Wednesday, December 25, 2013

හිතට ආපු ඒවා


ආදරෙන් මේ අත් දෙකෙන් නුබ 
හින්ද තැනු ලොව ඉස්තරම් 
පුංචි වෙනසක් හිතට දැනිලද 
ඈත් වුනෙ මගෙ රත්තරන් 

පාරවද්දිත් පපු කිනිත්තම 
නොබිඳි සෙනෙහස ඇත්තනම් 
එන්න දවසක පාර අහගෙන 
දෑස් පියවිලි තෙත් කරන්

36 comments:

  1. දුක හිතෙන අදහසක් උනත් කවි ටික ලස්සනයි උමා

    ReplyDelete
    Replies
    1. Chams අක්කෝ.....
      මේ ඉස්සර ලියලා තිබ්බ එකක්....
      විරහව(බූට්‌ සොමිය) දැනෙන්නේ නැතත් මේවා ලස්සනට ගලපන්න පුළුවන් දෙඉයනේ...
      වෙන මොනා ගැන ලියන්නද කියලා හිතාගන්නවත් බෑ....

      Delete
  2. ආදරේ ඔහොම තමයි උමා..

    ReplyDelete
    Replies
    1. හ්ම්..........
      ඒත් එහෙම නොවන ආදරත් තියෙනවා....
      අම්මගේ ආදරේ..තාත්තගේ ආදරේ..........
      නේද අක්කෝ..........

      Delete
  3. ඔහොම කියද්දී දුක හිතෙන්නෙ නැත්ද

    ReplyDelete
    Replies
    1. දුකක් නෑ....
      දුක බලෙන් අරගෙන ලියනවා මේවා.....

      Delete
  4. ඕක උබල අපි ඔක්කොටම පොදු දෙයක් මචං..

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ..............
      අපි මේක වෙනස් කරන්න ඕනා නේද?

      Delete
  5. දැන්නං ටිකක් විතර නෙමෙයි හොඳටම පිස්සු වගෙයි. :D

    ReplyDelete
    Replies
    1. මටද Praසන්ன අයියේ..................?

      Delete
  6. ඔ්ව එ් කාලෙ ඉඳංම එහෙම තමා! :(

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....
      ඒත් අපි ඕක වෙනස් කරන්න ඕන අලියෝ...තේරෙන්නේ නැද්ද?

      Delete
  7. පෙමතෝ ජායති සෝකෝ...

    ReplyDelete
  8. ඇයි මේ,ඇත්තටමද සිතුවිල්ලක්ද

    ReplyDelete
    Replies
    1. හ්ම්................ඇයි සැකයිද?
      විහිළුවක් හොඳේ....................?

      Delete
  9. අත්දැකීමෙන් කියන්නේ බන්, මේ දවස් වල තමා බොක්කෙන්ම ලියන්න පුළුවන්. තව ටික කාලයක් ඕක තියනවා. ඒත් ඇත්තටම ඒ දුක නැති වෙනවටාත් අපි කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. දුකක් නෑ මටනම්....එහෙම අවුලකුත් නෑ....
      ඒ ගැන හැර ලියන්න වෙන දෙයක් නෑනේ අප්පා ඔලුවට එන්නේ...

      Delete
  10. බලන් උන්නට ආයිත් කවමදාකවත් එන්නෙ නැතිවෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඉතින් ආවොත් එහෙම.....

      Delete
  11. අඬන්න ඕනිලුනෙ කිරි එරෙන්නත්. ටිකක් අඬුවට කමක් නෑ. ආදරේ ආයෙත් ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. මල සමයන්...........අඬලා වැඩක් නෑ ආදරයක් අරගෙන....
      කිරි එරුනට වැඩක් නෑ නේද දෙයියෝ..........?

      Delete
  12. බොහොම සංවේදී පද ටිකක්...මෙච්චර සංවේදී විදියට කියලත් එන්නෙ නැත්තං ඒ අනිත් කෙනාගෙ හදවතේ තෙතමනයක් නැති හින්දයි...තෙත මනයක් නැති එකියක් වෙනුවට තෙත මනයක් සහිත ඇත්තියක් මුණ ගැහෙන 2014 වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු සිරා අයියේ.....
      හිතට ආපු දෙයක් විතරයි
      අත්දැකීමක් නෙවෙයි.............

      Delete
  13. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව කවි සිතුවිලි පහල වේවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා..........නිර්මලා අක්කෝ...............

      Delete
  14. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව කවි සිතුවිලි පහල වේවා!!

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන එකට රිප්ලයි කලාම ඇති නේද අක්කියෝ...........

      Delete
  15. පද ටිකත් ලස්සනයි රිද්මෙත් ලස්සනයි...කවි බ්ලොග් එකක් වගේ..නියමයි

    ReplyDelete
    Replies
    1. කවි විතරමත් නෙවෙයි ඉතින්.....

      Delete
  16. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට අපි ලඟට..
      ඔබටත් එසේම වේවා........

      Delete
  17. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියේ...කාලෙකින් නේද....
      ඔයාටත් එසේම වේවා අයියේ..

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps