Wednesday, December 25, 2013

හිතට ආපු ඒවා


ආදරෙන් මේ අත් දෙකෙන් නුබ 
හින්ද තැනු ලොව ඉස්තරම් 
පුංචි වෙනසක් හිතට දැනිලද 
ඈත් වුනෙ මගෙ රත්තරන් 

පාරවද්දිත් පපු කිනිත්තම 
නොබිඳි සෙනෙහස ඇත්තනම් 
එන්න දවසක පාර අහගෙන 
දෑස් පියවිලි තෙත් කරන්

Sunday, December 22, 2013

නැවත පැමිණීම


ලොවම නිදි ඇති මේ රැයේ..
නිහඬ සිතුවිලි ඇත ලයේ..
කවි බඳින හිමිදිරි පැයේ..
ඔබ කොහෙද සැඟඋනෙ ප්‍රියේ....?

පෙර දිනෙක එලෙසින් කියා මම
දුක් උනේ නුඹ ගැන සිතා
නුඹ ම දුවවිත් නැවත මා ළඟ
එහෙත් මා නිහඬයි මෙදා..

සැමදා මගේ සිත ඔබ ළඟ තිබු හින්දා
වෙනකෙකු කරා නොගියෙමි මම හිත බන්දා
සැමදා මගේමයි කියූ නුඹ ගිය හන්දා
විශ්වාසයක් දැන් කොතැනද ගමි රන්දා.....?

බ්ලොග් යාලුවනේ මම අද අසරණ වීලා
කියලා දෙන්න යන්නද නැවතත් කියලා
සැමදා ලඟින් ඔබලා මට සිටි හන්දා
ඔබලගේ වදන මට වටිනව මටත් වඩා...

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps