Monday, July 15, 2013

මිරිඟුවකි නුඹ


සිහින මල් පුබුදිනා
හද ගැබ තුලට
දෙවිරුවකි නුඹ
හදවිලේ හිඳ සිනාසෙන....

කිසිදා නොමියෙන
මතකයකි නුඹ
සසර පුරාවට
පාරමී පුරන....

සිනහවකි නුඹ
කඳුළු කැට සඟවමින්
මගේ තොල්
මත රැඳුන....

එහෙත්.....╔╩╦╚╔╩╦

මිරිඟුවකි නුඹ
රුදුරු ජීවන වාලුකාවේ
අහම්බෙන් මා
නෙත ගැටුණ..

43 comments:

  1. හුටා....මේ දවස් වල යන ඒවෑ හැටියට බොලා ඔක්කොම වැඩ අතෑරලා ෂූ පැලස් එකක්වත් දාගන්නද බොල හදන්නේ

    ReplyDelete
    Replies
    1. හැමෝමත් එක්ක එකතු වෙලා එහෙම වැඩක්වත් කලානම් හරි නේද ඒක අතකින්.....?

      Delete
  2. ලස්සන කවි සංකල්පනාවක් .

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූත්යි ගිම්හානි අක්කේ.....

      Delete
  3. මැරෙන්න හිටි එකා ඔය පන ගහල ඇවිත් තියෙන්නේ.. චීත්ත බලේ.. චිත්ත නෙමෙයි යකෝ චීත්ත..

    ReplyDelete
    Replies
    1. තාම පන ගහලා නෑ අයියේ.....
      මැරෙන්නමයි හිත...
      අයියෝ චීත්තයක් හින්දා නම් නෙවෙයි...

      Delete
  4. මට බැරිම වැඩේ කවි වලට කමෙන්ට් දාන එක බං... :)

    ReplyDelete
    Replies
    1. ඇයි අයියේ ඒ මොකෝ?...
      කවියෙන්ම දාන්න ඕන කියලා එකක් නෑනේ ඉතින්...

      Delete
  5. මිරිගුවක් බව
    දැනුන විට එය
    වහා අත් හල
    යුතුය විගසින.........

    ReplyDelete
    Replies
    1. එහෙම දැනුනත් ඇත හරින්න බැරිනම් මොකෝ කරන්නේ අයියේ........?

      Delete
    2. එහෙනම් ඉතින් අල්ලගෙනම හිටපිය, අඬන්නේ නැතිව. :D

      Delete
    3. අයියෝ........හැමෝම බනිනවා...

      Delete
  6. මිරිගුවක් වුව
    සෙනෙහසක් නම්
    වැළද ගමි මම
    දිවි තුරාවට

    ReplyDelete
    Replies
    1. මමත් අන්න එහෙමයි හිතුවේ අයියේ........පට්ට හොඳේ මට ගැලපෙන කෙනෙක් ඉන්නවෝ........

      Delete
    2. මිරිඟුව ක ජීවත්වෙන්න පුලුවන්ද ?

      Delete
    3. බැරි එකනේ බං මමත් මේ තරං කියන්නේ..

      Delete
  7. මැරෙන්න ගිය එකා ඔය ලස්සන කවි ටිකක් ලියල තියෙන්නේ. ඔහොමනේ ඉන්න ඕනි.....

    ReplyDelete
    Replies
    1. මම මැරෙන එක අත්හැරියේ නැතෝ........

      Delete
  8. මිරිගු දිය මත
    හිනා පීදෙන
    මේ වසන්තය
    ළගට ආවට

    ඉතා සුන්දර
    හදවතක මිස
    නවාතැන් නොසොයන්න
    සොහොයුර..

    ...උඹ තාම පොඩි එකා හරිය...))))))

    ReplyDelete
    Replies
    1. අන්න එක තමා මට දුක යකෝ......
      එක නෙවෙයි මොකද මැට්ටි ආවෙවත් නැත්තේ මේ පැත්තේ....

      Delete
  9. සන්සාරගමනේ මිරිඟු වලට අහුවෙන්න එපා අයියේ. එක ලොකු අපරාදයක් :(

    ReplyDelete
    Replies
    1. අම්මපා බං මටත් තේරෙනවා දැන්..අපරාදේ බං

      Delete
  10. පෙළන සිත මිරිඟුවක්
    නොවෙනු ඇත කිසිලෙසක්
    කතර මැද සරු බිමක්
    ලෙසට වූ සෙනෙහසක්

    ReplyDelete
    Replies
    1. එහෙම සෙනෙහසක් නෑනේ බ්ලැක් පුමෝ.......

      Delete
    2. සිරා බන්. අපි නිකන් මවා ගන්නවා විතරයි

      Delete
    3. දැන්නම් මවා ගන්නවත් බා පුමෝ.........
      විශ්වාශ කරන්න බෑ අපිට අපිවත් දැන්..
      නේද?

      Delete
  11. මැරෙන්න ඕනයැ බං ඔන්න ඔහොම කවියක් ලියාගෙන හිටහං.

    ╔╩╦╚╔╩╦ මේ මොකක්ද :D

    ReplyDelete
    Replies
    1. හැබෑටම ╔╩╦╚╔╩╦ මේ මොකක්ද? කොහොමද මේක කලේ?

      Delete
    2. Alt බටන් එකත් එක්ක 458,459,456,457 මේවා ටයිප් කරන්න........වෙන වෙන නම්බර් ටයිප් කරලා බලන්න සමහර ඒවගේ කුනුහරපත් තියෙනවා පරිස්සමින් අයියේ...

      Delete
    3. ප්‍රසන්න අයියේ සින්දු ලියන එකත් මැරෙන වැඩක තමා අප්පා..

      Delete
    4. henri අයියේ වැඩේ හරිද?

      Delete
  12. සිහිනයකි ඔබ... නිහඩ මැදියම් රෑ.....
    මට මතක් උනේ මේ සින්දුව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අයියේ ඒක මතක උනේ........?

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  13. අහ්.. මෙ වෙන කවියක් නෙ. මං හිතුවෙ අර කලින් එකමයි කියල. මිරිඟු නම් නෙත ගැටෙන්නෙ නැති තරමට හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත චන්දන අයියේ.....මිරිඟු නම් කියලා වැඩක් නෑ

      Delete
  14. ලස්සනයි බන් දිගටම ලියහන්

    බ්ලොග් කියවනය ට ඔයාගේ බ්ලොග් එක එකතු කරන්න තව පිරිසක් අතරට යන්න වාඩියටටත් ගොඩ වෙලා යන්න

    ReplyDelete
    Replies
    1. අනිවා එනවා අයියේ,..............

      Delete
  15. මාර සීන් එකක් මතක් උනා මචං, මේක කියවද්දි. ඩ්‍රැකියා ඒලෙවල් කරන කාලෙ හම්බවෙච්ච කෙල්ලෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. ෂා ඒ කියන්නේ මට පුළුවන් අතීතේ මතක කරලා දෙන්න....නේද?

      Delete
  16. අපි හැමෝම මැරෙන කල් මිරිඟු පස්සෙ දුවන අය තමයි.

    ReplyDelete
  17. සිහින මල් පුබුදිනා
    හද ගැබ තුලට
    දෙවිරුවකි නුඹ
    හදවිලේ හිඳ සිනාසෙන....

    මේ කොටසටනම් මගෙ හිත ගොඩක් ගියා.

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps