Saturday, November 22, 2014

මගේ හසරැල්ල



නිදි නොමැති නෙත් සඟල
විඳවනා විඳවිල්ල.

සතුට නැති සිතිවිල්ල 
නුඹ ලඟම දැවටිල්ල.

ලේ නොමැති මුහුණ වියලිලා 
මෙනි ඉපනැල්ල.

ගුටි නොකා ලඟට වර 
නුඹයි මගේ හසරැල්ල.


28 comments:

  1. කෙටි වුණත් ලස්සනයි.. හසරැල්ල නම් කොහොම හරි ලඟින් තියා ගන්න වටින එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ආහ් අල්ල ගන්න තමයි හිටියේ....මොකෝ මාව අන්ෆ්රෙන්ඩ් කලේ ෆේස් බුක් එකේ..........?

      Delete
    2. ඔයා ඒ තරමට හොද වැඩි ඇති......

      Delete
    3. හුටා..... එහෙම එකක් වෙලා ද. මං ඔය ෆේස් බුක් කේස් වැඩිය දන්නෙ නෑ මල්ලි. බුකිය අත් හරින්න හිතල පේජ් එක ඩිලීට් කලා. පස්සෙ ආයෙ ලොග් වෙලා ඒක කැන්සල් කලා. අනිත් අයටත් එහෙම වෙලා ද දන්නෙ නෑ. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එක එහෙම්මම තිබුණ වගෙ නම් මතකයි. රොම්බ සොරි ය. :(

      Delete
    4. නිහින්සා අක්කියෝ මම හිතන විදිහටනම් මම හොඳ නෑ........

      Delete
    5. එහෙමද? මම හිතුවේ මාව අයින් කරලා කියලා...

      Delete
  2. ඇස් බැඳුම් සැම විටම තාවකාලිකයි....... දරුවා......
    නිසදැස ලස්සනයි....

    ReplyDelete
  3. උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑ එලිවෙනකන්ම මමත් හොයන්නේ ඔය හසරැල්ල තමයි.ඊයේට වඩා අද කොච්චර හිනා වෙලා ඉන්න පුලුවන්ද .ඊයේට වඩා අද කොච්චර හිනාවෙන් පිරුණු මූණු දකින්න පුළුවන් වෙයිද.එහෙම දකින්න පුලුවන්නම් එහෙම හිනාවෙලා ඉන්න පුලුවන්නම් දවස සාර්ථකයි :) හැබැයි ඉතිං ඔය හිනාවත් අනේ මන්ද වෙලාවකට හරිම ගණන් ලඟට වත් එන්නේ නෑ.තව වෙලාවකට ඕනෑවටත් වඩා වැඩියි.මොනවා උනත් මම නම් හසරැල්ලට අසීමිතව ආදරෙයි.ඕනෑම කෙනෙක් හිනා වෙද්දී හරිම ලස්සනයි.මූණෙන් හිනාව ලේසියෙන් දකින්න බැරි කෙනෙක් කලාතුරකින් හිනාවෙද්දි ඒ හිනාව ඊටත් වඩා ලස්සනයි ......... :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ...
      මමනම් ඉන්නේ සතුටෙන් ගොඩාක්.

      Delete
  4. සිනාසී තරවන්න. :D

    ReplyDelete
    Replies
    1. හිනා වෙද්දී තර වෙනවනම් මම මේ වෙද්දී අලියෙක වගේ ඉන්න ඕන අයියේ.....

      Delete
  5. අපොයි ඇති අඩන්නා ඇවිත් ආයිත්

    ReplyDelete
    Replies
    1. හයියෝ.....මම අඬන්නේ නෑ හරිද දේශකයා අයියේ................දැන් මම එහෙම නෑ.

      Delete
    2. අන්න හරි. බෝම හොදයි..

      Delete
    3. තැන්කූ දේශකයා අයියේ............

      Delete
  6. ආ.. හොඳයි, හොඳයි.. ඇවිත් ඉන්නෙ ආයෙමත්. හිනාව හෙමිහිට හොයාගමු.

    ReplyDelete
    Replies
    1. හෙමින් හොයලා බෑ මනොෂ් අයියේ..ඉක්මනට ඕන...

      Delete
  7. කොහොමහරි හොයාගමුකො ඈ..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්..........හොයා ගන්න ඕන සංචාරකයෝ.......

      Delete
  8. මොනා වුනත් භීශනේ එපා මලයෝ

    ReplyDelete
    Replies
    1. භීශනේ කිවුවේ අයියේ..තේරුනේ නෑනේ......

      Delete
  9. ගුටි නොකා ලියාපිය
    හසරැල්ල පැවසීය....

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා දැන් වැටෙන්නේ නෑ...

      Delete
  10. හිහ්.. හිහ්..
    ගුටි නොකා ගෙදර පල..
    හසරැල්ල මං ගාව..
    ඇහෙනවද? හිහ් හිහ්...

    ReplyDelete
    Replies
    1. ඇහුණා...... ඒක දෙන්න බැරිද?

      Delete
  11. හසරැලි බලෙන් ළඟට ගන්න බැරියෝ....:-))

    ReplyDelete
    Replies
    1. මගේ දේ මට ගන්න බැරිනම් ඒක මගේ වෙන්නේ නෑනේ නේද..?
      නුඹයි මගේ හසරැල්ල කියන එකෙන් අදහස් කලේ මගේ හසරැල්ල කියන එක..නැතුව කෙනෙක් අදහස් කරගෙනේ ලිවුවා නෙවෙයි.....

      Delete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps