Friday, January 3, 2014

මුහුණු පොත

මේ නම් මම නෙවෙයි හරිද..?


එළිවෙන තුනට(3 A:M) බුකියේ එල්ලිලා ඉන්නේ

දවල් දවස ඇඳ බුක් කරලා ඉන්නේ
හවසට තමා තුන් වේලට බුදින්නේ
සකා නොහිටියානම් මේ දුක නෑනේ




මොන #$@ක්ද මම දන්නෑ කියන්න
හිත දෙන්නේම නෑ ලොගවුට් වී ඉන්න
ඇති වැඩකුත් නෑ මේකෙම බුදියන්න
ඔලුවත් හැක් වෙනවා හිතුවම මේ ප්‍රශ්න




මත් පැන් දුම්වැටි නෑ ළඟ කිසිදාක
බොරුවක් මුසාවක් නොකියමි ඉඳුරාම
උදවු කරනවා හැමටම හැමදාම
වරද මගේ බුකියේම නින්දට යාම

32 comments:

  1. පා.ආ.ප. රජයේ අවවාදය : බුකියේ නින්දට යාම මත්පැන් දුම්වැටි වලට වඩා අන්තරායකාරීය.

    ReplyDelete
  2. ඕක නැතුවම බැරි දෙයක්ද

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම වෙලා වගේ...........

      Delete
  3. මහා අන්තරාදායක වැඩක් නේ කොරන්නේ ටිකක් බීව්වනං ඕම වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බොනවට වඩා ආතල් අප්පා මේක.............

      Delete
    2. අනේද කියන්නේ නලියා

      Delete
    3. අම්මට උඩු අටං අයියේ.....කාලෙකින් දැක්කේ...

      Delete
  4. හහ්....බුකිය තමයි ලොව ඇති එක සැනසිල්ල.....

    ReplyDelete
    Replies
    1. අනිවා රන්දු අනිවා..................එල ඈ.............

      Delete
  5. උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්නයක් හිතට ආපුවහම බුකිය පැත්තෙ රවුමක් දාපුවහම.ඒ ප්‍රශ්නෙන් හිත අඈතට යනවා.

    බුකියට යන්ඩම බැරි වෙන්න බ්ලොක් කරගන්න දන්න කෙනෙක්ට කියලා.. එතකොට හරිනේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම කරගන්න බෑ අප්පා...............

      Delete
  6. කාලෙ කාදාන්න නම් නියමයි මූණුපොත

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නදී.........

      Delete
  7. // මත් පැන් දුම්වැටි නෑ ළඟ කිසිදාක
    බොරුවක් මුසාවක් නොකියමි ඉඳුරාම
    උදවු කරනවා හැමටම හැමදාම
    වරද මගේ බුකියේම නින්දට යාම//

    පළවෙනි පේළි තුන ඒ විදිහටම වෙනවනම් අන්තිම පේළියේ තියෙන එක ඒ තරම්ම ලොකු වැරැද්දක් නෙවෙයි මං හිතන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. අනිවා මුල් පේලි තුන විතරක් නෙවෙයි හතරම වෙනවා ටක්කෙටම Chams අක්කියෝ.......

      Delete
  8. මම නම් ජාලේ පලාතේ නෑවිත් හිටියා නිවාඩු කාලේ හුඟක් දවස්වල. ඇත්තම කිව්වොත් එහෙම ඉන්න සිද්ද වුනා.

    ReplyDelete
    Replies
    1. හික් හික්...ඒක නිසා නෑවිත් ඉන්න ඇති නැතුව හිතලානම් කොහේ ඉන්නද නෑවිත් නේද අයියේ.....?

      Delete
  9. මේ මම ලියාපු එෆ් බී කවිය.. මූණූපොතේ හිටපු ටික කාලයෙ මේක මං ඒකෙත් දැම්මා.ඒත් දැන් අයින් වෙලා ඉන්නේ.මොකද වැඩි හරියක් තියෙන්නේ එකඑක්කෙනා අතන මෙතන ගිහින් ගත්ත ෆොටෝස් බලන්නයි අපිට කිසිම වැඩක් නැති දේවල්වලට ලයික් කොර කොර ඉන්නයිනේ.ඒ වෙලාවේ රටට වැඩක් ඇති දෙයක් කරන්න පුලුවන්නේ කියල අයින් වුණා.. කෝම හරි කෙටිකාලීන එෆ් බී අත්දැකීම් තමා මේ කවියෙ තියෙන්නේ!!

    හැරී පැත්තට හිටගනු
    ලතාවට බිම හිඳගනු
    වඩා ලස්සන කෝණෙට
    ප්‍රෝෆයිල් පික් එක ගනු

    හිතට තම රුව මදි නම්
    නිළි රුවක් යොදනට හැකි
    චණ්ඩි බව පෙන්වන්නට
    මැර රුවක් වරදක් නැති

    වැරදිලාවත් ඉඳහිට
    ඕෆ් නොකරන් චැට් හෙම
    නුදුටු පෙම්බර හදවත්
    ගෙනෙයි අපමණ සැනසුම

    නොවී හිඳ මුලු ගැන් වී
    ගැටෙන ලොව හා උරෙනුර
    වාසනාවන් හෙළ බිම
    මුහුණු පුස්තක පරපුර

    ජය වේවා මල්ලි.. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු අක්කත් වැඩියෙන් බුකි ගත වෙලා තියෙනවා ඒ කියන්නේ....
      හයියෝ එපා වෙලා මටනම්

      Delete
  10. දැන් කරන්න දෙයක් නෑ.. ඉතා ඉක්මනින් ඇබ්බැහි වෙන සුළුයි.. අපිත් ඕම තමයි.. අපි පවුල් පන්සල් වෙලා ඉන්නේ ඉතින් ඔවුවා හන්දනේ.. ;)

    ReplyDelete
    Replies
    1. පවුල් පන්සල් උනාම හරියනවද අයියේ........?

      Delete
  11. මම නම් මූණුපොතෙන් සමු අරන් බොහොම කල්. එපා ම වුණා. හොඳකුත් නැතුව නෙමේ. ඒත් ඉතින් ඒකට ම ජීවිතේ වැඩි කාලයක් වැය කරන එක පිස්සුවක් වගේ දැනුණා.

    ReplyDelete
    Replies
    1. මටනම් දන්නා විදිහට ඇති හොඳක් නෑ දිලිනි අක්කියෝ...

      Delete
  12. උඹ වගේමයි මාත්.. දෙන්නම ඔන් ලයින් කරන වැඩකුත් නැහැ.. ලැබුන දෙයකුත් නැහැ

    ReplyDelete
  13. පුතේ ඕකට කියන්නෙ FAD- FACEBOOK ADDICTION DISSORDER මාරාන්තිකයි.

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියෝ...බොරු නොකියා ඇත්ත කියනවකො.....

      Delete
  14. සිගරට් මත්පැන් බුකියට වඩා හොදයි බන්..ඔය බුකිය අස්සෙන් කෙල්ලෙක් ජෝඩු වෙලා ඊට පස්සෙ ආදරේ කොරලා සේසතම හූරගෙන පැන්නට පස්සෙ බොට ජීවිතේම එපා වෙයි....මම දන්න උන්ට එහෙම වැඩ වුනා..එකෙක් බැදලා වසරෙන් වෙන් වුනා.

    මම දන්න විදියට බුකිය කියන්නෙ තම තමන්ගෙ ලොකු කම්, වීර කම් ලෝකෙට පෙන්නන්න මිනිස්සු භාවිතා කරන නූතන ක්‍රමවේදය.

    ReplyDelete
    Replies
    1. //බුකිය කියන්නෙ තම තමන්ගෙ ලොකු කම්, වීර කම් ලෝකෙට පෙන්නන්න මිනිස්සු භාවිතා කරන නූතන ක්‍රමවේදය...//
      අයියේ කට අරිනවද රුපියලක් දාන්න...
      මේ කතාවනම් හරියටම හරි...
      ඒත්...
      උඩ ඒකනම් වෙන්නේ නෑ කවදාවත්ම

      Delete
  15. හිහි.. ඇත්ත කතාව

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps