Wednesday, July 15, 2015

කාලෙකට පස්සේ



කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් ලියන්න ,කියවන්න හිතුවා.
මගේ බෑන්ඩ් එකේ වැඩ සංගීත වැඩත් එක්ක පොඩ්ඩක් මේ පැත්තට එන්න බැරි උණා.
පොඩ්ඩක් කිවුවට මාස ගානකින්ම බැරි උණා.
ලියද්දීම කියන්න පුංචි දෙයක් තියෙනවා.
අම්මා එක පාරටම කිවුවා හෙට නුවර යන්න තියෙනවා උදෙන්ම ලැස්ති වෙන්න කියලා..
කාලෙකින් රස්තේ පාරක් ගහන්නත් බැරි උන නිසා මමත් උඩින්ම කැමති උණා.
ඔන්න ඉතින් උදෙන්ම ලැස්ති වෙලා ගියා අම්මත් එක්ක..
මහනුවර The Grand Kandian Hotel එකට තමා ගියේ.
මෙන්න යකෝ බලද්දී සුපර් ස්ටාර් වලට ඇවිත් තියෙන්නේ..
මම දාන්න කියද්දීත් බෑ කිවුවම අම්මා හොරෙන්ම දාලා.
කල්පනා කරලා කියන්න සිංදුවකුත් හොයාගෙන ගිහින් මූණ දුන්නා ඉතින්..
අම්මට උඩු තේරුනා කියපල්ලකෝ..






ආයෙත් තියෙන දවසක් දන්නේ නම් නෑ..
දැන් ඉතින් ඊළඟට කියන්න සින්දුවක් කල්පනා කරනවා..
අද ඉඳං වත් එක දිගටම ලියන්න හිතනවා..
අනේ මට ඊළඟ වටේදී කියන්න සින්දුවක් මතක කරපල්ලකෝ අයියලායි, අක්කලයි,නංගිලයි,මල්ලිලයි

~උමා~

19 comments:

  1. එළ මචෝ. ඊළග එකටත් ලෙසටම ෆේස් කොරාපං. අපිටත් බැරියැ බොග් කටුවක එල්ලල පොඩි සප් එකක් දෙන්ට නේහ්.
    ඒත් ඉතිං ඔය සරිගම කන වැඩ අපිට බෑ නෙව. ඒ හංද ඉතිං මලයම ඔය හොද සිංදුවක් කියල එංට.
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියන්ඩියේ....
      SMS වටයක් වෙනකල් එන්න තුන හිතකවත් නෑ..
      100 ට වගේ ආවනම් හොඳටම ඇති මටනම් අම්මපා...

      Delete
  2. එල ද බ්‍රා..
    උඔ දිනනවා...
    අපි ඉන්නවා පස්සෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ....
      ඒ තරම් දුරක් එන්න වෙනකල් එන්න තුන හිතකවත් නෑ..
      100 ට වගේ ආවනම් හොඳටම ඇති මටනම් අම්මපා...

      Delete
  3. ජය වේවා... කිට්ටු වෙලා සින්දු ඉල්ලපංකෝ..

    ReplyDelete
    Replies
    1. ඔන්න කිට්ටු උණා..
      දැන් කියන්ඩකෝ අප්පා

      Delete
  4. සින්දු නම් මතක් වෙන්නේ නෑ කොලුවෝ. උඹට ගැලපෙන සින්දුවක් හොයාගනිං. හරිම සතු‍ටුයි. උඹට ජය.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ....

      Delete
  5. ෂා... නියමයි... සුබ පැතුම් සුබ පැතුම්...

    ReplyDelete
  6. ජය වේවා කොල්ලො
    බොලාට දිග ගමනක් යා හැකියි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පිං අයියේ කතාවටත්...

      Delete
  7. එල එල....
    අපිත් ෆුල් සප්!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ...... උම්මා

      Delete
  8. මොකක් හරි කමක් නෑ. දිනන්න පුළුවන් සින්දුවක් කියපං. දැනට ඊළඟ වටයට යන්න ට්‍රයි කරපං. ටිකෙන් ටික ඉස්සරහට යමු. උඹට ජය

    ReplyDelete
  9. නියමයි ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනව.අනුකරණය කරන්නේ නැතිව වෙනසක් කරන්න .වෙනස සාර්ථකනම් හැමෝම දිනවාවී. එතකොට වෙනස්ම ගායෙක් බිහිවේවි. :)

    ReplyDelete
  10. ගමන සාර්තක වෙන්න සුබ පැතුම්...
    තණමල්විල යූත් එක ගැන කියලා තියෙනවා දැක්කා කමෙන්ට් එකක. මං අඳුරන සෙට් එකක් ඉන්නවා අලුත්ගොඩ.

    ReplyDelete
  11. එස් එම් එස් ගහන තැනට එනකං වැඩේ පත්තු උනොත් කියහං..එතනින් එහාට යන විදිය කියා දෙන්නම් බොට...පරණ සුපිරි තරුවකට අපි තමයි ඒ මෙහෙයුම කරලා ඒකව ජයග්‍රහණය කෙරෙව්වෙ...

    ReplyDelete
  12. උඹට ජය.................. ඔය නාඩගමට ඒකග නැති වුණත් අපේ කොල්ලෙක්නේ............... අපේ සහය උඹට

    ReplyDelete

කියන්න දෙයක් තියෙනවානම්,වටිනා කමක් දෙන්න පුලුවන්නම්.
මොනවා හරි දෙයක් කියලා යන්න..
කමෙන්ට් වලින් කියන දේ වටිනවා ගොඩාක්..

ලඟින් ඉන්න සෙට් එක

උමා

උමා
උමා Android Apps