Thursday, January 15, 2015

බොරු ආදරේ


(ටිකක් විතර දිග එකක් උනාට කියවන්න පුලුවන්නම් ලොකු දෙයක්..)
ඔහුට ඇයව මුලින්ම මුණ ගැසුනෙ උත්සවයකදි. 
ඇයගෙ හැසිරීම් රටා හා රූපය එතන හිටපු පිරිමි බොහෝ දෙනෙක්ගෙ සිත් ගත්තා.
ඒත් ඔහු එතන හිටපු අයගෙන් බොහොම සාමන්‍ය කෙනෙක්. 
කිසිම කෙනෙක්ගෙ අවධානය දිනා ගත්තෙ නෑ. 

සම්භාෂණය අවසානයේ ඔහු ඇයට කෝපි බීමට කථා කලා. 
ඇයට මේ ගැන පුදුම හිතුනත් ඔහුගෙ තිබුන විනීතකමට ඇයට ඒ ඉල්ලීම අහක දාන්න බැරි උනා. 
මේ දෙන්නා කෝපි බොන්න අවන්හලකට ගියා. 
ඔහු කිසිවක් කියාගන්න බැරිව කලබලාකාරී ගතියකින් හිටියෙ. 
මේ නිසා ඇය හිතුවා ඇයට ඉක්මනින්ම මෙතනින් යන්න තිබුනනම් හොඳයි කියලා. 
හදිසියේම ඔහු වේටර්ට මෙහෙම කිව්වා. “මට ලුණු ටිකක් දෙනවද මගේ කෝපි එකට දාන්න?” හිටපු හැමෝම අමුතු විදිහට ඔහු දිහා බැලුවා. ඔහුගෙ මුහුණ රතු උනා. 
ඒත් ඔහු ලුණු ටික කෝපි එකට දාලා ඒක බිව්වා.
 ඔහු කරපු දේ ගැන උනන්දුවෙන් සිටි ඈ ඔහුගෙන් මෙහෙම අහුවා. 
“ඒ කරපු දේ ඒ කාලෙ ඉඳන්ම ඔයාගෙ පුරුද්දක්ද?” “මම පොඩි කාලෙ අපි ජීවත් උනේ මුහුදක් අයිනේ. මම ගොඩක් ආසයි මුහුදෙ සෙල්ලම් කරන්න. 
මේ ලුණු රහ කෝපි එක වගේම තමයි මට ඒ මුහුදෙ තියෙන රසයත්. 
මට හැම වෙලාවකම මගේ පොඩි කාලෙ මතක් වෙනවා. 
මට මං උපන් ගම මතක් වෙනවා. මට ඒ පාලුව දැනෙනවා. 
තවමත් එහේ ජීවත් වෙන මගේ දෙමව්පියන් නැති පාලුව දැනෙනවා.” 
ඇස් වල කඳුලු පුරෝගෙන ඔහු කිව්වා. 
මේ සිද්ධියෙන් ඔහු ඇගේ සිත් ගත්තා. 
ඇය හිතුවා මේ ඔහුගෙ ඇත්තම සිතුවිලි වෙන්න ඇති කියලා. 
තමන්ගේ නිවසින් ඉවත්වී සිටීමේ දුක කියන්න පුලුවන් කෙනා තමන්ගෙ ගෙදරට ගොඩක් ආදරේ කරන, හොයලා බලන, වගකීමක් ඇති කෙනෙක් කියලා ඈ සිතුවා.
 ඒ නිසා ඇයත් ඇගේ ගෙදරින් දුරක සිටීමේ දුක, ඇගේ ළමා කාලය, පවුලෙ විස්තර ආදිය කිව්වා. මේක ගොඩක් සුන්දර කතාවක් උනා වගේම ඒ දෙන්නාගෙ ආදර කතාවේ ආරම්භයත් උනා. 
මෙහෙම කිහිප දිනක් මේ දෙන්නා හමුවී කතා කරනකොට ඇයට හිතුනා ඔහු තමයි ඇගේ උරුමක්කාරයා බව. 
ඔහුට ඉවසීම, සොයාබැලීම, අවංක බව වගේම ආදරණීය හදවතකුත් තිබුණා. 
ඔහු ගොඩක් හොඳ කෙනෙක් බව හැඟුණා. ඔහුගෙ ලුණු දාපු කෝපි එක නොවන්නට ඇයට ඔහුව මගහැරීමට ඉඩ තිබුණා නේද කියලා ඇයට හිතුණා.
 හැම ලස්සන ආදර කතාවකම වගේ මේ දෙන්නත් එකතු උනා. 
මේ දෙන්නා සතුටින් ජීවත් උනා. 
ඇය ඔහුට කෝපි හදන හැම වෙලාවකම කෝපි එකට ලුණු ටිකක් දැම්මා. 
ඇය හිතුවා ඔහු ඒකට ගොඩක් කැමතිවෙයි කියලා. අවුරුදු 40 කට පස්සේ ඔහු ජීවතුන් හැර ගියා. 
ඔහු ඇයට මෙහෙම ලියුමක් ලියලයි මිය ගොස් තිබුණෙ. 
“මගේ සොඳුරිය, මට සමාවෙන්න. මගේ ජීවිත කාලෙම බොරු කලාට සමාවෙන්න. මේක තමයි මං ඔයාට කියපු එකම බොරුව. ඒ ලුණු දාපු කෝපි එක ගැන. අපි හමු උන මුල්ම දවස ඔයාට මතකද? එදා මම හරිම නොඉවසිල්ලෙන්, අපහසුතාවෙන් හිටියේ. මට ඕනෙ උනේ සීනි ටිකක්. ඒත් මට ඒ වෙලාවෙ කියවුනේ ලුණු කියලයි. ඒක මට ඔයා ඉස්සරහ ආයේ කියන්න ලැජ්ජා හිතුනා. ඒ නිසා එහෙමම මං ලුණු දාලා බිව්වා. මං කවදාවත් හිතුවෙ නෑ ඒක අපේ ජීවිතයෙ ආරම්භය වෙයි කියලා.”
“මං ඔයාට ඇත්ත කියන්න හුඟක් උත්සහ කලා. ඒත් මට බය හිතුනා. ඒ නිසා මං හිතාගත්තා ආයෙත් ඔයාට කිසිම බොරුවක් කියන්නෙ නෑ කියලා. මේ මගේ මරණ මංචකය. ඒ නිසා ඔයාට ඇත්ත කියන්න මං පැකිලෙන්නෙ නෑ. ඇත්තටම මං ලුණු දාපු කෝපි වලට කැමතිම නෑ. ඒකෙ තියෙන්නෙ හරිම ජරා රහක්. ඒත් මට මුලු ජීවිත කාලෙම බොන්න උනේ ලුණු දාපු කෝපි. ඒත් ඔයා මට දුන්න ලුණු දාපු කෝපි මං බිව්වෙ ඔයාට තියෙන ආදරේ නිසයි.”
 “ඔයත් එක්ක හිටපු කාලෙ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලය. ආයෙත් පාරක් මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුනොත්, ඒ මුලු ජීවිත කාලෙම මට ලුණු දාපු කෝපි බොන්න උනත්, මං ඔයත් එක්ක ඉන්නවා.” 
මේ ලියුම බලලා ඇගේ ඇස් වලින් කඳුලු කඩා හැලුනා. 
කවදාහරි ඇගෙන් කවුරුන් හෝ කෙනෙක් ලුණු දාපු කෝපි මොන රහද කියලා ඇහුවොත් ඇය කියාවි
 “ඒක හරිම පැණි රහයි” 
කියලා. 
ඔන්න ඔහොම තමයි ආදරේදී.. හැමෝම කැපකිරීම් කරනවා.. 
ඒ කැපකිරීම් කරනවා කියලා ලෝකෙටම අඬබෙර ගහ ගහ කියන්න ඕන නැහැ.. 
ඒකත් කැපකිරීමක්... 

නුඹ හිතනවා ඇති වැරදි නෑ කියා මං 
හිත කියනවා ඇති ආදරේ කියා තවත් 
මුවින් කියූ ඒ චෝදනා 
හදවතින්ම නොවූ නිසා
 දුරින් ඉඳන් මේ වේදනා දෙන්නෙපා 
ඉන්න ලං වෙලා

12 comments:

  1. """""" ආදරේදී.. හැමෝම කැපකිරීම් කරනවා..
    ඒ කැපකිරීම් කරනවා කියලා ලෝකෙටම අඬබෙර ගහ ගහ කියන්න ඕන නැහැ..
    ඒකත් කැපකිරීමක්... """""
    ඒ කැපකිරීම හැම කෙනෙක්ම කල යුතු දෙයක් සාර්ථක ජිවිතයක් ගෙනියන්න ඕනේ නම්. .

    ReplyDelete
  2. හිතට තදින්ම දැනුනා..
    මේ කතාවට අදාල නොවුනත් මටත් මේ හා සමානම සිදු වීමක් උනා..
    ඒ ලෙවල් කරන කාලෙ හිටපු මගේ හොඳම යාලුවෙක්ගේ ගෙදර පළවෙනි වතාවට ගිය දවසේ තේ බොන්න කලින් පැනිරස කෑමක් හම්බ උන නිසා මං යාලුවට කිව්වා අම්මට කියන්න කියලා මට සීනි නොදා තේ හදන්න කියලා.. ඇන්ටි තේ එක හදන් ඇවිත් මගෙන් ඇහුවා ඇයි පුතා සීනි දාල තේ බොන්නෙ නැත්ද කියල එවලේ ලේසියට මන් කියුවා නෑ ඇන්ටි මං සීනි දාල බොන්න කැමති නෑ කියල.. එදා ඉඳන් දැන් අවුරුදු විස්සකටත් වැඩියි මට තවම ඒ ගෙදරින් තේ දෙනකොට සීනි දාන්නේ නෑ.. මං බැඳල මුලින්ම වයිෆ් එක්ක එහෙ ගිය දවසේ ඇන්ටි වයිෆ්ටත් ඇහෙන්න කියුවා පුතානම් සීනි දාල බොන්නෙ නෑනෙ කියල.. හැක් හැක්.. ඒ මනුස්සය හරි භක්තියෙන් මට වෙනම සීනි නැතුව තේ එකක් හදන නිසා මට අදටත් කියන්න හිතෙන්නෙ නෑ එදා මං කියුවේ බොරුවක් කියලා..

    මට ඒ සිදුවීම මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කල්‍යාන මිත්‍ර අයියා බැඳලා...........
      අන්න ඒකයි අන්තිම නිගමනය

      Delete
    2. හෙට අනිද්ද දීග දෙන වයසෙ දුවෙකුත් ඉන්නව දැන්.. හැක් හැක්..

      Delete
  3. මට මතකයි මම මේ කතාව කොහෙන් හරි කියෙව්ව...
    ඒත් ඒකෙ තියන රසය ඒකෙන් ගන්න තියෙන දේ ගැන නං ඉතිං කියල වැඩක් නැ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. කෝපි, සහ ලුණු කියන්නේ බලු බැල්මටම නොගැලපෙන දෙකක්, එත් ආදරයක් වෙනුවෙන් ඒ දෙක එකතුවෙලා, ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා කියන්න ඒකම උදාහරණයක්

    ReplyDelete
  5. හරි ලස්සන කතාවක් උමා .

    ReplyDelete
  6. හරිම ලස්සනයි මල්ලි...මේ කථාව මාව සංවේදී කලා...ඒ මමත් දැන් ලස්සන ආදරයක රහ විදිමින් ඉන්න නිසා වෙන්න ඇති...

    ReplyDelete
  7. අහල තිබුනේ නැති ලස්සන කතාවක්. ඇයි මල්ලි මේකට බොරු ආදරේ කියලා දැම්මේ?

    ReplyDelete
  8. ගොඩක් ලස්සන කතාවක්... ජය

    ReplyDelete
  9. ලස්සන කථාවක් ....මාර විදියට දැනෙනව....!!!

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps