Tuesday, January 7, 2014

My New Song (ලොවෙත් නෑ) ........... Coming Soon


https://www.facebook.com/dasunuma677

ආදරයෙන් උමතු වෙලා

ඉගෙනීමට සමු දීලා

පව ගෙවලා ඉවර කළා

ලොවෙත් ඉතින් කෙල්ලෝ එපා


කිට මරලා Class ගියා

හතර වටින් කොටු කෙරුවා

දැනුනෙත් නෑ කල් ගෙවුණා

ලොවෙත් නැතුව කටු කෑවා


ආදරයෙන්..........


තනිකම ජීවිතය උනා

Music තනිකම මැකුවා

Posh කෑලිත් එපා උනා

ලොවෙත් නැතුව සතුටු උනා


ආදරයෙන්...........


Artist : - දසුන් රවින්ද්‍රනාත් (උමා)
Lyrics : - දසුන් රවින්ද්‍රනාත්

Music : - දසුන් රවින්ද්‍රනාත්



36 comments:

  1. ලොකු සේවයක් තමා මේක. හැක්..

    ReplyDelete
    Replies
    1. මොකක්ද දේශකයා අයියේ සේවය......?

      Delete
  2. හ්ම්... හොඳයි හොඳයි... Artist,Lyrics,Music ඔක්කොම උමාගෙන්ද ?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් මගේම තමා....

      Delete
  3. ඉගෙන ගන්නකල් ඔහොම තමයි හිතෙන්නේ. පස්සේ බලාපංකෝ සමාජෙත් එක්ක ගැටෙන ගමන් ඔය පහුවෙච්ච කාලේ කොච්චර නිදහස් ආතල් කාලයක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හෙන්රි අයියේ..........

      Delete
  4. මරු මරු.. ඉස්සර අපිටත් හිතුනේ ඔහොම තමයි.. ඒත් ඉතින් දැන් හිතෙනවා මේ තමයි හොදම කාලේ කියලා..

    ReplyDelete
    Replies
    1. හයියෝ මතක් වෙද්දීත් එපා වෙනවා නේද?

      Delete
  5. අම්මද බොල.. මේක විසුවල් එකක් කොරලා දාපං කෝ..

    ReplyDelete
    Replies
    1. හි හි සල්ලි නෑනේ සැමා අයියේ,,,,,,,,,,,

      Delete
    2. ඔය කියන විසුවල් එකට සෑමයි කිටියයි ගත්තනං එලට තියෙයි ඈ... :v

      Delete
    3. කිටියා කවුද?
      ලින්ක් එක එවන්දකෝ අප්පා......

      Delete
  6. Replies
    1. හි හි ගාන්නේ මොකද කුරුට්ටියේ.......................................................

      Delete
  7. Singing Lyrics Music ඔක්කොම ඔයා කරලනේ..හොඳයි හොඳයි. විශුවල් එකකුත් කරල ඔයාම ඒකෙ රඟපෑව නම් හරි :)

    ReplyDelete
    Replies
    1. විෂුවල් එකක් කරන්න කලින් සින්දුව කරන්න ඕනනේ Chams අක්කියෝ....

      Delete
  8. ආදර දුක ඔහොම තමා
    පොෂ් කෑලිත් එපා තමා
    සංගීතය ටිකක් හොදා
    බෝතලයක් ගහමු සුදා..

    ReplyDelete
    Replies
    1. හි හි....බෝතලය නැතුව තිබ්බනම් මරු නේද?

      Delete
  9. Replies
    1. තැන්කූ වේවා අපූර්වී අක්කියෝ....

      Delete
  10. මෙන්න කොල්ලෝ

    ReplyDelete
  11. ඔක්කොම උඹේ උනාම හරිද මං අහන්නෙ??
    ආදරෙන්... හැහ් හැහ්

    ReplyDelete
    Replies
    1. ඇයි දහනා අයියේ වැරදිද එහෙම උනාම....?
      හි හි

      Delete
  12. ඉතා ටොප් ..... කියන්න දෙයක් නෑ..... ඉදිරියට යන්න සුභ පතනව :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තනි අලියෝ...................................

      Delete
  13. ලොවෙත් නෑ කොල්ලො... නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු අයියේ..............

      Delete
  14. හ්ම්... හොඳයි සින්දුව.අහන්න ලින්ක් එකක් දාන්නකෝ වොයිස් කරලා නම්.ඉදිරියේදී මීටත් වඩා හොඳ සින්දු ලියවෙන්ට කියලා මුලු හදින් ම හද පතුලින් ම සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. මෙන්න එකක්..

      මෙන්න තව එකක්..

      මෙන්න තවත් එකක්..

      මෙන්න තවත් එකක්..

      මේ දාලා සින්දුවනම් තාම ඉවර නෑ..
      මේ මම කියපු සින්දු ටිකක්..
      මගේ ඒවානම් නෙවෙයි හොඳේ....?

      Delete
    2. හොඳයි හොඳයි ඉස්සරහට තමුන්ගෙම ඒවා කරන්නකෝ!!

      Delete
    3. අනිවා කරනවා අක්කියෝ.................

      Delete
  15. ඔය කාලෙට ලව් එකක් තිබුනෙ නැත්තං කිසි ගතියක් නෑ කියලා මා එක්ක යාලු වෙන්න ආපු ලස්සන කෙල්ලෙක්ටත් බෑ කියපු මට අද සිහිවෙන්නෙ දුකයි බන්...ආදරය බොහොම සුන්දර ලෙස ස්පර්ශ වෙන්නෙ ඔය කාලෙදි කියලයි මම විශ්වාස කරන්නෙ....

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත අයියේ.....ඒත් නැතුවත් මාර ආතල් එකක් තියෙන්නේ ඉතිං....

      Delete
  16. මම ආමි. ගී බැලීමි. ගියෙමි. :)

    ReplyDelete
    Replies
    1. යකූ..............ආමි ගියේ කවදද?

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps