන්න එපා එන්න.// එහෙම කියල ආයේ,

    //දිනයක් වත පෙම් කලෙ නම්..පස් දාන්න ඇවිත් යන්න.// එහෙමත් කියල නේ. :)

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු මම මැරෙන දවසටවත් මගේ මරනේටවත් එන්න එපා.
      මගේ මරණේ ගෙදරින් අරන් යන දවසට පුලුවන්නම් මගේ ගතටත් තවත් පොඩ්ඩක් හරි බරක් දීලා යන්න කියන එකයි කියන්නේ චන්දන අයියේ...

      Delete
  9. අඩෝ නොකියම මැරෙනවා එහෙම නෙවෙයි හරිය. ඇයි යකෝ අපිත් කනවට වඩා අඩුවෙන් බොන හොඳ කොල්ලෝ. දානයක් බණක් නිකංවත් මග අරින්නෑ හරිය.
    ****
    මැරිලා ප්‍රශ්ණ විසඳන්න පුළුවන්නම් මේ ලෝකේ 99%ක්ම මැරෙනවා බං.

    ReplyDelete
    Replies
    1. අනිවා මම කිවුවනේ මැරෙන දවසත් කියනවා එදාට බ්ලොග් කියවන ලියන හැමෝම එන්ඩ ඕනා....බොන්න නම් දෙන එකක් නෑ...
      ඒත් මම පොඩි ට්‍රයි එකක් දාලා බලන්නම්කෝ එකටත් කාර්ම දෙයක් තියෙනවද කියලා...හ්ම්......

      Delete
  10. අඩේ මම හිතුව බ්ලොග් ලියන මරණයා ගැන ලියල කියලා :)

    ජය !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සෑම් අයියේ බ්ලොග් ලියනවා මැරෙනකල්ම...
      ඉතින් ඒ කියන්නේ ගොඩාක් කල ලියන්න බැරි වෙයි බ්ලොග් එකත්..

      මැරෙන්න කලින් ඊ-මේල් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕනා කාට හරි...
      නැත්නම් අර ඔබා මාමාගේ එක වගේ මේකත් පාලුවට යයිනේ...

      Delete
  11. උමා මොනවද මළගෙදර එනකොට අරන් එන්න ඕනේ .

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් එපා අයියේ ආවම හොඳටම ඇති......
      එනවා නේද ඒ කියන්නේ...
      ස්තූතියි අයියේ.......

      Delete
  12. හරි ඉක්මනට.. අපිට වැඩ තියනවා... එද්රෝස් එක මේල් කොරන්න ^_^ අනිවා දවස් හතම .. අදිනවා සුවර්..නයිට්

    ReplyDelete
    Replies
    1. ඇඩ්රෝස් එක මේල් කොරන්ට දෙයක් නෑ...

      චන්දනගේ අඩවිය ලියන චන්දන අයියා දන්නවා...එයා කියයි..
      නැත්නම් මැරෙන්න කලින් ඒකත් දාලම ඉන්නම්කො...

      Delete
  13. එළ කිරි.... සීනි කිලෝ එකක් විතර ඇතිනේ? ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සීනි නම් එපා එළකිරි පොඩ්ඩක් ගේන්නකෝ පුලුවන්නම්...අපේ අම්මා බොන්න ආසයි...ඉස්සරනම් තිබ්බා අපේ අම්මලාගේ ගෙදර දැන් නෑ අප්පා...


      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  14. මටත් මේ කවි වල හුරු ගතියක් දැනේ. ඒවායින් වැඩක් නෑ. ඒත් මලයෝ....මැරෙන එක නෙමෙයි වැඩේ ජිවත් වෙන එකයි.... ඒ නිසා මැරෙන්න නෙමෙයි ජිවත් වෙන්න ට්‍රයි කරපන්.....

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙලා වැඩක් නෑ සමනළී අක්කියෝ...
      කොහොමත් මැරෙන එකනේ ඉතින්
      මැරිලා යන එක හොඳයි අප්පා...

      Delete
  15. ඒ ගමන උඹත් මරණ තර්ජන කරන්න ගත්තද? ඉස්සෙල්ල ඔහොම කර කර හිටියේ මේ කෙල්ලෝ කීප දෙනක් විතරයි.

    ReplyDelete
    Replies
    1. නෑ හෙන්රි අයියේ මරණ තර්ජන නෙවෙයි මැරෙන තර්ජන...
      මට මේ ජීවිතේ තිත්ත වෙලා අප්පා

      Delete
  16. මරණය ට කලින් ඉන්නටික ගැන හිතමු...

    මේ ටිකනම් මගේම වගේ .... O.o

    සොහොනෙන් නුඹ පිටවන විට.
    මගේ ගතට එයි තනිකම.
    නුඹේ සිතට දැනෙන සතුට.
    ඇති මට මගේ දුක දරන්න....

    ReplyDelete
    Replies
    1. මගේම වගේ කිවුවේ මට තේරුනේ නෑනේ..........

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps