Wednesday, November 26, 2014

මේ මගේ හැටි



ඔවු මම ජීවත් වෙනවා.
සතුටින් ඉන්නවා.
මොකා මොන දේ කලත්.
කිවුවත්.

Tuesday, November 25, 2014

Come Back



ගම දාලා දුරක ගියේ පොෂ් වෙන්න හිතලාලු
උඹ ආයේ එන දාට පතිවතත් ළඟ නෑලු
උඹ ගැනයි මගේ ගැනයි කවුරුවත් දන්නෑලු
ගෙදර එනවද ආයේ උඹයි මගේ පොඩි යාළු..


උඹ වෙනස් වෙන තරම දැනුනා ටික කලක සිට
හිතට දුක දැන දැනම උඹ නොමග යන වගට
උඹ ගැනයි හැමදාම හිත හිතා දුක නෙතට
අනේ උඹ ගෙදර වර උඹ ගැනම දුකයි මට 

Saturday, November 22, 2014

මගේ හසරැල්ල



නිදි නොමැති නෙත් සඟල
විඳවනා විඳවිල්ල.

සතුට නැති සිතිවිල්ල 
නුඹ ලඟම දැවටිල්ල.

ලේ නොමැති මුහුණ වියලිලා 
මෙනි ඉපනැල්ල.

ගුටි නොකා ලඟට වර 
නුඹයි මගේ හසරැල්ල.


Monday, November 10, 2014

යන්න අවසරයි.....



සමා වෙන්න කියන්නම් බ්ලොග් ලියන මගේ දැකපු නොදැකපු හැම යාලුවෙක්ටම..
ගොඩාක් ආසාවෙන් එකතු උනේ බ්ලොග් ලියන්න..
පුළුවන් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලිවුවා යාලුවන්ගේ ඒවා කියෙවුවා..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps