Sunday, October 26, 2014

නොනිදා ගෙවන රෑ


නොනිදා රැය පහන් වෙන්නේ හැමදාම වගේ
නුඹ නැති නිසා සඳ ආවත් පාලුයිනේ
තරු තිබුණත් වෙනසක් නෑ එදා වගේ
ළඟ හිටියනම් පාළුව තනිකම නෑනේ


වෙනදා වගේ එනවද තුරුලෙන් ඉන්න
නොනිදා ගෙවන්නම් ඔබ ළඟ සතුටින්ම
දුක් ගින්දරක් දෙන්නෙම නෑ කිසි දාක
ඇයි ඔබ ගියේ තනිකර මා දුර ඈත

නොබලම ඔයා යනවද තනිකර මාව
ඔබ එනතුරා මග ඉන්නම් හැමදාම
හති වැටෙනවා මම දන්නවා අද හෙටම
මග නවතින්න මම එන්නම් ඔබ ගන්න


28 comments:

  1. හති වටෙනකම්ම බලන් ඉන්න එපා, ඊට කලින් ගිහින් අරගන්න

    ReplyDelete
    Replies
    1. හති වැටෙනකල්ම ඉඳලා ගන්නවා ඉවාන් අයියේ..

      Delete
  2. කොච්චර කාලයක් උනත් බලන් ඉන්න පුළුවන්ද?

    ReplyDelete
  3. පවනේ...... ගෙහින් එක්කන් එන්න...... පින්සිද්ද වෙනවා......උමා.....නැත්නම් පාරේ ඉදියි......?

    ReplyDelete
    Replies
    1. කමක් නෑ නිහින්සෝ මම පාඩුවේ ඒ වෙලාවේ බ්ලොග් ලියනවා..
      පාරේ නවතියිනේ..
      එදාට ගිහින් අරං එනවා..

      Delete

  4. සඳ තිබුනත් අමාවකට පෙම් බඳිමී
    තරු තිබුනත් තනි තරුවක් වී ඉඳිමී
    හිරු තිබුනත් ඝන අඳුරට මුවාවෙමි
    මතකය සමග තනිකම හා රැඳෙන්නෙමි

    ඔබ දුන් ගින්න තාමත් හද කකියනවා
    මතකය සමග හිත යලි යලිත් පෑරෙනවා
    මතකය අතැර මා යන්නට සැරසෙනවා
    ඔබ යලි ඇවිත් මා හට ඇරයුම් දෙනවා

    කිව්වට නොකිව්වට මා සිත හැමදාම
    වෙන්වූ පටන් තාමත් නැත සතුට ළඟ
    කොච්චර රණ්ඩු වූවත් අප එදා සිට
    සිත තව සොයන්නේ කොහිදැයි ඔබේ පෙම

    තාමත් ඔබ ඉන්නේ මා ගැන සිතමින්නම්
    මා යලි එනතුරා ඔබ දැන් වෙහෙසේ නම්
    දුක් යලි නොදී සිත සතුටින් තියනවනම්
    මා මග රැඳෙමි ඔබ මා යලි ගන්නවනම්


    කවියේ තාලය ලස්සන නිසාම පිළිතුරු කවියක් ලියන්න හිතුන.. :)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි හංසි....දාන්න ඔයාගේ බ්ලොගේ පොස්ට් එකක් මේ දැන්මම....

      Delete
    2. මුල් කවිය නැතිව පිළිතුරු කවිය විතරක් නිකං දාද්දි කවිය පාලුයි වගේ.මේ කවිය මෙතනම තිබුනාවේ මං වෙලාවක හොඳ කවියක් ලියල දාන්නම්කො

      Delete
    3. අනිවා අනිවා ඒකත් හොඳ අදහස තමා

      Delete
  5. මේ අහපං. නිරෝගීව ජීවත් වීමට සාමාන්‍ය පුද්ගලයෙකුට පැය අටක නින්දක් අවශ්‍යවේ. මෝඩයා නොවී ගිහින් නිදා ගනින්. හැබැයි සිසිර තරණ නින්ද නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හරි dude අයියේ නිදා ගත්තා දවල් දවසම...
      හැබැයි කන්න බැරි උනා...
      රෑට දෙන්න ඕන ඒකටත් එක්ක කෑම වේලක්

      Delete
  6. එනකල් බලාඉන්න බොලාටද නොබලා යන එයාටද හති වැටෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම බලං ඉන්නවා විතරයිනේ අයියේ...
      මට හති නෑ...
      යන කෙනාට තමා හති වැටෙන්නේ...

      Delete
  7. කවියක් සී පදයක් හරි ලියලා දුක තුනී කරගන්න එකම මදැයි....අද කාලෙ උන් කඩු කිණිසි පිහි බෝම්බ වලින්නෙ දුක නැති කරගන්නෙ...ප්‍රේමයේ විප්‍රයෝගයත් රසයක් බං....

    ReplyDelete
    Replies
    1. අයියෝ සිරා අයියේ...නිකන් ලියපු එකක් විතරයි එහෙම හේතුවක් ඇතුව ලිවුවා නෙවෙයි..

      Delete
    2. අනේ පලයං බොරු නොකියා...හැම එකාම ඔහොම තමයි කිව්වෙ....

      Delete
    3. අනේ නෑ අයියේ මම තාම පොඩි එකානේ..

      Delete
  8. ගිය උන් ආයේ ආවත් යනවා මලේ..
    ගිහින් එක්කන් ආවා වගේම ආයි ගෙනිහින් දාන්න වෙයි පරෙස්සමින්

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා එකත් ඒක අතකින් නැද්ද....?

      Delete

  9. ගැටලුවකි විසදුමක් නැති
    ප්‍රශ්නයකි පිලිතුරක් නැති
    සමීකරණයකි විචල්‍යක් නැති
    හර බැර ගිනුමකි තුලිත නැති
    සූත්‍රයකි කිසිදු පදයක් නැති
    සිතුවමකි අරුතක් නැති
    එහෙත් අවසානයේ දුකක් ඇති

    ReplyDelete
    Replies
    1. ෂා මරුනේ....
      අන්තිම එක ඇත්ත වෙන්න ඇති නේද......?

      Delete
  10. නිකන් කියන්නන්වාලේ නෙවෙයි මේ කියන්නෙ. කාලය කියන්නෙ ප්‍රශ්න විසඳගන්න තියෙන් හොඳම බෙහෙත. කාලයට ඉඩ දුන්නම ඕනිම ප්‍රශ්නයක් අපි කැමතිම විදියට විසඳලා දෙනවා.

    මේ මගේ මුල්ම විසිට් එක. අර කැමරාව එබි එබී බලනකොට කමෙන්ට් එක ලියන්නත් මොකද්ද වගේ. හෙක්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ කමෙන්ට් එකටමුල්ම එක උනාට අන්තිම එක වෙන්නේ නැත්නම් තමා වටින්නේ නේද......?

      Delete
  11. පල පල ගිහිං කුදලං වර... ඔච්චඑ මක්කටද බලං ඉන්නෙ...
    අපූරුයි කවිය ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ බෑ..යන එකා ගියදෙන් එනවනම් එද්දෙන්..නැත්නම් හිටපුදෙන්...

      Delete
  12. නොනිදා ඉන්න එපා දේවී :D :D

    ReplyDelete
    Replies
    1. හ්ම්.....(ඒත් කෝ දේවීයක්........? )

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps