Thursday, March 13, 2014

මරණෙට කලින්


එදා නුඹ ලග 

තිබුණු උණුහුම
තවම මගෙ ගත 

දවනවා


නුබේ සිනහව 

මගේ නෙතු ලග
තවම 
ඔච්චම් 

කරනවා

හීනෙනුත් මට 

නුඹ කියූ ඒ
දහක් දේවල් 

ඇහෙනෙවා

දෙනෙත් පියවී 

යන්න පලමුව
නුඹෙම වෙන්නට 

හිතෙනවා







38 comments:

  1. කවියත් මරු. අර පින්තූරෙ ත මාර ලස්සනයි. මල්ලි හදපු එකක් ද ?

    ReplyDelete
    Replies
    1. වෙන කවුරු හදල දෙන්නද අයියේ අපිට ඉතිං ෆොටෝ..
      තැන්කූ හොඳේ..............

      Delete
  2. පද වැල් ටික වගේම පින්තූරෙත් හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි අක්කේ........

      Delete
  3. Replies
    1. ඇයි ඉතිං බනින්නේ හෙන්රි අයියේ.....

      Delete
  4. මම ගියත් හැමදා
    නු‍ඹෙ ළගම
    ඉන්නට හිතෙනවා
    නුඹ දමා ගිය
    දවසෙ ඉදලා
    මගේ හිත
    තවමත් හඩනවා...

    අවන්හල

    ReplyDelete
  5. සාරියක් ඕන වෙලාද?

    නියම කවිටික සහ පින්තූරෙ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ සාරියක් ඕනේ වෙලාද කියන එක තමා හෙඩ් එක දකිද්දී. ;-)

      නිසදැස එළ!

      Delete
    2. Praසන්ன අයියේ.....සාරි ඕන වෙන්නේ කෙල්ලොන්ටනේ..
      කොල්ලෝ ඒවා කරන්නේ නෑනේ...නේද....?
      හික් හික්

      Delete
    3. ඉෂාන් අයියේ.....මම එහෙම කරගන්නේ නැතෝ....

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි Praසන්ன අයියේ අයින් කලේ මේක...?

      Delete
    2. මම උඩ දාපු කොමෙන්ට් එක ඉස්සෙල්ල පෙන්නුවෙ නෑ. ඒ හින්ද ආයෙ දැම්මෙත් ඒකමයි. ඒකයි අයින් කලේ මල්ලි.

      Delete

  7. නුබට හිතුනට ඇයගෙ වෙන්නට
    දෙනෙත් පියවෙන්නට කලින්
    කුරිරු ලොකෙන් මිලක් දෙවිද
    නුබෙ පැතුමට සෙනහසින්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.....ස්තූතියි අයියේ ආයෙත් එන්නකෝ

      Delete
  8. >> හීනෙනුත් මට
    නුඹ කියූ ඒ
    දහක් දේවල්
    ඇහෙනෙවා

    දෙනෙත් පියවී
    යන්න පලමුව
    නුඹෙම වෙන්නට
    හිතෙනවා <<.... ම්ම්ම්ම්....මේ ටිකට ගොඩක් ආසය්.....
    එල සිතිවිල්ල...

    ReplyDelete
  9. සිතක නිදි නැති
    හඬන හිතුවිලි
    කවක් වී දැනෙනා හැඩයි...

    නිහඬ තනුවක
    වැයෙද්දී නුඹ
    හදට ජීවිතයම දැනෙයි...

    ඉතින් නුඹ මගෙ
    වෙලා ඉද්දී
    මියැදුණත් දුක නෑ තමයි..!!

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු අක්කේ.....පට්ට ඈ.,...

      Delete
  10. කාලෙකින් ඇවිත් තියෙන්නේ ලස්සන නිර්මාණයක් අරන්

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න අයියේ රිප්ලයි පරක්කු උනාට..කාලෙකින් ආවේ බ්ලොග් ලියන්න

      Delete
  11. සිතට වදින නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ...

      Delete
  12. මගේ නෙත් පියවෙන නිමේෂෙත් දුවයි මසිතට ඔබව නම්......මාත් මෙහෙම කුරුටු ගෑවා
    ලස්සන නිර්මාණයක්.............

    ReplyDelete
    Replies
    1. බැලුවා මම...
      ගොඩාක් ස්තූතියි ආවට මේ පැත්තට...

      Delete
  13. ලස්සනම ලස්සන සිතිවිල්ලක්

    ReplyDelete
  14. Lassanai uma..kalekin enna beri una.ada phone eken awa balanna.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට...ඒත් කවුද මේ?

      Delete
  15. අපිට දුක දුන්න අයට වඩා සතුටක් දුන්න අයගේ මතකයට හිත පිච්චෙනව එයාල දුර ගියාම
    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින්
    http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනේ අකීෆා සමා වෙන්ඩ ඕනා..කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න පටන් ගත්තේ මේ දැන් කියවන්නම්..

      Delete
  16. I could not resist commenting. Very well written!

    Also visit my web page: Foot Callous

    ReplyDelete
  17. කෙටියි හැඩයි ..නියමයි

    ReplyDelete
    Replies
    1. දිගටම ලස්සනට ලියන්න හොඳේ

      Delete
    2. ස්තූතියි දිලිනි

      Delete
    3. ලියනවා ලියනවා දිගටම ලියනවා...

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps