Sunday, December 22, 2013

නැවත පැමිණීම


ලොවම නිදි ඇති මේ රැයේ..
නිහඬ සිතුවිලි ඇත ලයේ..
කවි බඳින හිමිදිරි පැයේ..
ඔබ කොහෙද සැඟඋනෙ ප්‍රියේ....?

පෙර දිනෙක එලෙසින් කියා මම
දුක් උනේ නුඹ ගැන සිතා
නුඹ ම දුවවිත් නැවත මා ළඟ
එහෙත් මා නිහඬයි මෙදා..

සැමදා මගේ සිත ඔබ ළඟ තිබු හින්දා
වෙනකෙකු කරා නොගියෙමි මම හිත බන්දා
සැමදා මගේමයි කියූ නුඹ ගිය හන්දා
විශ්වාසයක් දැන් කොතැනද ගමි රන්දා.....?

බ්ලොග් යාලුවනේ මම අද අසරණ වීලා
කියලා දෙන්න යන්නද නැවතත් කියලා
සැමදා ලඟින් ඔබලා මට සිටි හන්දා
ඔබලගේ වදන මට වටිනව මටත් වඩා...

34 comments:

  1. "තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයෝ
    තණ්හාය විප්පමුත්තස්ස
    කුතෝ සෝකෝ සුතෝ භයං"

    කියන බුදු ඔවදන තමයි එකම උත්තරය. ඒ උනත් විඳින දුක ගැන දන්නේ එය විදින අයම පමණි.

    ReplyDelete
    Replies
    1. දුකේ කතාවනම් තේරුණා අයියේ....අනේ අනික තේරුනේ නෑනේ...මමද තන්හාවෙන් ඉන්නවා කිවුවේ අයියේ..........?]

      Delete
  2. අන්තයකට යන්නෙ නැතුව මැද ඉන්න එක තමයි හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ අයෙත් සෙට් වෙන්ඩ එපාද................?

      Delete
  3. අස්පට සිරි......විශ්වාසයක් නැති තැනකට නම් යන්ට එපා මලේ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා.....ඒත් අඬනවානේ.පවු කියලා හිතෙනවනෙ

      Delete
  4. ඉර හඬ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මලේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ මට හිතෙනවා සමබර නෑ කියලත්....

      Delete
  5. ඕක තමා ඉතින් ලයිෆ් එක දුක්වෙන්න එපා උරුමක්කාරය කොහේ හරි ඉන්නවා යාළුවා

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...පොඩ්ඩක්වත් දැන් දුකක් නෑ....පවු කියලා හිතෙනවානේ..

      Delete
  6. හැඟීම් වලින් නෙවේ බන්, අනාගතය ගැන හිතලා කරමු කරන දෙයක්

    ReplyDelete
    Replies
    1. මොකක් හිතුවත් හිතාගන්න බෑනේ අයියේ ඉතින්......

      Delete
  7. අනේ මන්දා මොනා කියන්නද කියලා.. :(

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ මොකක් හරි........

      Delete
  8. අනේ ඔයා දුකෙන්ද උමා ;(

    ReplyDelete
    Replies
    1. අනේ නෑ පොඩ්ඩක්වත් නෑ.....
      පවු කියලා හිතෙනවනේ

      Delete
  9. එන ඕනෙම විදිහකට මුහුණ දෙන එකයි ජීවත් වෙනවා කියන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ආයෙත් සෙට් වෙන්න කියලද කියන්නේ අක්කියෝ.......

      Delete
    2. ම්... ටිකක් කල්පනා කරලා ඔයාට හොඳයි කියලා හිතෙන ඕනම තීරණයක් ගන්න.

      Delete
    3. අලේ මන්දා අප්පා........

      Delete
  10. ලෝකය අටපට්ටමක් වගේ කියනවනෙ මචෝ..

    ReplyDelete
    Replies
    1. අනේ තේරුනේ නැතෝ................

      Delete

  11. ආයන්තිං නාභිනන්දති පක්කමන්තිං න සෝචති,
    සංගා සංගාමජිං මුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

    තේරුම »»»

    “එන තැනැත්තිය දැක සතුටු ද නො වෙයි, යන තැනැත්තිය දැක ශෝක ද නො කරයි. සියලු කෙලෙසුන් ගෙන් මිදුණු සංගාමජී භික්ෂුව මම බ්‍රාහ්මණයෙක් යැයි කියමි.“

    ReplyDelete
    Replies
    1. යනවා බලලා දුක් උනා තමයි...එනවා දැකලා සතුටුත් උණා...
      ඒත්..............
      හරි තීරණයකට යන්න බෑනේ අලියෝ.....

      Delete
  12. අහිමිවීම් කියන්නෙ ජීවිතේ අනිවාර්‍යය කොටසක්...අපි ඒක පිළිගන්න අකමැතියි තමයි..ඒත් ඒකයි ඇත්ත.මොනතරම් අමාරුවෙන් උනත් අපට ඒ ඇත්තට මූණදෙන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අහිමි උනාට දැන් ආයෙමත් හිමි වෙලානේ...
      මට හිතා ගන්න බැරි හිමි කර ගන්නවද කියලා

      Delete
  13. දැන් ඇති බොල තැවුනා...ඔය අත්දැකීම විදින පළවෙනියත් - අන්තිමයත් බොලා නොවේ...දාලා ගිය කෙනෙක් ගැන දුක් වෙන්නේ මක්කෙයි....හිත හදාගෙන දුක යන්නත් එක්ක දිගටම බොග දාපන්....බොට ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සිරා අයියේ දුකක් නෑ.....
      මට හිතෙන්නේ පවු කියලානේ

      Delete
  14. ඔව තමයි මචො ජිවිතෙ අත්දැකිම්.පස්සෙ කාලෙක උබට හයිය වෙන්නෙ ඔව

    ReplyDelete
    Replies
    1. හ්ම් ......
      ඒත් කියන්නකෝ අයෙමත් සෙට් වෙන්නද කියලා

      Delete
  15. බලංගොඩ කෙනෙක්, හමුවීම සතුටුයි.
    ඔය ගිහින් එන අය ගැන නම් විශ්වාසයක් තියන්න බැහැ උමා. ඊට වැඩි දුකක් උරුම නොවෙයි කියලා කොහොම හිතන්නද..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අනූ...............
      ඇයි බලන්ගොඩ කෙනෙක් හමුවීම සතුටුයි කියන්නේ...?
      ඔයාගේ කවුරු හරි ඉන්නවද මෙහේ.........?

      Delete
    2. නැහැ, මමත් බලංගොඩ නිසා

      Delete
    3. අම්මට උඩු....
      බලන්ගොඩ කොහෙද යකූ........................?

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps