Wednesday, November 26, 2014

මේ මගේ හැටි



ඔවු මම ජීවත් වෙනවා.
සතුටින් ඉන්නවා.
මොකා මොන දේ කලත්.
කිවුවත්.

Tuesday, November 25, 2014

Come Back



ගම දාලා දුරක ගියේ පොෂ් වෙන්න හිතලාලු
උඹ ආයේ එන දාට පතිවතත් ළඟ නෑලු
උඹ ගැනයි මගේ ගැනයි කවුරුවත් දන්නෑලු
ගෙදර එනවද ආයේ උඹයි මගේ පොඩි යාළු..


උඹ වෙනස් වෙන තරම දැනුනා ටික කලක සිට
හිතට දුක දැන දැනම උඹ නොමග යන වගට
උඹ ගැනයි හැමදාම හිත හිතා දුක නෙතට
අනේ උඹ ගෙදර වර උඹ ගැනම දුකයි මට 

Saturday, November 22, 2014

මගේ හසරැල්ල



නිදි නොමැති නෙත් සඟල
විඳවනා විඳවිල්ල.

සතුට නැති සිතිවිල්ල 
නුඹ ලඟම දැවටිල්ල.

ලේ නොමැති මුහුණ වියලිලා 
මෙනි ඉපනැල්ල.

ගුටි නොකා ලඟට වර 
නුඹයි මගේ හසරැල්ල.


Monday, November 10, 2014

යන්න අවසරයි.....



සමා වෙන්න කියන්නම් බ්ලොග් ලියන මගේ දැකපු නොදැකපු හැම යාලුවෙක්ටම..
ගොඩාක් ආසාවෙන් එකතු උනේ බ්ලොග් ලියන්න..
පුළුවන් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලිවුවා යාලුවන්ගේ ඒවා කියෙවුවා..

Tuesday, October 28, 2014

Monday, October 27, 2014

මෙන්න සල්ලි...........!

අලුතෙන් සමාජ ජාල වෙබ් අඩවියක් ඇවිත් මෙන්න..

Sunday, October 26, 2014

නොනිදා ගෙවන රෑ


නොනිදා රැය පහන් වෙන්නේ හැමදාම වගේ
නුඹ නැති නිසා සඳ ආවත් පාලුයිනේ
තරු තිබුණත් වෙනසක් නෑ එදා වගේ
ළඟ හිටියනම් පාළුව තනිකම නෑනේ

Friday, October 24, 2014

පෙට්ටිය කැඩුවම (18+ වගේ)

මම පොඩි එකා හින්දා මේවා ලියන්න කැමතිම නෑ ඉතින්...
මොනා කරන්නද ලියන්න හිතුනා කවි සින්දු විතරක් ලියලා හරියන්නේ නැනේ..නේද?

Thursday, October 23, 2014

ආයෙත් ආවා

මේ ඉන්නේ දැන් කොල්ලා


සමාව දෙනවද පොඩි කොල්ලට මේ පාරත්

බ්ලොග් ලෝකෙට සමු දුන්නේ නෑ තාමත්

වැඩ ගොඩ ගැහිලා බ්ලොග් ලෝකෙට මම නාවත්

මතකයි හැමෝවම මට නම් හැමදාමත්

Thursday, March 13, 2014

මරණෙට කලින්


එදා නුඹ ලග 

තිබුණු උණුහුම
තවම මගෙ ගත 

දවනවා

Monday, January 20, 2014

ගේම් ගහලා රීලෝඩ් දාගමු


අද වෙනස් දෙයක් තමා කියන්නේ ඔන්න.
පට්ට වටිනා කියන දෙයක් කියලා හිතනවා මේකනම්.
මහ රෑ මොබයිල් එකේ ක්‍රෙඩිට් ඉවර උනොත් කවුද දාන්නේ...?
අන්න ඒ වෙලාවට තමා මේක වටින්නේ.

නිකං ගේම් ගහනවා වගේ නෙවෙයි මේවා....
ගේම් එක ගැහුවාම අපිට පොයින්ට් එනවා...අන්න ඒවා තමා රීලෝඩ් දෙන්නේ


වැඩි කතා නැතුව ලින්ක් එක දෙන්නම් රෙජිස්ටර් වෙලා ගහපල්ලාකෝ..
ඇත්ත ෆෝන් නො: එක දීපල්ලා නැත්නම් වෙන එකෙක්ට තමා රීලෝඩ් එක යන්නේ...
පහලින් තියෙන ලින්ක් එකට යන්නකෝ එහෙනම්

Tuesday, January 7, 2014

My New Song (ලොවෙත් නෑ) ........... Coming Soon


https://www.facebook.com/dasunuma677

ආදරයෙන් උමතු වෙලා

ඉගෙනීමට සමු දීලා

පව ගෙවලා ඉවර කළා

ලොවෙත් ඉතින් කෙල්ලෝ එපා


කිට මරලා Class ගියා

හතර වටින් කොටු කෙරුවා

දැනුනෙත් නෑ කල් ගෙවුණා

ලොවෙත් නැතුව කටු කෑවා


ආදරයෙන්..........


තනිකම ජීවිතය උනා

Music තනිකම මැකුවා

Posh කෑලිත් එපා උනා

ලොවෙත් නැතුව සතුටු උනා


ආදරයෙන්...........


Artist : - දසුන් රවින්ද්‍රනාත් (උමා)
Lyrics : - දසුන් රවින්ද්‍රනාත්

Music : - දසුන් රවින්ද්‍රනාත්



Friday, January 3, 2014

මුහුණු පොත

මේ නම් මම නෙවෙයි හරිද..?


එළිවෙන තුනට(3 A:M) බුකියේ එල්ලිලා ඉන්නේ

දවල් දවස ඇඳ බුක් කරලා ඉන්නේ
හවසට තමා තුන් වේලට බුදින්නේ
සකා නොහිටියානම් මේ දුක නෑනේ




මොන #$@ක්ද මම දන්නෑ කියන්න
හිත දෙන්නේම නෑ ලොගවුට් වී ඉන්න
ඇති වැඩකුත් නෑ මේකෙම බුදියන්න
ඔලුවත් හැක් වෙනවා හිතුවම මේ ප්‍රශ්න




මත් පැන් දුම්වැටි නෑ ළඟ කිසිදාක
බොරුවක් මුසාවක් නොකියමි ඉඳුරාම
උදවු කරනවා හැමටම හැමදාම
වරද මගේ බුකියේම නින්දට යාම

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps