Monday, November 10, 2014

යන්න අවසරයි.....



සමා වෙන්න කියන්නම් බ්ලොග් ලියන මගේ දැකපු නොදැකපු හැම යාලුවෙක්ටම..
ගොඩාක් ආසාවෙන් එකතු උනේ බ්ලොග් ලියන්න..
පුළුවන් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලිවුවා යාලුවන්ගේ ඒවා කියෙවුවා..

තරහා කාරයෝ කවුරුත් හිටියේ නෑ මට..
හැමෝටම ගොඩාක් ආදරෙයි..
ආසාවෙන් හිටියා එකම එක බ්ලොග් මීටිං එකකට හරි සෙට් වෙලා ලොකු සතුටක් විඳින්න..
අපරාදේ බ්ලොග් ලියන්න පටන් ගත්තේ..
දැන් එහෙම හිතෙනවා..
අපි පන දාගෙන ඇහැරගෙන රැයක් දවාලක් නැතුව ඇහැරගෙන ලියන ඒවා එක එකා අපේ නමක් ගමක් නැතුව තමන්ගේ නමින් කියවද්දී,ලියද්දි ගොඩාක් දුකයි හිතට..
ඒවා බලලා ඒවගේ තියෙන කමෙන්ට් කියවලා පුංචි හරි සතුටක් විඳිනවා..
උන් ඒවා තමන්ගේ විදිහට ලියලා දාලා.නැත්නම් Copy,Paste කරලා හරි දාලා කමෙන්ට් එකට තෑන්ක්ස් කියද්දී දැනෙන දුක දන්නේ තමන්ට එහෙම දෙයක් උන කෙනෙක්ව විතරයි..
අද ඉඳන් බ්ලොග් නොලියා ඉන්න තීරණය කළා..ඒත් යාලුවන්ව අමතක කරන්නේ නෑ..

අටමා අයියා ,
චන්දන අයියා.
ප්‍රසන්න අයියා,
දේශකයා අයියා.
මාතලන් අයියා.
සිරා අයියා,
මාරයා අයියා,
ෂැගියා අයියා,
ඉවාන් පවුලූෂා අයියා,
නිහින්සා අක්කියා,
කුරුටු ගෑ ගී පවුර ලියන හැමෝම.
සෑම් අයියා,
රත්ගමයා අයියා,
විචාරක අයියා,
වර්ෂා අක්කියා
අයිලාෂ් අයියා,
සිරා අයියා,
හෙන්රි අයියා,
හැකා අයියා.
නලින් අයියා,
ශම්මි අක්කි,
රෙහානි අක්කි,
කෝරලේ මහත්තයා,
දිනේෂ් අයියා,
බ්ලැක් පූමා
ෂැගියා අයියා,
ප්‍රියා අයියා,
තුෂානි අක්කි,
චාන්දී අක්කි,
වැව් ඉස්මත්ත ලියන අයියා,
ඉන්දික උපශාන්ත අයියා,
ඇලෙක්සැන්ඩර් අයියා,
වෙනී අයියා,
යසිත් අයියා,
ලොකු ජෝන් අයියා,
සුදීක අයියා.
හිරු අක්කියා.


නම ගම නොකියපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඔයාලා හැමෝම මට ගොඩාක් සතුට ගෙනාවා.
ඔයාලගේ පොස්ට් කියවන්න ආස නිසයි ලින්ක් save කරගෙන හැමදාම නැතත් පුළුවන් වෙලාවට ආවේ.
කවුරු හරි ලියන්න කෙනෙක් ඉන්නවනම් නම,ලින්ක් එක වෙනස් කරගෙන මේක ලියන්න..කමෙන්ට් එකක් දාන්න නැත්නම් dasunuma677@gmail.com ඕකට මේල් එකක් දාන්න..
හැමෝටම ගොඩාක් පිං....

(((...වැඳලා ඉල්ලන්නම් අනේ කවුරුත් අනුන්ගේ ඒවා උස්සන්න එපා..පවු..කලකිරෙනවා එහෙම උනාම.
ලියන්න දෙයක් එන්නේ නැත්නම් උස්සන්න ඇත්ත අයිතිකාරයාට පොඩ්ඩක් දැනුම් දීලා එයා කැමතියි නම්...)))


නොලියා ඉන්න තීරණය කළා ගොඩාක් දුකෙන්...
කියවනවා හැමෝගෙම ඒවා..

බුදු සරණයි බ්ලොග් යාලුවනේ හැමෝටම..



44 comments:

  1. මේ කරපු දේ අනුමත කරන්න බෑ මචං. තව එකපාරක් නෙවෙයි, සියපාරක් හිතන්න කියල ආදරයෙන් ඉල්ලනවා. මේ වගේ අවස්ථාවක හැසිරිය යුත්තේ මෙසේ නෙවෙයි. මේක උන්ට තව උඩගෙඩි දීමක්. උඹ උඹෙන් පළිගන්නවා වගේ වැඩක්. මෙහෙම දෙයක් පහුගිය දවස්වල විචාරකට උන වෙලාවෙ ඔහු ඒක ගානට ඇලන්ස් කලා. එහෙමයි වෙන්න ඕනි. තාමත් උඹ පරක්කු නෑ. මං කියන්නෙ මේක කරන්න එපා. අපරාධයක්. ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. මම ගොඩාක් ආසාවෙන් මනෝශ් අයියේ බ්ලොග් ලියන්නේ....එපා වෙන්නේ නැද්ද එහෙම උණාම අයියේ......?තිත්ත වෙනවා...

      Delete
  2. අයියෝ ඕවා සත පහකට ගනන් ගන්න එපා මලේ.. ඕක තමයි බ්ලොග් නවත්තන්න කරන අළුත්ම සෙල්ලම.. පොන්නයන්ට බයේ දමලා ගහලා යන උන් නම් පිරිමි නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මම ඕකත් කල්පනා කළා අයියේ...මම හිතුවේ අටමා අයියා ඕක කියයි කියලා..
      බ්ලොග් කියවද්දී ලියද්දි හැම දේම අමතක වෙනවා..
      කිසිම දුකක් නැති වෙනවා..
      දුක හිතෙනවා මෙහෙම ඒවා උණාම නේද අයියේ...?

      Delete
  3. විකාර.. බොළද ළමයි...

    ReplyDelete
  4. ගණන් ගන්න එපා මල්ලි. ලියන ඒව ඉස්සුවට හැකියාව හොරකම් කරන්න බෑනෙ කාටවත්. පුළුවන් වෙලාවට ලියන්න. බොරුවට, හොරකමට ආයුෂ අඩුයි. කොහෙන් හරි කවද හරි එලි වෙනවා. ඉතින් ඕව දිහා බලල හිනාවෙලා ඉන්න එකයි තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් හිනා ගියා එක තැනක ඔයා දාලා තියෙන කමෙන්ට් එකකට එයා දීල තියෙන උත්තරේ දැක්කම,,,

      Delete
  5. ඔබ වගේම මමත් ලිපි හොරකම් කිරීමේ අමිහිරි අත්දැකීමට අනේක වාරයක් මුහුණදී තිබෙනවා. මම දැන් සෑහෙන්න හිත හදාගෙන තියෙන්නේ. මේ වගේ දේවලින් කලකිරී ලිවීම නවත්තන්න එපා. හිතට ධෛර්යය ගන්න. ලිපි කොපිකලාම ඔබේ අඩවියෙන්ම අපිව දැනුවත් කරන්න. එවිට ඒ වගේ පුස්සන්ගේ අඩවි වලට නොගිහින් ඉන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටියකු වශයෙන් මම කියන්නේ ඔබට ඉතා දිගු ගමනකට විවෘතවී ඇති මාර්ගයක් තිබියදී නවතින්න එපා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි විචාරක අයියේ.....

      Delete
  6. පික්ෂුද සනා...
    දෙයක් කියන්නං අහපං මචං...
    හොරු ඉන්නව නේද ඇයි උං රත්තරම හොරකං කරන්නෙ වටින හන්ද නේද... තිරුවාණ හොරකං කරන්නෙ නෑනෙ.. උඹේ පොස්ට් වටිනව ඒකයි උස්ස උස්ස දාන්නෙ ගණං ගන්නෙපා මලෙල් ඕව...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ..මාතලන් අයියා,කකා අයියා,අටමා අයියා,චන්දන අයියා,කෝරලේ මහත්තයා,රෙහානි අක්කා,මෙකී නොකී කී දෙන්නම් ඉන්නවද බ්ලොග් ලෝකේ වැඩ කාරයෝ..
      එයාලත් එක්ක බලද්දී අපි තාමත් මුලමයි..

      Delete
  7. උමා..... මට මේක එක පාරක් උනා..... මාව වැඩිපුර නොදන්නා කාලේ..... ඉස්සුව තැන නැතත් ..... මගේ නම දාල තිබුන අනුදැනුමකින් තොරවම..... ඒ කියන්නේ මගේ super name එක..... ඒ... ඇයිද මන්ද......

    මේක මතක තියා ගන්න...... අපට ගහන්න පුළුවන්.......ඔළුවට ගහන්න බැ......අපිව නැති කරන්නත් බැ.....

    ඔයා ඔයාගේ ගමන යන්න උමා.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිහින්සා අක්කියෝ....

      Delete
  8. උමා මේ වාගේ දේවල් ගන්න ගන්න එපා. මේ දේ අපි හැමෝටම සිද්ධවෙලා තියෙනවා. ඒකෙන් තවත් ශක්තිමත් වෙනවා ඇර කරන්න දෙයක් නෑ. මේ තීරණය වෙනස් කරගන්න කියාලා ආදරෙන්ම ඉල්ලා හිටිනවා. ඉඳලා හිටලා වචනයක් ලීවත් ඒක වටිනවා අපි හැමෝටම. අපි වැඩිහිටියො විදිහට ජීවිතේ අනන්තවත් වෙවැනි සිද්ධි වලට මුහුණ දීලා තියෙනවා. අපි ඒවායින් තව තව ශක්තිමත් උනා මිසක ආපස්සට පසු බැස්සේ නෑ. ඒ නිසා මේ පුංචි අවවාදෙන් ඔබටත් සුබ පතනවා සෙනෙහසින්ම තව දිගු කාලයක් මේ අවකාශයේ රැදෙන්නට. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චාන්දී අක්කියෝ......

      Delete
  9. මල්ලි, ලියන දෙයක් කවුරුහරි උස්සන්නෙ ඒ දේ වැදගත්, වටින දෙයක් නිසා. උඹේ පෝස්ට් එකක් ඉස්සුවට උඹේ හිතේ තියෙන හැකියාව උස්සන්න කාටවත් බෑ. ඒ හින්ද ‍ඔය වගේ දේකින් අධෛර්‍යය වෙලා මේක ලියන එක කියෝන අපිට කරන අසාධාරණයක්.
    ඒ හින්ද ලියන එක නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න. කවුරුහරි උස්සල දාල තියෙනවනං ඒ ‍පෝස්ට් වල ලිංක් මෙතනම දාන්න. එතකොට මේක කියෝන අය උං ගැන දැනගනී.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කාලකන්නියාව හැමෝම දැන ගන්නවානේ..සමහර විට ඒ යකාත් කියවනවා ඇති කමෙන්ට් එකක් නොදා යන්නේ ලජ්ජාවට වෙන්න ඇති..
      සතුටුයි ඇත්තටම එහෙම උනත්...දුකයි තමන්ගේ විදිහට දාද්දි ඒවා..
      තව කෙනෙක් ඒක ගැන නොදන්නා තේරුම් ගන්න අමාරු දෙයක් ගැන විග්‍රහයක් කලාම ඒ යකා වැටෙන අමාරුව දැක්කම ඒකෙ තේරුම කියලා දෙන්න හිතෙනවා..නේද?

      Delete
    2. ඉතිං බං උඹ ලියපු එකක් තව කව්රුහරි අරගෙන තියෙනවා නං ඒකට මොකද?? හොදයි නේ. දවසක අභියෝග කරහං එතකං ලියහං

      Delete
    3. දේශකයා අයියේ ඔයා කියන කතාවත් ඇත්ත....

      Delete
  10. කවුරුහරි හොරකම් කරන්නේ ඒවාට වටිනාකමක් තියන නිසා එහෙම උනා කියල තමන්ගේ ලියවිල්ල නවත්ත්වන එන නෙමේනේද විසඳුම.මෙහෙම කලොත් නරකද ඔය හොරකන් කල අය ඒවා දාපු වෙලාවට ඒක තමන්ගේ පෝස්ට් එකක් නම් එතන තමන්ගේ ලින්ක් එක කමෙන්ටුවක් විදිහට දාන්න අනෙක් හැමෝටම පෙනෙන විදිහට.... කවුරු උනත් හොරකම්කරපු කෙනාගේ හිත දන්නවනෙ තමන් කලේ වැරද්දක් කියල ... ලියන එක නවත්වන එක නම් අපරාදයක් ...

    ReplyDelete
    Replies
    1. ඒක එයාට හරි නෑනේ අක්කියෝ...එයාගේ තැන කියලා ආවා....මගේ තැන එයාව චාටර් කරන එක හරි නෑ නේද?

      Delete
  11. මේ ඉසව්වට ඉස්සෙල්ලාම ආවෙ අද..
    හැබැයි එනකොටම අසුබ ආරංචියක්..

    ලියන එක නවත්තන එකනං අනුමත කරන්න බෑ..ඔය වගේ දේවල් අනන්තවත් මේ සයිබරය ඇතුලෙ වෙනවා.

    ReplyDelete
    Replies
    1. එපා වෙනවා අයියේ එහෙම උනාම අප්පා....

      Delete
  12. අයියෝ මෝඩ කොල්ලා....මේක නෙමෙයිනෙ බං කරන්න ඕනෙ...තමන් ලියපු දෙයක් වෙන එකෙක් උස්සන්නෙ ඒ ලියවිල්ලෙ වටිනාකමක් තියෙන නිසානෙ...ඒ ගැන හිතලා සතුටු වෙන එක මම නම් කරන්නෙ. මගේ ලිපිත් ඕනෑ හැටියට උස්සලා තියෙනවා. සමහර තැන් වල ලින්කුව දානවා...සමහර වෙලාවට ඒක නෑ...එවැනි විටෙක මම ඒ අඩවිය කරන අයට ඒ ගැන දන්වනවා...සමහරු පිළිපදිනවා සමහරු නෑ. මේ පිස්සු තීරණේ අයින් කරලා මේක ආයෙමත් ලියහං...මට මතක් වෙන්නෙ උඹව විහාරමහා දේවි උද්‍යානයෙදි හමු වූ දවස....උඹට ජය මලයො...මේ තීරණය ක්‍රියාත්මක කරන්න එපා....

    ReplyDelete
  13. උඹට පිස්සුද බං? අර ප්‍රසන්නයා කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නේ. හොඳ බඩු වලටයි ව්‍යාජ ඒවා හදන්නේ. බාල බඩු කොපි කරන්න උත්සාහ කරන්නේ නෑ කවුරුවත්.

    හිත රිදෙන බව ඇත්ත. නමුත් මේක බ්ලොග් ලිවිල්ල අතාරින්න කාරණාවක් නෙවෙයි. ඔයිට වඩා අභියෝග අපිට එනවා බං සැබෑ ජීවිතෙත්. එතකොට මොකද කරන්නේ? බ්ලොග් එක වගේ අතෑරලා දාලා යනවද?

    ReplyDelete
    Replies
    1. මාර යාළුවො ටිකක් අප්පා බ්ලොග් ලියන උන් සමහරු නම්..
      ඔයාලා හැමෝම ඒ අය...
      ස්තූතියි අයියේ ඔයාලා හැමෝටම

      Delete
  14. පිස්සු කෙලින්න එපා බං...ආය ලියපං...
    අර ටිවි එක බලාගෙන ඉන්නවා

    ReplyDelete
  15. උඹට පිස්සුද බං.. මේවයේ ලියන ඒවා උස්සන එක සාමාන්‍ය දෙයක්.. එහෙමයි කියලා ලියන එක නවත්තලා යන එක නෙමෙයි කරන්න ඕන දේ.. පිස්සු නැතුව ලියපිය..

    ReplyDelete
    Replies
    1. අයියෝ එපා වෙනවානේ අයියේ එහෙම උනාම....

      Delete
  16. යකෝ පිස්සුද බං? කොපි කොරාට සැලෙන්නෙපා. දැන් බලහන් මගේ එකක් කොපි කරල පත්තරෙත් දැම්ම. හැමෝගෙම සහයෝගෙන් ගේමක් ඉල්ලුව මිසක් සැලුනද, නෑ!

    මචෝ මරාගෙන මැරෙන්නෙ නැතුව එල්ලිල මැරෙන එකාට කවුරුත් අගය කරෙන්නෙ නෑ, නිග්‍රහයි කරන්නෙ. ඒ නිසා ගේමක් ඉල්ලුවොත් ගේමක් මිසක් පුක දෙන්න යන්න එපා.

    උඹගෙ ලිපි හොරකං කරා කියන්නෙ ඒව වටිනව කියන එකයි. ඒ නිසා සතුටුවෙයන්!!

    ReplyDelete
    Replies
    1. පත්තරේ දැම්මා............?ඌට හෙනම ගහන්න එපැයි යකෝ....

      Delete
  17. දැන් බලපන් මම ලියන ඒවා..කිසි එකෙක් හොරකම් කරනවාද.. නැහැනේ. ඇයි ඒ? ඒවා කිසි වටිනාකමක් නැති නිසා. තමන් වටින මිනිහෙක් කියලා හිතපන්.

    ReplyDelete
    Replies
    1. උස්සනවා ඇති අයියේ....ඔයා දන්නේ නැතුව ඇති...මටත් අහම්බෙන් අහු උනේ....

      Delete
  18. මෙන්න මේකා බය වෙලා... ඒක නිකන් හොරෙක් ගෙට පැන්නම උඹම තියාගනින් කියලා ගේ අතෑරලා යනව වගේ වැඩක්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා යසිත් අයියේ.........

      Delete
    2. මේ යසිත් මෝඩයා ඉදලා හිටලා මොලේ ඇති කතාවක් කියනවා නොවැ..!!

      කොහොම වෙතත් මල්ලියා මටත් කියන්න තියෙන්නෙ ලියන්න දක්ෂකමක් තියෙන සහ ලියලා වැඩක් කරන්න පුලුවන් මිනිස්සු මේ අවකාශයෙ ඉන්න ඕන කියන එක තමා.ඉගෙනගන්න වැඩවලට බාධාවක් කරනොගෙන ලියන්න පුලුවන් නම් ඉතින් ලියමු..!! මේවා ප්‍රශ්න කරගන්න එපා!

      Delete
    3. අනිවා ආයෙත් ලියනවා අක්කේ......

      Delete
  19. උමා.........................

    මේ දේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි... ඒත් ඔබ කියන කතාව අැත්ත.. ඒ දුක දැනෙන්නේ තමන්ට තමයි... ඒක ඒ තරම්ම වේදනාවක් කියන ඒක අැත්ත... මොකද අපි නිර්මාණයක් බ්ලොගයට දාන්නේ මහන්සිවෙලා නිසා....

    ඒත් උමා...... මේ නිසා බ්ලොග් ලියන ඒක අතහරින්න ඒපා. අපි ඒ මිනිස්සුන් පන්නමු... අපි යන ඒක නෙමෙයි කරන්න අවශ්‍ය.... ඒ් විදිහට උස්සපු ලිපි වල ලින්ක් දාන්න.. ඒ්වා විරුද්ධ වෙමු..... ඒත් මේක අතහරින්න ඒපා.. උන්ට අවශ්‍යත් ඒකම තමයි...... ඒ නිසා අපි ඊට විරුද්ධව ඉමු.... කීයටවත් ලියන ඒක නවත්තන්න ඒපා..... මෙහෙම හැරිලා ගිහිල්ලා බෑ මලයා............. අපි ඉන්නවානේ................. අපි අපිට ම ශක්තියක් වෙමු...........

    ReplyDelete
    Replies
    1. හ්ම්.........අනිවා ඇත්ත කතාව...ලියනවාමයි අයෙත් හෙට ඉඳං.............

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps